වර්ෂාවට මැදි වූ තරගයේ දී කොදෙව්වන්ගෙන් හයේ වැස්සක්

951
AFP

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි – විස්ස ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (1) සමත් විය.

බංගලියෝ කොදෙව් දේශයේ දී කොදෙව්වන්ටම නයි පෙන්වයි

කොදෙව් දේශයේ දී කොදෙව්වන් පරාජය කරමින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක …

සාන්ත කිට්ස් හිදී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළ අතර බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන තමිම් ඉක්බාල් හා සවුම්ය සරක්කාර් පළමු පන්දුවේම දවා ගනිමින් තරගයේ වැඩි වාසිය ලබා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ. බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් හා කඩුලු රකින ක්‍රීඩක මුශ්ෆිකර් රහීම් පිළිවෙළින් ලකුණු 19කට හා ලකුණු 15කට දැවී ගිය පසුව මහමදුල්ලා හා එක්වූ ලිට්න් ඩාස් බංග්ලාදේශ ඉනිම ගොඩනැංවීමේ වගකීම සිය කරට ගෙන ලකුණු රැස්කරන්නට විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත්විය. 4 පහර 3ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 25ක් ලබා ගත් මහමදුල්ලා ඒ සඳහා වැය කළේ පන්දු 27ක් පමණි. 4 පහර 3ක් එල්ල කරමින් ලකුණු 24ක් ලබා ගැනීමට ලිට්න් ඩාස් සමත් විය. අවසානයේ බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන කැස්රික් විලියම්ස් ලකුණු 28කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ලහිරු කුමාරට ඇබැද්දියක්

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි …

බංග්ලාදේශ ඉනිම අවසන් වීමත් සමඟම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ගණනය කළේය. ඒ අනුව කොදෙව්වන්ට පන්දුවාර 11ක් තුල ලකුණු 91ක ඉලක්කයක් හිමි වූ අතර බංග්ලාදේශ කණ්ඩායමට මෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වී ගියේ ඔවුන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 10ක් තුල දැවී යෑම නිසාවෙනි.

ඉන් අනතුරුව පිටියේ එක්වූ දකුණත් ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩෘ රසල් හා මාලන් සැමුවෙල්ස් කොදෙව් කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් කොදෙව් ලකුණු පුවරුව යම් ස්ථාවරත්වයකට රැගෙන ආ අතර 4 පහර දෙකක් හා 6 පහර දෙකක් සමඟ  ලකුණු 26ක් ලබා සිටි සැමුවෙල්ස් රුබෙල් හුසේන්ගේ පන්දුවක් හමුවේ ඔවුන්ගේ තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේය.

අවසානයේ රසල් හා එක්වූ රොව්මාන් පවෙල් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන ලදි. 4 පහර හා 6 පහර 3ක් සමඟ පන්දු 21ක දී නොදැවී ලකුණු 35*ක් ලබාගත් රසල් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් අතර කොදෙව් ඉනිම පුරාවට 4 පහර 5ක් හා 6 පහර 8ක් අන්තර්ගත විය.

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වූ අතර එම තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

බංග්ලාදේශය – 143/9 (20): මහමදුල්ලා 35, ලිට්න් ඩාස් 24, කැස්රික් විලියම්ස් 4/28.

බටහිර ඉන්දීය කොදෙව් (D/L) – 93/3 (9.1): ඇන්ඩෘ රසල් 35*, මාලන් සැමුවෙල්ස් 26,  රොව්මාන් පවෙල් 15*.

තරගයේ වීරයා – ඇන්ඩෘ රසල් (බටහිර ඉන්දීය කොදෙව්)

කොදෙව්වන් ලබා ගත් මේ ජයග්‍රහණයත් සමඟම බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ  තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකි විය. දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි – විස්ස ක්‍රිකට් තරගය ලබන 4 වැනිදා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<