අවස්ථා දෙකක දී බාලගිරි දෝෂයට හසුවී කල් ගිය අන්තර් පළාත් සුපිරි 4 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙසින් අභිශේක ලැබීමට උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ගාලු ක්‍රීඩකයෝ අද (10) සමත් වූහ.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගයේ දී ගාලු ක්‍රීඩකයන් වෙතින් ලකුණු 75කින් පරාජයට පත් වූයේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායමයි.
බාලගිරි දෝෂයට හසු වූ සුපිරි අවසාන තරගය
ආතක් පාතක් නැතිව කඩා වැඩෙන වර්ෂාව ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ…
තරගාවලියේ අවසාන මහා තරගය මීට ප්‍රථම මැයි මස 20 වැනිදා ද, ඊට පසුව ජුනි මස 5 වැනිදා ද පැවැත්වීමට යෝජනා වී තිබුණි. නමුත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය එම අවස්ථා දෙකේ දී ම කල් දමන ලදි.
අද තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 320ක් ලබා ගත්හ. පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 245කි. ඒ තවත් පන්දු 34ක් ඉතිරිව තිබිය දී ය.
තරගයේ වැඩිම ලකුණුලාභියා වෙමින් කැපී පෙණෙන ඉනිමක නිතර වූයේ නායක උපුල් තරංග ය. ඔහු පන්දු 122ක දී හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 124ක් ලබා ගත්තේය. තරංග මෙම තරගාවලියේ රැස් කරනු ලැබූ දෙවැනි ශතකයයි මේ. මීට ප්‍රථම ඔහු නුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 127ක් ලබා ගත්තේ ය.
රමිත රඹුක්වැල්ල සහ උපුල් තරංග ගාලු ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 50ක් විය. රඹුක්වැල්ල පළමු කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 27කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියේය.
පොඩි කුසල් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ගෙනේ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්…
අනතුරුව සධීර සමරවික්‍රම හා එක්වූ තරංග දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සබඳතාවක් ගොඩ නැගුවේය. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව විය. එම සබඳතාව නිමා කරමින් සධීර පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර හතරක් සමඟින් ලකුණු 62කට දැවී ගියේය. පළමු සහ දෙවැනි වටයේ දී ලකුණු අතර සිටි සම්මු අශාන්ට අවසාන මහ තරගය එතරම්ම වාසනාවන්ත වූයේ නැත. ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 5කි.
අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තරංග සහ දසුන් ශානක අතර සබඳතාව ලකුණු 58ක් විය. දසුන් පන්දු 33ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය. තරංග 5 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ 260ක් ලෙසිනි.
අනෙකුත් පිතිකරුවන් අතරින් චතුරංග ද සිල්වා (26) සහ භානුක රාජපක්ෂ (29*) ද ලකුණු අතරට පිවිසෙමින් ගාලු ඉනිම ගොඩ නැගූහ. සීකුගේ ප්‍රසන්න ලකුණු නොලබාම දැවී යෑමට අවාසනාවන්ත වූ අතර ඉනිම අවසන් වන විට මාලින්ද පුෂ්පකුමාර නොදැවී ලකුණු 3ක් ලබා සිටියේය. ධම්මික ප්‍රසාද්ට සහ නිශාන් පීරිස්ට පන්දුවට පහර දීමට අවස්ථාවක් නොලැබුණි.
කඩුලු ලබා ගැනීමේ දී ලක්ෂාන් සඳකැන් නැවත වතාවක් කාගේත් අවධානයට නතු වෙමින් ලකුණු 66කට කඩුලු 4ක් දවා ගත්තේය. ගාලු ඉනිම මෙල්ල කිරීමට පන්දු යවන්නන් 7 දෙනෙක් කොළඹ නායකයා යොදා ගත්ත ද, ලක්ෂාන්ට අමතරව යම් තරමකින් හෝ ජාමෙ බේරා ගත්තේ කනිෂ්ක අංජුල, ෂෙහාන් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් පමණි. ඔවුන් තිදෙනා අතර කඩුල්ල බැගින් බෙදී ගියේය.
දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් කොළඹ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙසින් ලසිත් අබේරත්න සහ ෂෙහාන් ජයසූරිය පිටියට පිවිසිය ද, ඔවුන් අතරින් සාර්ථක වූයේ ෂෙහාන් ජයසූරිය පමණි. පළමු කඩුල්ල ලකුණු 32 දී කොළඹ ක්‍රීඩකයන් වෙතින් අහිමි වෙද්දී ලසිත් අබේරත්න ලබා සිටියේ ලකුණු 2ක් පමණි.
ෂෙහාන් ජයසූරිය කොළඹ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය. අංක 3 පිතිකරු ලෙසින් පිටියට එක්වූ ගාලු පුත්‍ර කමිඳු මෙන්ඩිස් කොළඹ ලකුණු පුවරුව ඉහළ දැමීමට වැඩි දායකත්වයක් දැක්විය. ෂෙහාන් සහ කමිඳු දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 56ක් විය. කමිඳු මෙන්ඩිස් පන්දු 38කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේය.
චාමර පෙරේරා (09) සහ ලහිරු තිරිමාන්න (17) තමන්ගේ ඉනිම් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කර ගනිද්දී, ඇන්ජලෝ පෙරේරා පන්දු 47ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේය. නායක තිසර පෙරේරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26කි.
තිසර සමඟින් වනිඳු හසරංග කොළඹ ඉනිම ගොඩනැගීමට උත්සාහ කරන අයුරක් වරෙක දිස්වූව ද, ගාලු පන්දු යවන්නෝ ඊට ඉඩ තැබුවේ නැත. වනිඳු පන්දු 31කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේය. කොළඹ ඉනිම නිමා වන විට කවිශ්ක අංජුල නොදැවී ලකුණු 13ක් ලබා සිටි අතර ලක්ෂාන් සඳකැන් (05) සහ සචින්ත පීරිස් (02) අඩු ලකුණුවලට දැවී ගියහ.
පාසල් ක්‍රිකට් ආකෘතියට නව වෙනසක් සමඟින් “සීතාවක මිණිපුර සටන”
අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන “සීතාවක මිණිපුර මහා සටන…
කොළඹ ක්‍රීඩකයන්ට එරෙහිව ගාලු දඟපන්දු යවන්නෝ තරගය සියතට ගෙන කඩුලු දඩයමේ නිරත වූහ. එහි දී නිශාන් පීරිස් සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3ක් බැගින් ද, දසුන් ශානක කඩුලු 2ක් ද දවා ගත්හ. ඊට අමතරව ධම්මික ප්‍රසාද් සහ චතුරංග ද සිල්වා අතර කඩුල්ල බැගින් බෙදී ගියේය.
තරගයේ වීරයා ලෙසින් ගාලු කණ්ඩායමේ උපුල් තරංග නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා ලෙසින් කොළඹ කණ්ඩායමේ ෂෙශාන් ජයසූරිය නම් කෙරුණි.
ගාල්ල කණ්ඩායම; කඩුලු 7ක් දැවී 320 (50.0): රමිත රඹුක්වැල්ල 22, උපුල් තරංග 124, සධීර සමරවික්‍රම 62, දසුන් ශානක 31, චතුරංග ද සිල්වා 26, කමිඳු මෙන්ඩිස් 41, භානුක රාජපක්ෂ නොදැවී 29, ලක්ෂාන් සඳකැන් 4/66
කොළඹ කණ්ඩායම; සියලුම දෙනා දැවී 245 (44.2): ෂෙහාන් ජයසූරිය 51, කමිඳු මෙන්ඩිස් 41, ඇන්ජලෝ පෙරේරා 40, තිසර පෙරේරා 26, වනිඳු හසරංග 31, නිශාන් පීරිස් 3/57, දසුන් ශානක 2/24, මාලින්ද පුෂ්පකුමාර 3/31
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















