තෝමසුවන් වසර 133 ඉපැරණි වාර්තාවක් අලුත් කරයි

591
kalana perera

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ඉතිහාසයේ වසර 133ක් පැරණි වාර්තාවක් අලුතින් ලියන්නට සාන්ත තෝමස් ක්‍රීඩකයින් අද (31) සමත් වූයේ සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර දී ය. එම තරගයත් සමඟින් තරග 3ක් අද දිනයේ දී ක්‍රියාත්මක විය.

දුනිත්, කලණ හා ජනිෂ්ක සුපිරි දස්කම් අතරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන වමතින් වේගපන්දු යවන කලණ පෙරේරා C කාණ්ඩයේ මෙම තරගය පුරාවට කඩුලු 16ක් දවා ගනිමින් ඉනිමක හා ලකුණු 233ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමට විශාල සවියක් විය.

ඒ සමඟින් සාන්ත තෝමස් විද්‍යාලය පැරණි ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් වාර්තාවක් අලුත් කරන්නට සමත් වූයේ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට දවා ගනිමිනි. මීට පෙර ද එම වාර්තාවට හිමිකම් කිවේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වන අතර ඔවුන් 1885 දී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 9කට සීමා කරමින් ඒ වාර්තාව පිහිටුවා තිබුණි.

අද දිනය ආරම්භ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත මරියා විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 4ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසුවිය.

සාන්ත මරියා විද්‍යාලය පිළිතුරු ලෙස පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 72ක් පමණි. තරගයේ ප්‍රථම දිනයේ දී ම ලකුණු 239ක් පසුපසින් සිටිමින් දෙවන ඉනිම ද  ආරම්භ කළ සාන්ත මරියා විද්‍යාලයට එම ඉනිම ද සාර්ථක කර ගැනීමට ඉඩ නොදුන් කලන පෙරේරා, ඔවුන්ගේ පළමු කඩුලු 10න් 8ක්ම දවා ගත්තේ එක් ලකුණක් පමණක් ලබා දෙමින් වීම විශේෂත්වයකි.

පන්දුවක් හිසේ වැදී පැතුම් නිස්සංක ආබාධයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ එන්. සී. සී. පිටියේ දී…

අද දිනයේ ක්‍රියාත්මක වූ පන්දු 41 තුළ සාන්ත මරියා විද්‍යාලය කඩුලු 6ක් දැවී ලබා ගත්තේ එක් ලකුණක් පමණි. සාන්ත මරියා විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගත් ලකුණු 6න් ලකුණු 4ක් අතිරේක ලකුණු විය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත මරියා විද්‍යාලයේ ආරාධනයෙන් පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 311ක් ලබාගෙන සිටිය දී පළමු ඉනිම අත්හිටවූ අතර උමයංග සුවාරිස් 4 පහර 7ක් හා 6 පහර දෙකක් සමඟ ලකුණු 107*ක් ද, ශලින් ද මෙල් ලකුණු 66ක් ද රැස්කර ගන්නා ලදි.  

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම: 311/8d (64.3) – උමයංග සුවාරිස් 107*, ශලින් ද මෙල් 66, සිතිර හපුහින්න 47, ඩියෝන් ප්‍රනාන්දු 46, කලන පෙරේරා 25, හිරාන් බියගම 4/85, සිනෙත් විරසූරිය 3/102.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම: 72 (23) – පසන් වලිසිංහ 34*, කලණ පෙරේරා 8/17.

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉනිම: (F/O) – 6/10 (10.5): කලණ පෙරේරා 8/01.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

දෙවන දිනයට පැවැත්වූ මෙම තරගයේ ඊයේ (30) දිනය නිමා වන විට ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 120ක් රැස්කර ගෙන සිටි අතර ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 178ක් ලබාගෙන සිටියේ ජනාධිපති විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 58ක් ඉදිරියෙන් සිටිමිනි.

අද දිනයේ පළමු කාර්තු දෙක තුල ලකුණු සටහන තවත් පියවර කිහිපයක් ඉදිරියට ගෙන ගිය ඩී. එස්. ක්‍රීඩක අමිත දාබරේ හා පසිඳු ආධිත්‍ය පිළිවෙළින් ලකුණු 64ක් හා ලකුණු 42ක් වාර්තා කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ක්‍රියාත්මක වූ ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් වූ දකුණත් පිතිකරු ටශික නිර්මාල් හා ඉරංග හේෂාන් ලකුණු 43 බැගින් ලබා ගත්හ. පන්දු යැවීමේ දී ඩී. එස්. විද්‍යාලයට සවියක් වූ චමත් යටවර ලකුණු 29කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම: 120 (37.1) ඉරංග හෂාන් 44, චමත් යටවර 7/31, මුදිත ලක්ෂාන් 2/14.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම: 209 (43.1) අමිත දාබරේ  64, පසිඳු ආධිත්‍ය 42, සඳරු වික්‍රමරත්න 23, ටෂික නිර්මාල් 4/53, දිනිත්නෙලුම්දෙණිය 3/41.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය දෙවන ඉනිම: 115/4 (36): ටශික නිර්මාල් 43, ඉරංග හේෂාන් 43*, චමත් යටවර 3/29.

ජෝ රූට්ස් ටෙස්ට් තරගාවලියට අනතුරු අඟවයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවති..

මාතර රාහුල විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමා වූ මෙම සුහද ක්‍රිකට් තරගය අද දිනට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දේවපතිරාජ විද්‍යාලය කිසිවෙක් නොදැවී එක් ලකුණක් ලබා සිටියේය.

දේවපතිරාජ විද්‍යාලයේ මුල්පෙළ කඩුලු කිහිපයක් බිඳ වැටි ගිය පසුව පිටියේ එක්වූ වමතින් පිතිකරණයේ නිරත වන සුධීර වීරරත්න හා දකුණතින් පිතිකරණයේ නිරත වන ජීවක ශෂීන් යන දෙදෙනාම ශතක ඉනිම් දියත් කරමින් මාතර උයන්වත්ත පිටිය සිය අණසකට යටත් කර ගන්නා ලදි.

අවසානයේ අයහපත් ආලෝක තත්වය නිසා තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය. ඒ වන විට සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගෙන සිටි දේවපතිරාජ ක්‍රීඩකයෝ  කඩුලු 3ක් දැවී ලකුණු 307ක් ලබාගෙන සිටියහ.

රාහුල විද්‍යාලය පළමු ඉනිම: 230/9d (81.5) ශෂාන් බණ්ඩාර 59, බිනර සංකිත් 39, ලකිඳු චමෝද් 32, පැතුම් මදුසංක 3/51.

දේවපතිරාජ විද්‍යාලය පළමු ඉනිම: 307/3 (75.5) සුධීර වීරරත්න 133, ජීවක ශෂින් 124*, හිරුෂික තිමිර 25.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<