ශ්‍රී ලංකා පිල තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය අද ඇරැඹේ – ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය

318

ලබන අගෝස්තු 7 සිට 16 දක්වා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා පිල තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය අද (26දා) සහ හෙට (27දා) යන දිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මේ වන විට මෙම පරීක්ෂණය සඳහා ක්‍රීඩිකාවන් 20 දෙනකු තෝරාගෙන ඇති අතර සංචාරය සඳහා සහභාගි කරවන ක්‍රීඩිකාවන් 12 දෙනා හා අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනා තෝරා ගැනීම එහිදී සිදු කෙරෙයි.

අදාළ පරීක්ෂණ සඳහා හසිතා මෙන්ඩිස්, සේමිණි අල්විස්, ගයනි දිසානායක, තිසලා මෙන්ඩිස්, දීපිකා අබේකෝන්, තිළිණි වත්තෙගෙදර, පී. අශ්විනී, චතුරංගනී ජයසූරිය, දර්ශිකා අබේවික්‍රම, කංචනා ජයවීර, විරාජි චාමරිකා, සුරේඛා කුමාරි, දුලංගා ධනංජි, දුෂානි බණ්ඩාර, දිල්ෂානි කබ්රාල්, වර්ජිනියා පරමලිංගම්, ගයංජලී අමරවංශ, ශාමිලා රත්නායක, නිරෝෂනී පායිවා හා තිවංකා පෙරේරා යන ක්‍රීඩිකාවෝ පෙනී සිටිති.