ශාලින්ද, අශේන් හා දිනෙත් සාන්ත ජෝසප් ජය මාවත විවර කරයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

116

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (7) අවසන් වන විට, තවත් තරග තුනක් අද ආරම්භ විය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (5)…

අද දිනයේ නිමා වූ තරග අතරින් සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 10ක දැවැන්ත ජයක් ලබා ගන්නා විට, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි. 

දෙවන දිනයට පැවති තරග 

කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

ද මැසනොඩ් විදුහල් පිටියේ පැවති මෙම A කාණ්ඩයේ තරගය කඩුලු 10කින් ජය ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය. දෙවන දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 195ක් ලබාගෙන සිටින ලදි. 

කෙසේ නමුත් ඔවුන්ගේ අවසන් කඩුලු 3 ලකුණු 12ක් තුල දවා ගත් ද මැසනොඩ් විද්‍යාලය සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 207කට සීමා කරන ලදි.

එහි දී දිනෙත් ජයකොඩ් හා මිරංග වික්‍රමගේ පිළිවෙළින් ලකුණු 75ක් හා ලකුණු 43ක් වාර්තා කරගනිමින් දස්කම් දක්වන විට සිහින සිතුමිණ කඩුලු 5ක් දවා ගන්නා ලදි. 

ලකුණු 98ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව සිය දෙවන ඉනිම ආරම්භ කළ ද මැසනොඩ් දෙවන ඉනිම ද පළමු ඉනිම මෙන් අසාර්ථක වූ නිසා ජයග්‍රහණය සඳහා  ලකුණු 17ක ඉලක්කයක් හඹා ගිය සාන්ත ජෝසප් විද්‍යාලය පන්දුවාර 3ක් තුල කිසිවෙක් නොදැවී සිය ඉලක්කය සපුරා ගන්නා ලදි. 

සාන්ත ජෝසප් විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන ශාලින්ද සෙනෙවිරත්න හා අශේන් ඩැනියල් තරගය පුරාවට කඩුලු 7ක් දවා ගෙන කැපී පෙනෙන දස්කම් දක්වන ලදි.

ද මැසනොඩ් විද්‍යාලය – 109 (40.1): සෙනාෂ් ප්‍රනාන්දු 26, නිම්න ප්‍රනාන්දු 22, චමෝද් ධනංජය 21, අශේන් ඩැනියල් 4/35, ශාලින්ද සෙනෙවිරත්න 3/28. සහ 114 (35.1): සඳෙව් ප්‍රනාන්දු 22, ශාලින්ද සෙනෙවිරත්න 4/49, ජොහෑන් ද සිල්වා 3/24, අශේන් ඩැනියල් 3/37

සාන්ත ජෝසප් විද්‍යාලය – 207 (57.5): දිනෙත් ජයකොඩි 75, මිරංග වික්‍රමගේ 43, සිහින සිතුමිණ 5/41, සෙනාෂ් ප්‍රනාන්දු 3/62. සහ 18/0 (3):

ධර්මරාජ, සාන්ත ජෝසප් හා මාරිස් ස්ටෙල්ලා පළමු දිනය අවසානයේ පෙරමුණේ

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු …

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය ධර්මරාජ පිටියේ දී ජය පරාජයෙන් නිමා වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය ලබා ගත් ලකුණු 191කට පිළිතුරු ලෙස තරගයේ පළමු දිනය අවසන්  වන විට ධර්මරාජ විද්‍යාලය ලකුණු 268ක් ලබා ගන්නා ලදි. එහි දී සත්කාරක ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් නායක දුලාජ් බණ්ඩාර ලකුණු 93ක් ලබා ගන්නා විට, ඔහුට සහය වූ දිනුක තුශ්මිත ලකුණු 57ක් ලබා ගන්නා ලදි. 

ධර්මරාජ විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය ලබා ගත් පසුව ලකුණු 77ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් අභිශේක් ලියනාරච්චි ලකුණු 45ක් ලබා ගනිමින් සිය විද්‍යාලය ඉනිමක පරාජයකින් මුදවා ගත්තේය. පන්දු යැවීමේ දී ධර්මරාජ විද්‍යාලයේ උපේන්ද්‍ර වර්ණකුලසූරිය තරගය පුරාවට කඩුලු 9ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 191 (50.2): මනේන්ද්‍ර ජයතිලක 45, අමිත දාබරේ 36, අභිෂේක් ලියනාරච්චි 35, පුමුදිත පෙරේරා 39, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 6/56, තුශාන් බණ්ඩාර 3/29. සහ 178 (43.3): අභිෂේක් ලියනාරච්චි 45, ටෙරන් ශෙනාල් 33, අමිත දාබරේ 27,චේතිය ඒකනායක 4/25, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/44, තුෂාන් බණ්ඩාර 2/39

ධර්මරාජ විද්‍යාලය – 268 (82.5): දුලාජ් බණ්ඩාර 93, දිනුක තුශ්මිත 57, යසිත සමරරත්න 42, ජනිත් ගුණතුංග 39, මෙනේන්ද්‍ර ජයතිලක 2/25, චමත් යටවර 2/43, අමිත දාබරේ 2/43.

කොළඹ ඉසිපතන විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

කණ්ඩායම් දෙකේම පිතිකරුවන් තරගයේ පළමු දිනය තුල ඉතාමත් හොඳින් ලකුණු අතරට පැමිණි නමුත් අද දිනය තුල ඉසිපතන පන්දු යවන්නෝ මහින්ද පිතිකරුවන්ව ඉතාමත් හොඳින් පාලනය කරමින් පළමු ඉනිමේ ජය තහවුරු කර ගන්නා ලදි. මෙම තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා විය. 

දෙවන දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහින්ද විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 92ක් ලබා ගෙන සිටියේය. එසේ වුවත් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 163කට සීමා කරමින් දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වීමට ඉසිපතන පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී ලෝමිත රවින්ද්‍රදීත් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

මහින්ද විද්‍යාල පළමු ඉනිම අවසන් වූ පසුව ඉසිපතන විද්‍යාලය ලකුණු 112ක් ඉදිරියෙන් සිටි නිසා ඉනිමක ජයක් අපේක්ෂාවෙන් මහින්ද විද්‍යාලයට ඔවුන්ගේ දෙවන ඉනිම ද ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුනි. සවිඳු උත්සර හා රවින්ද්‍රදීත් නැවතත් දස්කම් අතරට පැමිණීම නිසා මහින්ද විද්‍යාලය ඉනිමක පරාජයක් අභියසට පැමිණි නමුත් නොදැවී ක්‍රීඩා කළ සිතිර හේලිත එම අවමානයෙන් සිය පාසල මුදවා ගැනීමට සමත් විය. 

ඉසිපතන විද්‍යාලය – 275/9d (69.2): රවිඳු රත්නායක 84, සවිඳු උත්සර 53, ලෙශාන් අමරසිංහ 44, තෙවිඳු දික්වැල්ල 39, කවිඳු ආමන්ත 36, සුබානු රාජපක්ෂ 3/59, කුශාන් මධූශ 3/82.

මහින්ද විද්‍යාලය – 163 (64.3): කෞෂිත කොඩිතුවක්කු 59, සඳෙව් ඉඳුවර 26, කවිඳු ලක්ෂාන් 23, ලෝමිත රවින්ද්‍රදීත් 5/30, යසිරු කස්තුරිආරච්චි 2/19 සහ (F/O) 102/7 (56): සිතිර හේලිත 34*, ශාක්‍ය සම්පත් 23, සවිඳු උත්සර 3/38, ලෝමිත රවින්ද්‍රදීත් 2/21.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය  

ගම්පොල වික්‍රමබාහු විද්‍යාල ක්‍රිකට් පිටියේ නිමාව දුටු මේ සුහද තරගයේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු ලෙස සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ලකුණු184ක් ලබා ගන්නා ලදි.  චරිත් රාජගුරු ලකුණු 40යි.

ලකුණු 23ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමේ දී මෙන් සාර්ථක වීමට වරම් නොලැබුණු නමුත් ලකුණු 176ක ඉලක්කයක් හිමි කර දෙමින් සිය ඉනිම අවසන් කර ගන්න ලදි. 

නායකත්වයේ පිතිකරණයක නිරත වූ නවීන් ප්‍රනාන්දු ලකුණු 49ක් ලබා ගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. තරගයේ නිමාව සනිටුහන් වන විට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 41ක් වාර්තා කරගෙන සිටියේය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 207 (46.2): තරිඳු මධුවන්ත 50, ආමන්ත පෙරේරා 32, චෙමිඳු වීරවංශ 28,සහන් දුල්සර 32, චරිත් රාජගුරු 4/31, ශෂික බස්නායක 3/64  සහ 152 (33.2): නවීන් ප්‍රනාන්දු 49, චරිත් රාජගුරු 3/35, සචික බස්නායක 3/60.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය– 134/6 184 (55.1): චරිත් රාජගුරු 40, චන්දුල ජයකොඩි 31, මලිත් ලක්ෂාන් 29, තිලින පෙරේරා 4/64, සංදීප ප්‍රනාන්දු 3/48, නවීන් ප්‍රනාන්දු 2/26 සහ 41/4 (21): 

පළමු දිනයට පැවති තරග 

වේල්ස් කුමර විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය 

වේල්ස් කුමර විදුහල් පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. තරගය B කාණ්ඩයේ තරගයකි. 

වේල්ස් කුමර විද්‍යාලය – 253 (81.1): දිනුර ප්‍රනාන්දු  71, පසිඳු පැතුම් 54, අශාන් ප්‍රනාන්දු 34, ඔමේෂ් මෙන්ඩිස් 30, රන්දෙව් ගුණසේකර 4/70, ශමිල්ක වික්‍රමතිලක 2/49, දිල්මින් රත්නායක 2/70.

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 32/2 (11):

>>Video – ගැටලුවලිනුත් එකමුතුකම වැඩි කර ගන්න – මොරටු මහා විද්‍යාල Cricket Team Preview 2019/20<<

ධර්මපාල විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත පීතර පිටියේ දී ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ධර්මපාල විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

ධර්මපාල විද්‍යාලය – 171 (54.1): නවිඳු නවීන් 48, තිසර සිසාරා 37, විහඟ ගුණරත්න 24, රුවින් සෙනෙවිරත්න 4/34, ට්‍රිශේන් වික්‍රමසිංහ 2/36, කනිෂ්ක මදුවන්ත 2/50.

සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 117/3 (30): රෙශික සන්තුෂ් 65*, නිපුනක ෆොන්සේකා 38, පසිඳු දිමුදිත 3/24.

කොළඹ රාජකීය විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත සෙබස්තියන් පිටියේ දී ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 123 (46.1): දුනිත් ජයතුංග 45, ප්‍රශාන් කල්හාර 5/41

රාජකීය විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 168/5 (50): අහන් වික්‍රමසිංහ 95*, කමිල් මිශාර 25, කවිඳු පතිරත්න 23*, තදුල ද සිල්වා 2/35

පළමු දිනයට පැවති තරග සියල්ලම හෙට (9) දෙවන දිනය වෙනුවෙනුත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<