හිටපු දක්ෂ කඩුලු රකින්නෙකු සමඟ දික්වැල්ල පුහුණුවීම් අරඹයි

1026
Niroshan Dickwella

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ සාර්ථකම කඩුලු රකින මැදපෙළ පිතිකරුවන් අතරින් ඉදිරියෙන්ම නම කියැවෙන ප්‍රසන්න ජයවර්ධන සමඟ පුහුණුවීම්වල නිරත වීමට හැකිවීම තමන් වෙත ලැබුනු වටිනා අවස්ථාවක් බව ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර අද (21) දින පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවසා සිටියේය. 

ශ්‍රී ලංකා නැගී එන පිළ අවසන් පන්දුවාරයේ දී වැඩ වරද්දා ගනියි!

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගය තියුණු සටනකින් අනතුරුව අවසන්…

ප්‍රසන්න ජයවර්ධන මහතා නැවත වතාවක් තම දායකත්වය ජාතික කණ්ඩායම වෙත ලබා දීමට තීරණය කළේ පසුගිය අප්‍රේල් මාසයේ දීය. ඒ අනුව එදා සිට මාස කිහිපයක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ කඩුලු රකින පුහුණුකරු ලෙස සේවය කරනු ලබයි. 

“මම ප්‍රසන්න ජයවර්ධන සමඟ 2014 වසරේ දී එකම තරගයේ එකට සෙල්ලම් කළා. එතකොට ඔහු තමයි කඩුලු රකින්නා ලෙස කටයුතු කළේ. මම සාමාන්‍ය පන්දු රකින්නෙක් ලෙස ඒ තරගය ක්‍රීඩා කළා. මම මීට මාස කිහිපයකට කලින් ප්‍රසන්න සර් එක්ක මගේ පුහුණුවීම් ආරම්භ කළා.” යැයි නිරෝෂන් දික්වැල්ල පවසා සිටියේය. 

Watch – ‘දිමුත් කියන්නේ වෙනස්ම නායකයෙක්’ – නිරෝෂන් දික්වැල්ල

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දික්වැල්ල මෙසේ පැවසීය. 

“ඔහු මට හැමතිස්සේම කියන්නේ එකම දෙයයි. කොහොම හරි පන්දුව රැකගැනීමට මාර්ගයක් හොයාගන්න. පන්දුවේම ඇහැ තියාගන්න. පන්දුව අල්ලගන්න විශේශ ක්‍රමයක් නැහැ. ඒක තමයි ප්‍රසන්න සර් දෙන ලොකුම උපදෙස. මම දැකලා තියෙනවා ඔහු කඩුලු රකින්නේ කොහොමද කියලා. අපි හුඟක් මහන්සි වෙලා අලුත් ශාරීරික ව්‍යායාම කිහිපයක් එක්ක මේ සති කිහිපයේ දීම හොඳින්ම පුහුණුවීම් කටයුතු කළා. ඒක මගේ කඩුලු රැකීමේ වර්ධනය වැඩිවෙන්න ලොකු සහයක් වුනා කියලා හොඳින්ම තේරෙනවා.”  

දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (22) දින කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ වීමට නියමිතය. 

සජීව තරග අත්දැකීම සමඟ තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් ක්‍රීඩා පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<