ප්‍රහාරාත්මකව පහර දීලා තරග දිනන්න ටිකක් අමාරුයි – තිරිමාන්න

272

වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව තුල 300ට අඩු ලකුණු ප්‍රමාණයක් වාර්තා කරගෙන තරගයක් ජය ගැනීම තරමක් අපහසු කරුණකි.

නමුත් ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවෙක් වන වමතින් පිත්ත හසුරුවන ලහිරු තිරිමාන්න ප්‍රහාරාත්මක ලෙස පිතිකරණයේ නිරත වීම, තරග ජය ගැනීම වෙනුවෙන් විශාල දායකත්වයක් නොදක්වන කරුණක් බව පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය

දිනය 1996 වසරේ මාර්තු 17 වැනිදා ය. පාකිස්තානයේ …………

“මම හිතන්නේ 2014 විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වෙන්න කලිනුත් ගොඩක් හිටියේ ප්‍රහාරාත්මක පිතිකරණය ගොඩක් වැදගත් කියන තැනක. නමුත් අවසානයේ දී ඒ වතාවේ දී ලෝක ශූරයින් වුනේ අපි.”

ඒ තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලකුණු 131ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හඹා යාමට තිබුණු අතර එහි දී කුමාර් සංගක්කාර නොදැවී රැස්කරගත් ලකුණු 52 ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නේය. තවද එම තරගාවලියේ දී ම නවසීලන්තය සමඟ පැවති තරගයේ දී රංගන හේරත් ලකුණු 3කට කඩුලු 5ක් දවාගෙන දස්කම් දැක්වීම නිසා නවසීලන්ත කණ්ඩායම ලකුණු 60කට සියල්ලන්ම දැවී ගියේය. එම තරගයේ දී ශ්‍රී ලංකා වාර්තා කර ගත්තේ ලකුණු 119ක් පමණි.

“ඔබ ලකුණු 50ක් රැස්කර ගත්තොත් එය දිග තරගයක්. ඔබ පන්දු 300ක් ක්‍රීඩා කළොත් එයත් මම හිතන්නේ නම් එහෙමයි. මම හැමතිස්සේම මගේම සැලසුමකට අනුව තමයි ක්‍රීඩා කරන්නේ, දුර්වල පන්දුවක් දැකපු ගමන් මම ඒ පන්දුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා.” යැයි තිරිමාන්න පැවසීය.

“2014 විස්සයි විස්ස ලෝක කුසලානය විතරක් නෙමේ අපි දින්නේ 1996 ලෝක කුසලානයත් අපි ජයග්‍රහණය කළා. මගේ වයස එතකොට අවුරුදු 6යි. මට මතකයි මම මගේ පවුලේ අයත් එක්ක ඒ අවසන් මහා තරගය බලපු විදිහ. ඒ දවස එදත් අදත් හරිම සුන්දරයි. අපි ඒ තරගාවලි දෙකේ දී ම හොඳින්ම ක්‍රීඩා කළ නිසයි දින්නේ.” යැයි තිරිමාන්න සිය අදහස් දක්වමින් පවසන ලදි.

මහ සයුරේ ගැඹුරු දියේ ජීවිතය සොයා ගිය එංගලන්ත උපනායකයා

2007 ලෝක කුසලාන තරගාවලිය අතරතුර …………

1996 වසරේ තිබූ ක්‍රිකට් ක්‍රීඩාව හා වර්තමානයේ තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව අතර විශාල වෙනසක් තිබේ. ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන විට ඔවුන් අවසන් වරට සහභාගී වූ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 15න් තරග 13ක්ම පරාජයට පත්වී තිබුණි. 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ එක්දින තරග 15න් ජය ගෙන තිබුණේ තරග 7ක් පමණි.

එම ලෝක කුසලානයේ දී සනත් ජයසූරිය හා රොමේෂ් කළුවිතාරණ ක්‍රිකට් උන්මාදයට නව අරුතක් එකතු කළේ පළමු පන්දුවාර කිහිපය තුල වේගවත්ව පන්දුවට පහර දෙමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු පන්දුවාර 15 අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 100ක් රැස්කර ගත්තේය. නමුත් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන්නේ දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්නයි. ඔවුන් දෙදෙනාගේම පන්දුවට පහර දීමේ වේගය 70ක් වැනි අගයක පවතී.

“මීට මාසයකට විතර කලින් අපේ දේශීය ක්‍රිකට් තරගාවලිය පැවැත්වුනා. ඒ තරගාවලියේ දී මට ලකුණු අතරට එන්න පුළුවන් වුනා. මම හිතෙන්නේ ඒ දක්වපු දස්කම් නිසා තමයි මම ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට තේරුණේ. මට ඒ තරගාවලිය ඉතාමත් හොඳ තරගාවලියක් වුනා. මම 2015 ලෝක කුසලානයේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නිසා මට තරගාවලියේ රිද්මය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. කියලා මම හිතනවා.” යැයි තිරිමාන්න අවසන් වශයෙන් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<