තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය අතර 11 වැනි වරටත් පැවැති මැදි මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 132ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩඩ්ලි සේනානායක විද්‍යාලය සමත් වුණා.
කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී අද (1) නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඩඩ්ලි සේනානායක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 250ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය තම පළමු ඉනිම ලකුණු 81කට ද සහ 2 වැනි ඉනිම ලකුණු 37කට ද සීමා වුණා.
ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අංජන යසස් (නායක), නවිඳු හිමන්ත, යුගීත් මෙත්මිත, ඔෂාන් විබාශිත, ගගන දිවාන්, කවීෂ කල්හාර, සුනෙර සුරුතුරු (කඩුලු රකින්නා), අංජන යසස්, ඉසුරු බණ්ඩාර, සහන් රුවන්දික, විහඟ පෙරේරා සහ චමුදිත රණසිංහ.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
පසන් වෙනුසර (නායක), සනුක සත්සිලු, රමේෂ නිකිල්, දනීශාන් දිනුවර, අයේන් සස්මිත, දිලුශ රනුග, අදීප නේතක (කඩුලු රකිනාන්), සඳුල් සිතුමිණ, ජනිත් දෙනුවන්, දේහාන් නෙත්මිත සහ ගගන ප්‍රභාෂ්වර.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩඩ්ලි සේනානායක විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 250ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ අංජන යසස්. ඔහු පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 88ක් ලබා ගන්නවා.
ඔහු ඉසුරු බණ්ඩාර හා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 104ක සබඳතාවක් එක් කරනවා. එහි දී ඉසුරු බණ්ඩාර පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනාට අමතර ව ගගන දිවාන් පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී පසන් වෙනුසර ලකුණු 51කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව ජනිත් දෙනුවන් කඩුලු 3ක් ද සහ දනීශාන් දිනුවර කඩුලු ද්විත්වයක් ද දවා ගන්නවා.
- ධර්මාශෝක විද්‍යාලයට නැවතත් ‘සුනිල’ කුසලානය
- ලංකාපුර සටනේ ජයග්‍රහණය මහියංගනයට
- ඇතුගල්පුර එක්දින සටනේ ජය සාන්ත ආනා විද්‍යාලයට
- සිංහ ගැටුමේ ජය Colombo ජාත්‍යන්තර පාසලට
- මොරටු – ශ්‍රී සුමංගල රන් සටනත් විසඳුමක් නෑ
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය තරග පළමු දිනයට අවසන් වෙද්දී කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 81කට සීමා වෙනවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රමීෂ නිකිල් පන්දු 171කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නවා. ඊට අමතර ව දිලුශ රනුග පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් දවා ගන්නවා.
ඔවුන් දෙදෙනාට අමතර ව වෙනත් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ඉඩ නොලැබුණ අතර එහි දී ඉසුරු බණ්ඩාර ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළා.
ඊට අමතර ව කවීෂ කල්හාර කඩුලු 2ක් ද සහ සුනෙර සුරතුරු, සහන් රුවන්දික සහ නවිඳු හිමන්ත කඩුල්ල බැගින් දවා ගන්නවා.
ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 169ක් පිටුපස සිටිමින් පිට පිට තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 37ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ දිලුශ රනුග. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් ද්විත්වයක ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට හැකි වෙන්නේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී නවිඳු හිමන්ත ලකුණු 19කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කවීෂ කල්හාර ලකුණු 11කට කඩුලු 3ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 250 (77.5)ගගන දිවාන් 49, අංජන යසස් 88, ඉසුරු බණ්ඩාර 52, ජනිත් දෙනුවන් 3/46, පසන් වෙනුසර 4/51, දනීශාන් දිනුවර 2/59
- ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 81 (66.5)රමීෂ නිකිල් 36, කවීෂ කල්හාර 2/18, ඉසුරු බණ්ඩාර 4/22
- ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 37 (21.1)දිලුෂ් රනුග 12, නවිඳු හිමන්ත 6/19, කවීෂ කල්හාර 3/11
ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 132ක ජයක්.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















