ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි, විජයග්‍රාහී 10 වසරක ගමන් මග අභිමානයකින් යුතුව සැමරීමට සූදානමින් සිටින බව ලාංකීය ක්‍රීඩාශීලී රසිකයන්ට සතුටින් දැනුම් දෙන්නෙමු.

ක්‍රීඩා වෙබ් අඩවියක් ලෙස ඔබ හට සේවය සපයමින් ක්‍රීඩාවේ නව මානයන් ඔබ වෙත ගෙන ඒමට හැකි වීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වන්නෙමු. නව තාක්ෂණය හා මුසු වූ අපගේ සජීව විකාශයන් ඔබ වෙත නැවුම් අත්දැකීම් රැසක් ගෙන එන්නට ඇති බව නොඅනුමානය. අපක්ෂපාතිව කරන ලද එසැණ පුවත් වාර්තාකරණය, නෙත් වසඟයට පත්කරන ඡායාරූප, ක්‍රීඩා විශ්ලේෂණයේ ගැඹුරටම විහිදුණු විශ්ලේෂණාත්මක ලිපි සහ වීඩියෝ දසුන් සහ තවත් බොහෝ දේ දස වසරක් මුළුල්ලේ ඔබ වෙත ගෙන ඒමට හැකි වීම අප ලැබූ විශාලම ජයග්‍රහණයයි.

මේ 2019 වසරයි!

පළමුවෙන්ම ලැබුවා වූ නව වසර සතුට, සෞභාග්‍ය පිරි ප්‍රීතිමත් ක්‍රීඩාශීලී වසරක්…

පාසල් සිසුන් දෙදෙනෙකුගේ සංකල්පයක් මත ThePapare.com වෙබ් අඩවිය ආරම්භ කරන විට එක් ලැප්ටොප් පරිගණකයක් සහ කැම්කෝඩරයක් පමණක් සතුවිය. මේ වන විට දිවයින පුරා විසිරුණු 150කට අධික බලකායක් සහ නවීන තාක්ෂණය මුසුවූ උපකරණ සමඟින් දිවා රෑ නොබලා ක්‍රීඩා 30කට අධික සංඛ්‍යාවක පුවත් ක්‍රීඩාශීලී ඔබ වෙත ගෙන ඒමට අපට හැකිවී තිබේ.

වර්තමානය වන විට මෙරට තුළ පමණක් නොව විදේශීයව ද අපගේ ජාලය පුළුල් කර ඇති අතර යුරෝපය සහ මැදපෙරදිග සිටින ලාංකීය ක්‍රීඩා රසිකයන් අප හා සම්බන්ධ වී ඇති අතර අපගේ විදේශීය ක්රීඩා පුවත් ද ආවරණය කිරීමට හැකි වී තිබේ. තවමත් අප හා සම්බන්ධ වී නොමැති ක්‍රීඩාවට හිතැති ඔබ ද අප හා සම්බන්ධ වීම අපගේ බලාපොරොත්තුවයි.

අපගේ දස වසරක විජයග්‍රාහී ගමන පසුපස සිටින්නේ දහස් ගණනක් වූ අපගේ ක්‍රීඩාශීලී රසික ඔබයි. ඔබගේ සහයෝගය නොමැතිව අපගේ ගමන මෙතරම් දුරක් පැමිණිය නොහැකි බව නොරහසකි. ඔබගේ එම සහයෝගය මේ වන විට අපගේ විජයග්‍රාහී ගමනක් වී හමාරය.

මේ වසරේ දී අපි උත්කර්ෂව සැමරීමට සූදානම් වන 10 වන සංවත්සරයේ අරමුණ ක්‍රීඩාශීලී ඔබගේ බලාපොරොත්තු ඉටු කිරීම සහ තව තවත් ThePapare.com රසික ඔබ සමඟ සම්බන්ධ වීමයි. ඔබගේ ක්‍රීඩාවට හිතැති අදහස් අපත් සමඟ බෙදා ගැනීමට අප හා සම්බන්ධ වෙමින්, අපගේ වැරදි නිවැරදි කරමින් “10 වන සංවත්සරය” අභිමානයෙන් යුතුව සැමරීමට අප සමඟ සම්බන්ධ වන ලෙස ආරාධනා කරන්නෙමු.

>> ක්‍රීඩා පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න – මුල් පිටුවට <<