MCA ඇකඩමියට වසර 17යි; පොඩ්ඩන්ගේ තරගාවලිය දෙසැම්බර් මුලදී

13න් සහ 15න් පහළ වෙළඳසේවා ඇකඩමි ක්‍රිකට් තරගාවලිය 2019

133
U13 & U15 Inter Academy Tournaments

වෙළඳසේවා ක්‍රිකට් සංවර්ධන කමිටුව සහ DFCC බැංකුව එක්ව 14 වන වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් සහ 15න් පහළ ඇකඩමි ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 07 වනදා සිට 21 වනදා දක්වා කොළඹ අවට පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වේ. 

ද මැසනොඩ් සහ ගුරුකුල විද්‍යාල පෙරමුණේ

සිංගර් ආයතන සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල්


මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව අද (28) දින වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ දී පැවැත්වුනු අතර ඒ සඳහා වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ නිලධාරින් සහ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස කටයුතු කරනු ලබන DFCC බැකුවේ මහත්ම/මහත්මීන් ද කිහිපදෙනෙකු ද පැමිණ සිටියේය.

2005 වසරේ සිට පැවැත්වෙන මෙම ඇකඩමි ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ බවට පත්වී ඇත්තේ ශ්‍රී ලාංකීය කුඩා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමයි. වෙළඳසේවා ක්‍රිකට් ඇකඩමියේ 17 වන සංවත්සරය සැමරීම ද මෙවර තරගාවලියේ එක් ප්‍රධාන අරමුණකි.

එක් ඉනිමක් පන්දුවාර 30කට සීමාවෙන මෙම තරගාවලිය වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ යන කාණ්ඩයන් දෙක යටතේ  පැවැත්වෙන අතර එක් වයස් කාණ්ඩයක් සඳහා කණ්ඩායම් 20ක් සහභාගී වේ. එම එක් වයස් කාණ්ඩයක් තුළ එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් වන ලෙස කාණ්ඩ 4කට වෙන්කර තිබේ. තරගාවලියේ මූලික වටය අවසානයේ ඒ එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානයන් දෙක දිනා ගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. 

“මේ තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 600කට වඩා අධික පිරිසක් සහභාගී වෙනවා. මේක කුඩා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඔවුන් සතුව තිබෙන ක්‍රිකට් හැකියාව වර්ධනය කරගන්න වගේම ඔවුන් සතු දක්ෂතා එළියට පෙන්වන්න තිබෙන හොඳ වේදිකාවක්. අපි පසුගිය වසර 13 පුරාවටම මේ තරගාවලිය නොකඩවා පවත්වාගෙන ඉදිරියට රැගෙන ආවා. ශ්‍රී ලාංකීය ව්‍යාපාර බොහෝමයක් අපහසුවෙන් සිය මූල්‍ය හැකියාව පවත්වාගෙන යන මෙවැනි කාලයක් තුළ DFCC බැංකුව මේ තරගාවලිය සංවිධානය කිරීම වෙනුවෙන් අපිත් එක්ක අත්වැල් බැඳගත්තා. මම වෙළඳසේවා සංගමය වෙනුවෙන් ඔවුන්ට අපේ ස්තූතිය පුදකර සිටිනවා.” යැයි ශ්‍රී ලංකා වෙළඳසේවා සංගමයේ සභාපති රොහාන් දිසානායක මහතා මාධ්‍ය අමතමින් පැවසීය.

වයස් කාණ්ඩයන් දෙක යටතේ වෙන වෙනම අවසන් මහා තරග දෙකක් පැවැත්වෙන අතර එම තරග ද ඇතුළත්ව මුළු තරග 94ක් මෙවර 2019 වයස අවුරුදු 13න් සහ 15න් පහළ ඇකඩමි ක්‍රිකට් තරගාවලියට ඇතුළත් වේ.

ස්මිත් තමන්ටම දඬුවම් කර ගනියි

දැනට ලොව සිටින අංක 1 ටෙස්ට් පිතිකරුවා වන ස්ටීව් ස්මිත් සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව

2018 වසරේ දීද අති සාර්ථකව අවසන් වූ 13 වන වෙළඳසේවා ඇකඩමි ක්‍රිකට් තරගාවලියේ දී MCA blue කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ CCC කණ්ඩායම, වයස අවුරුදු 13න් පහළ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. වයස අවුරුදු 15න් පහළ ශූරතාවය දිනාගත් NCC කණ්ඩායම කඩුලු 6කින් අවසන් මහා තරගය ජයග්‍රහණය කළේ හේමන්ත රණසිංහ ක්‍රිකට් ඇකඩමිය එහි අනුශූරයින් බවට පත්කරමිනි.

වයස අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන කණ්ඩායම්,

වෙළඳසේවා ක්‍රිකට් ඇකඩමියේ කණ්ඩායම් 3යි, SSC, NCC, CCC, SPS රඹුක්කන, හේමන්ත රණසිංහ ක්‍රිකට් ඇකඩමිය, සුදන් නානායක්කාර ක්‍රිකට් ඇකඩමිය, රාගම ක්‍රිකට් ඇකඩමිය, පානදුර ක්‍රිකට් ඇකඩමිය, බ්‍රෙන්ඩන් කුරුප්පු ක්‍රිකට් ඇකඩමිය, සෙරන්ඩිබ් ජාත්‍යන්තර ක්‍රිකට් ඇකඩමිය, කින්ග්ෆිෂර් ක්‍රිකට් ඇකඩමිය, කොළඹ ප්‍රිමියර්, Ready to Surpass Achievement ක්‍රිකට් ඇකඩමිය, රෙහාන් ස්පෝර්ට්ස්, මහර ක්‍රිකට් ඇකඩමිය, සසිත අමරසිංහ ක්‍රිකට් ඇකඩමිය, අසෝක ද සිල්වා ක්‍රිකට් ඇකඩමිය.

උණුසුම් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ

වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන කණ්ඩායම්,

වෙළඳසේවා ක්‍රිකට් ඇකඩමියේ කණ්ඩායම් 3යි, SSC, NCC, CCC, SPS රඹුක්කන, හේමන්ත රණසිංහ ක්‍රිකට් ඇකඩමිය, සුදන් නානායක්කාර ක්‍රිකට් ඇකඩමිය, රාගම ක්‍රිකට් ඇකඩමිය, පානදුර ක්‍රිකට් ඇකඩමිය, සසිත අමරසිංහ ක්‍රිකට් ඇකඩමිය, සෙරන්ඩිබ් ජාත්‍යන්තර ක්‍රිකට් ඇකඩමිය, කින්ග්ෆිෂර් ක්‍රිකට් ඇකඩමිය, රෙහාන් ස්පෝර්ට්ස්, මහර ක්‍රිකට් ඇකඩමිය, අසෝක ද සිල්වා ක්‍රිකට් ඇකඩමිය, චෑම්ප් ක්‍රිකට් ඇකඩමිය, චන්දන රත්නායක ක්‍රිකට් ඇකඩමිය, බ්‍රෙන්ඩන් කුරුප්පු ක්‍රිකට් ඇකඩමිය, ස්වින්ගර්ස් ක්‍රිකට් ඇකඩමිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<