මැතිව්ස් ශතකයකින් වැඩ අල්ලයි

761

නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් අද (08) ආරම්භ වූ පුහුණු තරගයේ දී අනෙකුත් පිතිකරුවෝ තම දුර්වලතා ප්‍රදර්ශනය කරද්දී එක් අන්තයක් සම්පූර්ණයෙන්ම බාර ගත් ඇන්ජලෝ මැතිව්ස් ශතකයකින් තම ඉනිම සරසා ගත්තේ ය.

මැතිව්ස් පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 128ක් ලබා ගත්තේ ය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 210ක් ලබා ගනිමින් ඉනිම අත්හිටවූවේ පිතිකරුවන් 5 දෙනෙක්ම කිසිදු ලකුණක් නොලබා දැවී යද්දී ය.

නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

දෙසැම්බර් මස 15 වැනිදා සිට නවසීලන්තයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරග මාලාවට සහභාගී වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ශ්‍රී ලංකා…

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළ ද  එම තීරණය පළමු අර්ධය දක්වා ම විවාධාපන්න විය. තරගය දිවා විවේකයට නතර කරන විට ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 87ක් ලෙසිනි.

ශ්‍රී ලංකා ඉනිම ධනුෂ්ක ගුණතිලක සහ ලහිරු තිරිමාන්න විසින් ආරම්භ කළ ද ඔවුන්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැත. ධනුෂ්ක ගුණතිලක (0) පළමු පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 1ක්ව තිබිය දී ය.  

අනතුරුව ලහිරු තිරිමාන්න (6) ලකුණු 10ක් වෙද්දී දැවී ගියේ ය. ඒ හා සමඟ ම තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවේ දී කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී ගියේ ය. දිවා විවේකයට ප්‍රථම අර්ධයේ ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට එක් වූ ලකුණු සංඛ්‍යාව 49කි.

චන්දිමාල් පන්දු 46කට මුහුණ දී හතරේ  පහර 2ක සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය. අනතුරුව මැතිව්ස් ධනංජය ද සිල්වා සමඟ ද ලකුණු 28ක සබඳතාවක් 5 වැනි කඩුල්ලට ගොඩ නැගුවේ ය. ධනංජය පන්දු 32කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තේ ය

දිවා විවේකය පෙනි පෙනී තිබිය දී නිරෝෂන් දික්වැල්ල (0) තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඉනිම හැර ගිය අතර රොෂේන් සිල්වා (0) තමන් මුහුණ දුන් සිව්වැනි පන්දුවේ දී කඩුල්ල අහිමි කර ගත්තේ ය.

ඩිල්රුවන් පෙරේරාට ද මෙම තරගයේ දී යමක් කිරීමට හැකි වූයේ නැත. ඔහු තමන් මුහුණ දුන් තෙවැනි පන්දුවේ දී කිසිදු ලකුණක් නොලබා දැවී ගියේ ය.

කමිඳුගේ තුන් ඉරියව් දස්කම් සමඟින් ශ්‍රී ලංකාවට පහසු ජයක්

නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අරඹමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවති තරගය මුළු මනින්ම තමන්ගේ තරගයක් බවට…

අනතුරුව සුරංග ලක්මාල් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා ගත් අතර ලහිරු කුමාර නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් ද සමඟින් ලකුණු 12ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී බ්ලේක් කොබුම් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව පීටර් යංගස්බෑන්ඩ් සහ මයිකල් සිනෙඩන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම දිනය අවසන් වෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 67ක් ලබා සිටියේ ය.

එම ඉනිමට එරෙහිව සුරංග ලක්මාල්, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර සහ ඩිල්රුවන් පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්හ. සත්කාරක කණ්ඩායම වෙනුවෙන් විලියම් ඕ ඩොනෙල් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තේ ය.  

තරගයේ හෙට (09) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 210 (59): දිනේෂ් චන්දිමාල් 26, ඇන්ජලෝ මැතිව්ස් 128, මයිකල් සිනෙඩන් 2/29, පීටර් යංගස්බැන්ඩ් 2/25, බ්ලේක් කොබුම් 3/44

නවසීලන්ත ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 67 (31): විලියම් ඕ ඩොනෙල් 22, ඩේල් පිලිප්ස් 17

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<