කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ කොළඹ අසෝක විද්‍යාලය අතර 18 වැනි වරටත් පැවැති රත්-රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 45ක ජයග්‍රහණයක් ලබා ගැනිමට ජනාධිපති විද්‍යාලය සමත් වෙනවා.
P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය පන්දුවාර 59කට සීමා වූවා. තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 260ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි අසෝක විද්‍යාලයීය කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 215ක් පමණයි. ඒ ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 27ක් ද ඉතිරි ව තිබියදී සියලුම දෙනා දැවී යෑමත් සමඟිනුයි.
ජනාධිපති විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
පුන්සර නෙත්මිණ (නායක), අරෝෂ ලෝචන, හිරුන් ලින්දුල,සෙතික සෙව්හස්, නේවින්ද තත්සර, නෙතුක සනුදය, සසිඳු අවිශ්ක, සෙනුග දන්තිල, ශෙහංක අබේරත්න සහ ඔසඳ දිනුසර.
අසෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රශ්මික පෙරේරා (නායක), මෙනුක් මින්තක, දුල්නෙත් හංසජ, සසිඳු මාලින්ද, චතුර ප්‍රබෝද්, ඔමෙත් සෙඳිනු, ජනුද මෙත්නුක, චමත් තශ්මිල, ඉසුරු කෞශල්‍ය සහ සෙනෙත් අනුජ.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් හිරුන් ලින්දුල පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. එය රත්-රන් සටන් ඉතිහාසයට එක් වූ මංගල ශතකයයි.
ඔහු නේවින්ද තත්සර සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට ලකුණු 102ක සබඳතාවක් ද එක් කරනවා. එහි දී නේවින්ද තත්සර පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ඉසුරු කෞශල්‍ය ලකුණු 49කට කඩුලු 3ක් දවා ගනිමින්ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව රශ්මික පෙරේරා කඩුලු 2ක් ද, දුල්නෙත් හංසජ, චමත් තශ්මික සහ ජනුද මෙත්නුක කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ඇතුගල්පුර එක්දින සටනේ ජය සාන්ත ආනා විද්‍යාලයට
- සිංහ ගැටුමේ ජය Colombo ජාත්‍යන්තර පාසලට
- ආදරවන්ත තෑගි මේසය ම රිච්මන්ඩ්වරුන්ට
- විසඳුමක් නැති සුනිල සංග්‍රාමයට වාර්තා රැසක්
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අසෝක විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මින්දුල හසරැල්. ඔහු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා. ඊට අමතර ව සසිඳු මලින්ද පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී නේවින්ද තත්සර සහ හිරුන් ලින්දුල කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර ඊට ම අමතර ව ශෙහංක අබේරත්න සහ සිතුම් ඔෂඳ කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ජනාධිපති විද්‍යාලය – කඩුලු 8ක් දැවී 260 (49.0) හිරුන් ලින්දුල 104, නේවින්ද තත්සර 56, ඉසුරු කෞශල්‍ය 3/49, රශ්මික පෙරේරා 2/36
- අසෝක විද්‍යාලය – සියලුම දෙනා දැවී 215 (44.3) මින්දුල හසරැල් 57, සසිඳු මලින්ද 32, චමත් තශ්මිල 21, රශ්මික පෙරේරා 22, ශෙහංක අබේරත්න 2/26, හිරුන් ලින්දුල 3/47, සිතුම් ඔෂඳ 2/38, නේවින්ද තත්සර 3/37
කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට ලකුණු 45ක ජයක්.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















