ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන සිව්වැනි දිනය අදයි (22).
අද දිනයේ ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානය වඩාත් යොමු වී තිබුණේ පිරිමි මීටර් 100X4 සහාය නිදහස් ආර පිහිනුම් ඉසව්ව වෙතයි. ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසයේ ප්‍රථම වරට ආසියානු ක්‍රීඩා උළෙලක පිහිනුම් ඉසව්වකින් අවසන් තරගයට පිවිසීමේ ඉහළ බලාපොරොත්තුවක් සමඟ මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා සහ අකලංක පීරිස් ග්ලොරා බුන්ග් කර්නෝ ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි පිහිනුම් තටාකයට පිවිසුණේ අද උදෑසනයි.
ජයග්‍රහණයේ ඉඩෝරයට චමරිගෙන් පැන් පොදක්
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන තුන් වන දිනය ශ්‍රී ලංකාවට කිසිසේත්ම….

පසුව කළ විමසීමක දී අනාවරණ වුනේ තරගය ආරම්භ කළ මැතිව් අබේසිංහ සිය අවසන් සීමාව සනිටුහන් කිරීමට තත්පරයකින් සියයෙන් හතකට පෙර දෙවන ක්‍රීඩකයා ලෙස සිටි කයිල් අබේසිංහ සිය සීමාව හැර තරගය ආරම්භ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් ඉවත් කිරීමට තරග තීරකයන් පියවර ගෙන ඇති බවයි.

චලින්ද ලියනගේ අද පිරිමි කිලෝග්‍රෑම් 62 බර පන්තිය යටතේ ටයිකොන්ඩෝ තරග බිමට පිවිසි අතර අවසන් ක්‍රීඩකයන් 32 දෙනාගේ වටය ජය ගන්නට ඔහු සමත් වුනේ ජපාන ක්‍රීඩකයෙකු ලකුණු 21-18ක් ලෙස පරාජය කරමිනි. කෙසේ වෙතත් අද දිනයේ ම එම ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයට තරග කළ චලින්ද හට සිදු වුනේ උස්බෙකිස්තාන ක්‍රීඩකයෙකු හමුවේ ලකුණු 22-06ක් ලෙස පරාජය වී සිය ඉදිරි ගමන අවසන් කරන්නටයි.
කොරියානු කණ්ඩායම සමඟ පිරිමි හොකී පළමු වටයේ තරගයකට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවතත් දරුණු පරාජයකට මුහුණ දෙන ලදි. එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් වුනේ ගෝල 8-0ක් ලෙසයි.


පළමු දිනයේ ආසියානු ක්‍රීඩා බිමේ තතුවිත්ති
ඊයේ (18) පැවති වර්ණවත් සමාරම්භක උළෙලකින් පසුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ තරග ආරම්භය අද (19) උදෑසන සිදු විය…..
මිහිලියා මෙත්සරණි ඇතුළු ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනාම හෙට සිය කේවල තරග ඉසව් සඳහා සහභාගී වීමට නියමිතයි. නිලූක කරුණාරත්න, දිනුක කරුණාරත්න, බුවනෙක ගුණතිලක, සචින් ඩයස්, තිලිණි ප්‍රමෝදිකා සහ කවිඳි ඉශාදිකා යන බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා ද හෙට සිය කේවල, යුගල සහ මිශ්‍ර යුගල තරග සඳහා සහභාගී වීමට නියමිතව ඇත.
මීට අමතරව පිරිමි වොලිබෝල්, බේස්බෝල්, වෙරළ වොලිබෝල් කණ්ඩායම්වලට මෙන්ම ටයිකොන්ඩෝ ක්‍රීඩිකා කල්පනී විජේරත්න හට ද හෙට දිනයේ තරග යෙදී තිබේ. එහි සවිස්තර තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<





















