නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

1434
Sri Lanka Squad For New Zealand

දෙසැම්බර් මස 15 වැනිදා සිට නවසීලන්තයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරග මාලාවට සහභාගී වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරාපත් කරගෙන ඇත.

එයට මෙම මස (නොවැම්බර්) එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරග ක්‍රීඩා නොකළ ලහිරු කුමාර, ලහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් ඇතුළත් කර ඇත

ලක්මාල්, මිලින්ද සහ උදාන ඇතුළු ප්‍රබලයින් රැසක් කණ්ඩායම් මාරු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියේ ‘A’ ..

ලහිරු කුමාරට එල්ල වූ විනය පිළිබඳ ගැටලුව හේතුකොට ගෙන එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගමාලාව අහිමි වූ අතර ලහිරු තිරිමාන්න සහ සධීර සමරවික්‍රම අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ පසුගිය වසරේ ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී ය. ඔවුන් දෙදෙනාටම එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගමාලාව ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර එංගලන්තය සමඟ පැවති එක්දින තරගවල ක්‍රීඩා කිරීමට සධීර හට අවස්ථාව හිමි විය.

ආබාධවලට ලක්වීම හේතුවෙන් ටෙස්ට් සංචිතයෙන් ඉවත්ව සිටි නුවන් ප්‍රදීප් නැවත ක්‍රීඩා කළ හැකි මට්ටමට සුවය ලබා ඇති නිසා සංචිතයට කැඳවා තිබේ. මෙවර ටෙස්ට් සංචිතය නම් කරනු ලැබුවේ අශාන්ත ද මෙල් ප්‍රමුඛ නව ජාතික තේරීම් කමිටුවයි.

>> අවුරුදු 50 දී ටෙස්ට් වරම් ලබන රුචිර පල්ලියගුරුගේ

නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, දනුෂ්ක ගුණතිලක, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, සදීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් ප්‍රදීප්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<