ශ්‍රී ලාංකිකයින්, මාර්ටින් ක්‍රෝ එවරස්ට් මුදුනින් බිම හෙළයි

පළමු කොටස

245
Cover Photo : Getty Images

“එය එවරස්ට් කන්ද මුදුනටම නැග අවසන් අඩි කිහිපයේ දී මස්පිඩු පෙරළීමකට ලක්වුණා වගේ අභාග්‍යසම්පන්න සිදුවීමක් මට වුනේ.” ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් පෙනෙන නොපෙනෙන මානයේ සිටිය දී අවාසනාවන්ත අයුරින් දැවී ගිය නවසිලන්ත කණ්ඩායමේ හිටපු නායක මාර්ටින් ක්‍රෝ තම අභාග්‍යසම්පන්න අත්දැකීම පසු කලෙක විස්තර කරන්නේ එසේය.

කුප්‍රකට ලෙදර් ජැකට්ටුවේ ටෙස්ට් තරගය

90 දශකයේ බොහෝ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම්වලට තිබූ ප්‍රබලතම අභියෝගයන්ගෙන් එකකි දකුණු…

1990/91 ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ ප්‍රථම ටෙස්ට් තරගය ආරම්භ වූයේ වෙලිංටන් නුවර බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේ දී ය. ජනවාරි මස 31 වෙනිදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ කාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මුලින්ම පන්දුවට පහර දීමේ වාරය නවසීලන්ත කණ්ඩායමට බාර කළේය.

ශ්‍රී ලංකා නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් නවසීලන්ත ප්‍රථම ඉනිම ලකුණු 174කට සීමා කළේය. පන්දු යැවීමේ දී රුමේෂ් රත්නායක සහ ග්‍රැහැම් ලැබ්‍රෝයි අතරේ කඩුලු හතර බැගින් බෙදී ගියේය. ඉතිරි කඩුලු දෙක චම්පක රාමනායක විසින් දවා ගත්තේය.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් යම් හෝ සාර්ථකත්වයක් ලබා ගත්තේ ලකුණු 30ක් ලබා ගත් නායක මාර්ටින් ක්‍රෝ පමණි. 

ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන චරිත් සේනානායක ලකුණු නොලබා දැවී ගියත්, අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංග ලැබූ අර්ධ ශතකවලින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වන්නට විය. 

ශ්‍රී ලංකා ඉනිමේ සුවිශේෂීම පිතිහරඹය දියත් කළ අරවින්ද ද සිල්වා ලකුණු 267ක් වාර්තා කළේ බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේ සතර දෙසටම පහරවල් එල්ල කරමිනි.

අරවින්දගේ මෙම ප්‍රහාරය නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 467ක් ලෙස ලකුණු පුවරුවේ දිස්විය. අරවින්ද රැස් කළ ශතකය ඒ වන තෙක් ශ්‍රී ලාංකීය පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

කණ්ඩායම් දෙකේම ප්‍රථම ඉනිම් අවසානයේ තරගයේ වැඩි ගෞරවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මුල්ම වතාවට විදේශීය රටක දී ලබන මුල්ම තරග ජය ගැන බලාපොරොත්තුවක් ජනිත වී තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 323ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත පිතිකරුවන්ට තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට නම් පිත්තෙන් සුවිශාල වැඩ කොටසක් කරන්නට ඉතිරි වී තිබුණි.

අභිරහස් ලෙස මියැදුණු බොක්සිං පාතාලයාගේ කතාව

ලොව ශ්‍රේෂ්ඨතම බොක්සිං ක්‍රීඩකයා කවුරුන් දැයි විමසුවොත් බොහෝ දෙනාගේ පිළිතුර වන්නේ මොහොමඩ්…

තරග‍ය තුන්වැනි දිනයට නිමාව දකින විට නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ජෝන් රයිට් සහ ට්‍රෙවෝ ෆ්‍රෑන්ක්ලින් දෙදෙනා ශ්‍රී ලංකා අභියෝගයට සාර්ථකව මුහුණ දෙන ආකාරයක් පෙන්නුම් කළේය. තරගයේ තුන්වැනි දිනය අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 91ක් ලබා ගැනීමට නවසීලන්ත පිතිකරුවන් සමත් වී සිටියහ.

සිව්වැනි දිනයට තරගය ආරම්භ වී මොහොතක් ගත වෙද්දී නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යවන්නට චම්පක රාමනායක සමත් විය.

ජෝන් රයිට්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසුණේ නවසීලන්ත නායක මාර්ටින් ක්‍රෝය. ඒ වන විට අනෙක් අන්තයේ සිටි ඇන්ඩෲ ජෝන්ස් ද කඩුල්ලට පැමිණ වැඩි වේලාවක් ගත වී තිබුණේ නැත. 

ඉතාම කිට්ටු කාල පරාසයක දී කඩුලු දෙකක් දවා ගත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නව ජීවයකින් යුක්තව පන්දු යවන්නට විය.

නවසීලන්ත නායක මාර්ටින් ක්‍රෝ සහ ඇන්ඩෲ ජෝන්ස් මත පැවරී තිබුණේ ස්වල්ප වගකීමක් නොවේ. තවත් එක් කඩුල්ලක් දැවී ගියහොත් එය තම කණ්ඩායමට සෑහෙන අවාසිදායක තත්වයක් බව ඔවුන් දෙදෙනාම දැන සිටියේය.

බොහෝ බලාපොරොත්තු තබා ගනිමින් පන්දු යැව්ව ද ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි දිනයේ තවත් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නවසීලන්ත පිතිකරුවන් අවකාශ ලබා දුන්නේ නැත. 

සිව්වැනි දිනය නිමා වන විට මාර්ටින් ක්‍රෝ නොදැවී ලකුණු 126ක් ලබාගෙන සිටි අතර සහායක පිතිකරු ඇන්ඩෲ ජෝන්ස් අගනා ශතකයකට ළං වෙමින් නොදැවී ලකුණු 82ක් වාර්තා කරගෙන සිටියේය.

“අපි දෙන්නා කඩුල්ල මැද දී වැඩිය කතා කළේ නැහැ. නමුත් ප්‍රතිඵලය කුමක් වුවත් දිගටම පන්දුවට පහර දිය යුතු බව අපි දෙදෙනාම දැන සිටියා.” ක්‍රෝ පසුව ප්‍රකාශ කලේය.

පස්වැනි දිනයට තරගය ආරම්භ කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 369ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවිය. වෙලිංටන් තරගයට විසඳුමක් නොලැබෙන බව පෙනෙන්නට තිබිය දී නවසීලන්ත පිතිකරුවන් තමන්ගේ අනෙක් සැලසුම දියත් කරමින් සිටියේය.

බයිලා, ලී බඩු සහ කලූ

මොරටුව යන නම ඇසූ සැණින් සිහිපත් වන්නේ බයිලා ය. නැතිනම් ලී බඩු ය. එසේත් නැතිනම් ක්‍රිකට් ය. බයිලා, ලී බඩු…

“මෙම තරගයෙන් කිසිම ප්‍රතිඵලයක් නොලැබෙන බව අප දැන සිටියා. නමුත් දිගින් දිගටමට පන්දුවට පහර දීමට අප තීරණය කළා. තණතීරුව පන්දුවට පහර දීමට ඉතාම හොඳ තත්වයේ තිබුණේ. මා මීට පෙර දෙවතාවක් ටෙස්ට් තරගවල දී ලකුණු 188 දී දැවී ගියා. මෙවර නම් ද්විත්ව ශතකයක් ලබා ගැනීමට මට හොඳම අවස්ථාවක් ඇති බව මට හැඟී ගියා.

පන්දුවෙන් පන්දුව ඕවරයෙන් ඕවරය අපි නැවත ඉනිම ගොඩ නැගුවා. ඇන්ඩෲ ඉතා ඉහළ මානසික ඒකාග්‍රතාවයකින් යුතුව පන්දුවට පහර දුන්නා.

ඇන්ඩෲ ජෝන්ස් කියන්නේ හරිම වෙනස් චරිතයක්. ඔහු වෘත්තීය ක්‍රීඩකයෙක්. ඉතාම වගකීමෙන් පන්දුවට පහර දෙන්නෙක්. ඔහුගේ පන්දුවට පහර දෙන විලාශය ඇසට එතරම් ප්‍රියමනාප නැහැ. නමුත් හැමදාම ඔහු නවසීලන්තය වෙනුවෙන් වටිනා ලකුණු එක් කළ පිතිකරුවෙක්. ඉතාම අසීරු තැනක සිට නවසීලන්තය ගලවා ගැනීමට පිතිකරුවෙකු තෝරා දෙන්න කියා යමෙකු මට අභියෝගය කළහොත් මගේ නිසැක තේරීම වන්නේ ඇන්ඩෲ හොවාර්ඩ් ජෝන්ස්.

දිනයේ මැද හරියට වන්නට මා මගේ ද්විත්ව ශතකයට ළඟා වෙමින් සිටියේ. ඒ වගේම ජෝන්ස් ඔහුගේ ශතකය ලබාගෙන සිටියේ. මේ ලැබූ අවස්ථාව නම් කිසිසේත්ම අත් හරින්නට නොදෙන්නට මම තීරණය කළා.

මේ වෙද්දී ශ්‍රී ලංකා නායකයා අමුතුම උපක්‍රමයක් භාවිත කරන්නට තීරණය කර තිබුණා. ඔහු කණ්ඩායමේ සිටි නම් දැරූ පන්දු යවන්නන් වෙනුවට අරවින්ද ද සිල්වා වැනි පන්දු යවන්නන් භාවිතා කරමින් සිටියේ.

අරවින්දගේ පන්දුවකට හයේ පහරක් එල්ල කොට ඊළඟට එවූ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කරමින් ලකුණු දෙකක් ලබා ගනිමින් මා මගේ ක්‍රිකට් ජීවිතයේ පළමු ද්විත්ව ශතකය වාර්තා කරගත්තා. මේ වන විට ඇන්ඩෲ ද ලකුණු 150 සීමාව පසු කර ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටියේ.

ජයනන්ද වර්ණවීර නම් ඔවුන්ගේ දඟපන්දු යවන්නාට තිබුණේ තරමක සැක සහිත ඉරියව්වක්. මම ඔහුට තරමක ප්‍රහාරයක් එල්ල කළා. මේ වන විට මගේ විශ්වාසයත් සෑහෙන දුරකට වර්ධනය වෙලා තිබුණේ.

ඉන්පසු මගේ ඉලක්කය වූයේ ග්ලේන් ටර්නර් තබා තිබූ ලකුණු 259ක නවසීලන්ත වාර්තාව. නැවත වතාවක් ශ්‍රී ලංකා නායකයා අරවින්ද පන්දු යැවීමට කැඳවා තිබුණා. මෙය ලකුණු වේගය වැඩි කිරීමට කදිම අවස්ථාවක් කියා මට සිතුණා.

මා අරවින්දගේ පන්දුවලටත් දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න තීරණය කළා. නමුත් ඒ සියල්ල මොහොතකින් වැරදී යන්නට තිබුණා.

මතු සම්බන්ධයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<