වෙළඳ සේවා ක්‍රිකට් සංගමය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 10 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී අවසන් වුණා.
එහි දී දිනයේ කැපි පෙණෙන පිතිකරු බවට පත් වීමට ගවිරු සෙන්හස් සමත් වුණා. පන්දු යැවීමේ දී නිර්මල රත්නායක සහ තනුක දාබරේ කඩුලු 4ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
Hayleys Group A සහ David Pieris Group A අතර තරගය
කාසියේ වාසිය දිනා ගත් David Pieris කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ප්‍රතිවාදී Hayleys Group A ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 123ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ David Pieris Group A ක්‍රීඩකයන්ට ලබා ගැනිමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 115ක් පමණයි.
Hayleys Group A ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සදීර සමරවික්‍රම. ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණු සබඳතාව බවට පත් වූයේ නුවනිඳු ප්‍රනාන්දු සහ මිනෝද් භානුක එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 29ක දී එක් කළ ලකුණු 46යි.
එම ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 21ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී David Pieris Group A පන්දු යවන්නෝ සමත් වෙනවා. එහි දී නිර්මල රත්නායක ලකුණු 12කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කරනවා.
ඊට අමතර ව මංජුල ගන්නිල, අසිත වන්නිනායක, ශෙහාන් හසරංග, ලක්ශාන් ද සිල්වා සහ තරින්ද නිර්මාල් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි David Pieris Group A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ අසිත වන්නිනායක. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කවිශ්ක අංජුල ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය ද කඩුලු 3ක් ද, ට්‍රෙවීන් මැතිව්, රමේෂ් මෙන්ඩිස් සහ රවිඳු ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Hayleys Group A – සියලුම දෙනා දැවී 123 (19.0)සදීර සමරවික්‍රම 25, මිනෝද් භානුක 21, නුවනිඳු ප්‍රනාන්දු 22, නිර්මල රත්නායක 4/12
- David Pieris Group A – කඩුලු 9ක් දැවී 115 (20.0)අසිත වන්නිනායක 26, රවිඳු සෙම්බකුට්ටි 21, තරින්ද නිර්මාල් 20, කවිශ්ක අංජුල 3/26, ප්‍රභාත් ජයසූරිය 3/30
Hayleys Group A කණ්ඩායමට ලකුණු 8ක ජයක්.
- ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරුවන් දෙදෙනෙකු කැඳවයි
- නිව්ටන් David Pierisලා අමාරුවේ දමයි
- වෙළඳ සේවා T20 පළමු ශතකය අවිශ්කගෙන්
- ආසියා කුසලානය හිතේ මවා ගෙන ඉන්දියාව ජය සමරයි!
- Hayleys Group A අවසන් මහා තරගයට
Fairfirst Insuarance සහ BBK Partnership අතර තරගය
කාසියේ වාසිය දිනාගත් Fairfirst Insuarance පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 158ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි BBK Partnership ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 97ක් පමණයි.
Fairfirst Insuarance කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ගවිරු සෙන්හස් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.
ඊට අමතර ව අනෙක් ආරම්භක පිතිකරු තනුක දාබරේ ද පන්දු 20කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී ක්‍රිෂ්ණශ්‍රීරාම් ශ්‍යාම්සුන්දර් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව විජයකාන්ත් වියස්කාන්ත් සහ නිශාන්තන් අජේ කඩුලු ද්විත්වය බැගින් ද සහ සංතුශ් ගුණතිලක කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි BBK Partnership A කණ්ඩායමේ තවත් පන්දු 34ක් ඉතිරි ව තිබිය දී නිමා වෙන අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ නිපුන් කරුණානායක. ඔහු පන්දු 13කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තනුක දාබරේ ලකුණු 16කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව ඉම්තියාස් ස්ලාසා කඩුලු 2ක් ද, ගයන වීරසිංහ සහ නිමේෂ් විමුක්ති කඩුල්ලක් ද බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Fairfirst Insuarance – කඩුලු 9ක් දැවී 158 (20.0)තනුක දාබරේ 36, ගවිරු සෙන්හස් 61, නිශාන්තන් අජේ 2/32, විජයකාන්ත් වියස්කාන්ත් 2/25, ක්‍රිෂ්ණශ්‍රීරාම් ශ්‍යාම්සුන්දර් 3/22
- BBK Partnership A – සියලුම දෙනා දැවී 97 (14.2)ශාරුජන් ශම්මුගනාදන් 17, නිපුන් කරුණානායක 18, තනුක දාබරේ 4/16, ඉම්තියාස් ස්ලාසා 2/08
Fairfirst Insuarance කණ්ඩායමට ලකුණු 61ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<