ගෙවුනු දවස මාර්තු 26 – සිංගර් කුසලානය රිච්මන්ඩ් විදුහලට

428

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් 

කින්ග්ස්වුඩ් විද්‍යාලයට ජයග්‍රහණය

pic 1ඊයේ දිනය පුරා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය උණුසුම් කරමින් පැවැත්වුණු, කන්ද උඩරට ප්‍රසිද්ධ පාසල් දෙකක් වන කින්ග්ස්වුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර වාර්ෂික එක්දින ක්‍රිකට් සටන නිමාවට පත්වූයේ මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයට ලකුණු 44ක ජයක් හිමි කර දෙමිනි. කින්ග්ස්වුඩ් විදුහලේ ජයග්‍රහණය වෙනුවෙන් යසෝද් කාවින්ද සහ විමුක්ති විජේසිරිවර්ධන දියත් කළ විශිෂ්ට පිතිහරඹය මනා දායකත්වයක් ලබා දෙන ලදි.

කින්ග්ස්වුඩ් විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 244 (පන්දුවාර 50): යසෝද් කාවින්ද 76, විමුක්ති විජේසිරිවර්ධන 69, නිවන්ත හේරත් 4/33.

ධර්මරාජ විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 200 (පන්දුවාර 50): කවින්ද තිලකරත්න 44, සචින්ත සේනානායක 39*, දේශාන් ගුණසිංහ 34, ගිහාන් විතාරණ 35, සෞම්‍ය පියසේන 3/37.

සම්පූර්ණ තරග වාර්තාව: කන්ද උඩරට සටනින් කින්ග්ස්වුඩ් විදුහලට ජය


රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ජය පැන් බොති

pic 2සිංගර් අන්තර් පාසල් සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (26) කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවති අතර එම තරගයෙන් කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත් විය. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු 8කිනි.

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 141 (පන්දුවාර 38.1): යෙශාන් වික්‍රමාරච්චි 37, චරණ නානායක්කාර 26, නිපුන් ලක්ෂාන් 20, රවිශ්ක විජේසිරි 3/21, තිලංග උදේශන 3/29

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 140 (පන්දුවාර 25.3): ධනංජය ලක්ෂාන් 61, ආධිත්‍යය සිරිවර්ධන 38*, තවීෂ අභිෂේක් 24*, චරණ නානායක්කාර 1/29, එස්. ඩයස් 1/34

සම්පූර්ණ තරග වාර්තාව: කොළඹ කොල්ලන් පරාජය කරමින් ජයග්‍රහණය ගාල්ලට


රුහුණු නිල් මහා සටන ජය පරාජයෙන් තොරයි

pic 3ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන පාසල් මහා ක්‍රිකට් තරගයක් වන මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් සටන පසුගිය 24 වැනිදා 117 වැනි වරටත් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර, එම තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (26) අවසන් විය.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 76.4): තිලිණ ප්‍රශාන් 51, සුපුන් කාවින්ද 48, මුදිත හශාන් 36, ශසික දුල්ෂාන් 21, මලීශ සදුශ්ක 3/24, ලහිරු දිල්ශාන් 2/28, ප්‍රවීන් මදුෂාන් 2/38, හෂින් දිල්මින් 2/64

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු  211 (පන්දුවාර 110.1): ලහිරු ඩිල්ශාන් 72, රමින්ද ප්‍රවිනාත් 43, තරුශ කාවින්ද 30, තිලිණ ප්‍රශාන් 6/48

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 6ක් දැවී ලකුණු 174 dec (පන්දුවාර 68): සුපුන් කාවින්ද 42, තිලිණ ප්‍රශාන් 38, කේශර නුවන්ත 24, සඳරැ නෙත්මින 25*, හෂින් දිල්මින් 4/59

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – කිසිවෙකු නොදැවී ලකුණු 20 (පන්දුවාර 3.4)

සම්පූර්ණ තරග වාර්තාව: රුහුණු නිල් මහා සටන ජය පරාජයෙන් තොරව අවසන්


ත්‍රිකුණාමලයට විශිෂ්ට ජයක්

pic 4ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අනතර් දිස්ත්‍රික් එක්දින තරඟාවලියේ තවත් තරඟ 5ක් ඊයේ (26) දිනයේදී ක්‍රියාත්මක වූ අතර, එහිදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දිල්හාන් කුරේ රැස් කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ගාලු දිස්ත්‍රික් කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර වූ අතර අනෙක් තරඟ වලින් ත්‍රිකුණාමලය, කළුතර, මොණරාගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක ජය ලැබූහ.

ගාල්ල – කඩුලු 5ක් දැවී ලකුණු 354 (පන්දුවාර 50): දිල්හාන් කුරේ 139, ශාලික කරුණානායක 43, එරංග රත්නායක 84*, ශෙහාන් හෙට්ටිආරච්චි 2/43, ශෙනාල් ද සිල්වා 2/54.

හම්බන්තොට – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 32.1): දුලිප් ගයාන් 34, සෙනාල් ද සිල්වා 25, ශාලික කරුණානායක 3/28, රුවන් හේරත් 2/21.

මඩකලපුව – සියල්ලන්ම දැවී ලකුණු 196 (පන්දුවාර 47.4): භානුක රාජපක්ෂ 65, ලක්ෂාන් 37, බුද්ධික සඳරුවන් 4/32, සුමින්ද ලක්ෂාන් 3/25.

ත්‍රිකුණාමලය  – කඩුලු 7ක් දැවී ලකුණු 202 (පන්දුවාර 47.3): දිමුත් වරාපිටිය 52, රාජු ගයාශාන් 44, ලහිරු ශ්‍රී ලක්මාල් 42, දිනුක හෙට්ටිආරච්චි 4/28.

සම්පූර්ණ තරග වාර්තාව: දිල්හාන්ගේ ශතකය නිසා ගාල්ලට දැවැන්ත ජයක්


රග්බි 

අන්තෝනි විදුහල පරාජය කරමින් ජය ජෝසප්වරුන්ට

pic 5මහනුවර බෝගම්බර පිටියේ දී කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව පැවති රග්බි තරගයෙන් ජය ලබන්නට මරදාන සාන්ත ජෝසප් විදුහල සමත් වූයේ ලකුණු 24-11ක් ලෙසයි. සිංගර් පාසල් රග්බි ලීගයේ පස්වැනි සතියේ දී ලද මේ ජයත් සමඟින් දෙවන වටය වෙත තවත් පියවරකින් ලංවන්නට ජෝසප් කණ්ඩායමට හැකි විය.

ප්‍රථම අර්ධය – සාන්ත අන්තෝනි විද්‍යාලය 08 (1T 1P) – 05 (1T) සාන්ත ජෝශප් විද්‍යාලය

සම්පූර්ණ කාලය – සාන්ත අන්තෝනි විද්‍යාලය 11 (1T 2P) – 24 (4T 2C) සාන්ත ජෝශප් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – චතුර සෙනවිරත්න (ජෝසප්)

සම්පූර්ණ තරග වාර්තාව: අන්තෝනිවරුන්ගේ ශක්තිය අභිබවා යමින් ජෝසප්වරුන් ජය ලබයි


පාපන්දු 

සෝන්ඩර්ස් 00 – 03 කොළඹ

pic 6කොළඹ පාපන්දු සමාජය වාර්තා කල ගෝල ත්‍රිත්වයත් සමඟින් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් අවසන් පූර්ව තරගය දක්වා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (26) සමත් විය. ඒ කොළඹ සිටි ලීග් පිටියේ දී පැවති සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ තවත් එක් තරගයකිනි.

පළමු අර්ධය – සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 00-01 කොළඹ පාපන්දු සමාජය

සම්පූර්ණ කාලය – සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 00-03 කොළඹ පාපන්දු සමාජය

සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තුවන්න

දිනයක අවසානය