ජයග්‍රහණය ගැන සමාජ මාධ්‍ය දැවැන්තයෝ කියපු කතා

1394

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (5) ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34කින් එම තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාවේ මැද පෙළ අදත් අනාථයි

ලෝක කුසලාන ක්‍රිකට්තරගාවලියේ දෙවැනි තරගයට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විට කාඩිෆ් ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්……

ඊයේ තරගයේ දී කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයෙන් දස්කම් අතරට පිවිසෙන විට, නුවන් ප්‍රදීප් හා ලසිත් මාලිංග ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශයෙන් දස්කම් දැක්වීමට සමත් වූහ.

නායක දිමුත් කරුණාරත්න හා කුසල් ජනිත් පළමු කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ගොඩනැංවූ අතර දිමුත් කරුණාරත්න පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී තම ඉනිම නිමා කර ගත්තේ ය. අනතුරුව පිටියට පිවිසියේ ලහිරු තිරිමාන්න ය. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේ ය. කුසල් සහ තිරිමාන්න අතර දෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 52කි.

ඇෆ්ගනිස්තානයේ දකුණතින් පිට දඟපන්දු යවන මොහොමඩ් නබී දැවී ගිය කඩුලු දෙකේම හිමිකාරීත්වය දැරූ අතර ඉනිමේ යවනු ලැබූ 22 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවේ ඉරණම අසරණ කිරීමට ඔහුගේ දක්ෂතා ඉවහල් විය.

තිරිමාන්න දැවී ගොස් යැවුණ දෙවැනි පන්දුවේ දී කුසල් මෙන්ඩිස්ගේ (2) කඩුල්ල ද දවා ගැනීමට නබී සමත් විය. ඉන් නොනැවතුන මොහොමඩ් නබී ඔහු එම පන්දුවාරයේ අවසන් පන්දුවේ දී හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ (0) ඉනිම ද නිමා කළේය.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නජිබුල්ලා සද්රාන් පන්දු 56කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය. එම කඩුල්ලට අමතරව දැවී ගිය අනෙක් සියලුම කඩුලු වේගපන්දු යවන්නෝ ලබා ගැනීම කැපී පෙණුනි.

ඇෆ්ගනිස්තාන ඉනිම අසරණ කිරීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තේ ය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාවය විය. එම දක්ෂතාවය නිසා නුවන් ප්‍රදීප් තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. ඔහුට අමතරව ලසිත් මාලිංග ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත් අතර ඉසුරු උදාන සහ තිසර පෙරේරා ද කඩුල්ල බැගින් දවා ගත්තේය.

>> ශ්රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගයේ විශේෂ අවස්ථා <<

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන සිය නිල ට්විටර් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව  සිය නිල ට්විටර් ගිණුමේ තැබූ සටහන මෙසේයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක, ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරක රසල් අර්නෝල්ඩ් ජයග්‍රහණයට පසුව මෙසේ පවසා තිබුණි.

මේ සමාජ ජාලා මාධ්‍ය තුල සිටින ක්‍රිකට් විස්තර විචාරකයින්, මාධ්‍යවේදීන්  හා ක්‍රිකට් ක්‍රීඩකයින් තැබූ සටහන් කිහිපයක්.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි තරගය මේ මස 7 වැනිදා තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිත ය.  

තරගය ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<