Home Sinhala රිච්මන්ඩ්වරුන්ගෙන් ලකුණු 316ක ඉලක්කයක්

රිච්මන්ඩ්වරුන්ගෙන් ලකුණු 316ක ඉලක්කයක්

2
121st Battle of the Lovers

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර 121 වැනි වරටත් පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (20) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුණා.

ඒ වෙද්දී පන්දුවට පහර දෙමින් සිටි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 90ක් ලබා සිටියා. ඔවුන් එම ලකුණු සංඛ්‍යාව ලබා ගන්නේ කාසියේ වාසිය දිනූ ගාල්ල මහින්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 315කට පිළිතුරු ලෙසයි.

>> ගාලු ආදරවන්තයෝ නැවත හමුවෙයි

තරගය පළමු දිනයට නතර කරන විට තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 203ක් ලබා සිටියා. ඒ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටි රනිඳු ද සිල්වා නොදැවී ලකුණු 9ක් ද සහ ටෙනුශ නිම්සර නොදැවී ලකුණු 9ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා ට අද දිනයේ දී තම ඉනිමට එක් කරන්නට ලැබෙන්නෙ ලකුණු 14ක් පමණයි. රනිඳු ද සිල්වා පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී යනවා. ටෙනුශ නිම්සර ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වී නෙතුජ බාසිත සහ පුනාල් හංසජිත් එක් ව 9 වැනි කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ පුනාල් හංසජිත් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

නෙතුජ බාසිත ඉනිමේ අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මානිත රාජපක්ෂ ලකුණු 96කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සදෙව් නෙත්මිණ සහ කවිඳු නිම්සර කඩුලු ද්විත්වය බැගින් ද සහ කවීෂ ගිත්මාල් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් දුල්සිත් දර්ශන පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22කට දැවී ගිය අතර අනතුරු ව පිටියට එක් වූ රන්දුල මාබරණ සහ දිනෙත් පැහැසර නොදැවී පිටියේ රැඳී සිටීමට වග බලා ගත්තා.

එහි දී රන්දුල මාබරණ පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද සහ දිනෙත් පැහැසර පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ටෙනුර දිසස් සහ මිනග ආරියදාස කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දැවී 315 (131.2) රවිඳු රන්දිනු 85, අමීෂ රසාංජන 81, ටෙනුශ නිම්සර 26, නෙතුජ බාසිත 34, පුනාල් හංසජිත් 21, සදෙව් නෙත්මිණ 2/45, කවිඳු නිම්සර 2/47, මානිත රාජපක්ෂ 5/96
  • මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 90 (39.0) දුල්සිත් දර්ශන 22, රන්දුල් මාබරණ නොදැවී 29, දිනෙත් පැහැසර නොදැවී 22

මහින්ද විද්‍යාලය තවත් ලකුණු 225ක් පිටුපසින්.

මෙම තරගය හෙට (21) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

ආදරවන්තයන්ගේ ගැටුමේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 127 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog ViU app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Stumps
Richmond College
315/10 (131.2)
Mahinda College
90/2 (39)
Batsmen R B 4s 6s SR
Risinu Rupainghe b Sadew Nethmina 8 18 2 0 44.44
Senuk Dulmeth b Kavindu Nimsara 2 18 0 0 11.11
Ravindu Randinu c Manitha Rajapakshe b Sadew Nethmina 85 202 11 0 42.08
Ameesha RasanJana lbw b Kaveesha Githmal 81 240 8 0 33.75
Ranindu De Silva c Sadew Nethmina b Manitha Rajapakshe 14 49 1 0 28.57
Tenusha Nimsara c Sehas Walpita b Kavindu Nimsara 26 61 2 0 42.62
Bevin Jayawardana c Dineth Pahasara b Manitha Rajapakshe 9 21 2 0 42.86
Minaga Ariyadasa c & b Manitha Rajapakshe 16 52 0 0 30.77
Nethuja Basitha c & b 34 89 0 0 38.20
Punal Hansajith lbw b 21 41 0 0 51.22
Tenura Dias not out 0 3 0 0 0.00
Extras 19 (b 0 , lb 0 , nb 0, w 19, pen 0)
Total 315/10 (131.2 Overs, RR: 2.4)
Bowling O M R W Econ
Sadew Nethmina 25 9 45 2 1.80
Kavindu Nimsara 24 9 47 2 1.96
Gasandu Bisas 10 5 16 0 1.60
Manitha Rajapakshe 33.2 9 96 3 2.89
Kaveesha Githmal 19 3 36 1 1.89
Arosha Udayanga 16 1 45 0 2.81
Sehas Walpita 4 0 20 0 5.00

Batsmen R B 4s 6s SR
Thevindu Rashmika c Ravindu Randinu b Tenura Dias 12 13 3 0 92.31
Dulsith Darshana c Punal Hansajith b Minaga Ariyadasa 22 61 4 0 36.07
Randula Mabarana not out 29 109 4 0 26.61
Dineth Pahasara not out 22 52 1 0 42.31
Extras 5 (b 0 , lb 0 , nb 0, w 5, pen 0)
Total 90/2 (39 Overs, RR: 2.31)
Bowling O M R W Econ
Ranindu De Silva 5 2 18 0 3.60
Tenura Dias 4 0 22 1 5.50
Ravindu Randinu 3 2 4 0 1.33
Tenusha Nimsara 12 6 15 0 1.25
Minaga Ariyadasa 13 3 24 1 1.85
Punal Hansajith 2 0 4 0 2.00