තවත් ප්‍රබල රටවල් දෙකකට ජාත්‍යන්තර එක්දින වරම්

524

මේ දිනවල පැවැත්වෙන ලෝක දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායම ලකුණු 84කින් පරාජය කළ ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම නැවත වතාවක් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගැනීමට සමත්ව තිබේ.

ඊට අමතරව එම තරගාවලියේ පළමු තරග හතරම ජයග්‍රහණය කළ ඕමාන ක්‍රිකට් කණ්ඩායම පළමු වතාවට ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගැනීමට සමත් වී ඇත.

ලෝක කුසලානයේ දී මාලිංග ප්‍රබල තුරුම්පුවක් – චමින්ද වාස්

ලොව එතෙක් මෙතක් බිහි වූ සුපිරි වේගපන්දු යවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් …..

ලෝක දෙවන පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා ඕමානය, නැමීබියාව, හොංකොං, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා පැපුවා නිව් ගිනියාව තරග වදින අතර තරගාවලියේ මූලික වටයේ තරග 4ක් (සියලුම කණ්ඩායම්) අවසන් වන විට එම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4ක් දිනා ගන්නා (ඇමරිකාව , ඕමානය හා තවත් කණ්ඩායම් දෙකක්) කණ්ඩායම් ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා නේපාලය සමඟ ලෝක කුසලාන දෙවන පෙළ ක්‍රිකට් තරගාවලිය තුල තරග වැදීමට නියමිතය.

​සුනිල් ගවස්කාර් ඉන්දියානුවන්ට ක්‍රිකට් එපා කරවූදා​

1975 වසරේ මුල්ම වරට ලෝක කුසලාන තරගාවලියක් එංගලන්තයේ දී …

ඇමරිකා කණ්ඩායම මේ වන විට තරග 5න් 4ක් ක්‍රීඩා කොට ඉන් තරග තුනක් ජයග්‍රහණය කර තිබෙන අතර ඇමරිකාව හා ඕමානය නියත වශයෙන්ම ලෝක දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 4 අතර සිටින ඔවුන් සඳහා මේ වටිනා අවස්ථාව ලැබී ඇත. ඇමරිකා කණ්ඩායම පරාජයට පත්වූ තරගය පරාජය වූයේ ඕමාන කණ්ඩායමට එරෙහිව වන අතර ඕමානය එම තරගය කඩුලු 6කින් ජයගත්තේය.

මේ කණ්ඩායමේ දෙක ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් දිනාගැනීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් ලෙස අප ආඩම්බර විය යුතුය. ඒ මන්ද ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන දුලිප් මෙන්ඩිස් මහතායි. එසේම ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන පුබුදු දසනායක ද 1993 – 94 යන කාල වකවානුව තුල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම මීට පෙර 2004 වසරේ දී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග වැදීම වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් (විශේෂ) හිමිකරගෙන තිබෙන අතර ඉන් වසර 15කට පසුව නැවත වතාවත් ඔවුන්ට ඒ වටිනා අවස්ථාව උදාවී ඇත්තේ මේ වතාවේ දීයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<