ගෙවුනු දවස මාර්තු 16 – බංගලාදේශය ශ්‍රී ලංකාව හඹා එයි

182
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

සම්මු ආශාන්ගෙන් අර්ධ ශතකයක්

pic 1

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම්කාරී බව නොඅඩුව විඳගන්නට ලැබෙන මෙම මාසය තුල එය තවදුරටත් උණුසුම් කරමින් ක්‍රියාත්මක වන සිංගර් කුසලාන පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයන් හි පළමු දිනය ඊයේ (16) පැවැත්විය. එහි දී තුශාල් මදුසංක කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 76.2): කසුන් මදුරංග 78, දිනුක ඩිල්ශාන් 28, උමේෂ් ඉමන්ත 22, තුශාල් මදුසංක 6/58, සඳරු ඩයස් 3/42

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 21 (පන්දුවාර 4.4):

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 236 (පන්දුවාර 60.2): කමේෂ් නිර්මාල් 60, සම්මු අශාන් 58, කවිදු ගිම්හාන් 45, ලහිරු හිරන්‍ය 28, ලසිත් කෘෘස්පුල්ලේ 2/30, පසිදු කොළඹගේ 2/33, පසිදු උශෙට්ටි 2/34, තිමිදු ප්‍රීතිම 2/48

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 131 (පන්දුවාර 34): කෙවින් පෙරේරා 40*, රොශේන් ප්‍රනාන්දු 40, ලසිත් කෘෘස්පුල්ලේ 38

සම්පූර්ණ තරග වාර්තාව: තුශාල් මදුසංක සුපිරි පන්දු යැවීම


චන්දිමාල් ශතකයක් වාර්තා කරයි

Pic 2

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් පීඩනය යටතේ වාර්තා කල විශිෂ්ට ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ඊයේ (16) ලකුණු 300 ඉක්මවා යාමට සමත් විය. නමුත් එම ලකුණු සංඛ්‍යාව හඹා එන බංගලාදේශ පිතිකරුවන් ද දෙවැනි දිනය නිමාවන විට කඩුලු 5කට ලකුණු 214ක් රැස් කරගෙන හොඳ ස්ථාවරයක සිටියි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 338 (පන්දුවාර 113.3): දිනේෂ් චන්දිමාල් 138, සුරංග ලක්මාල් 35, නිරෝෂන් දික්වැල්ල 34, ධනංජය ද සිල්වා 34, රංගන හේරත් 25, මුස්ටාෆිසූර් රහුමාන් 2/50, මෙහෙදි හසන් 3/90, සුභාශිස් රෝයි 2/53.

බංගලාදේශ (ප්‍රථම ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 214 (පන්දුවාර 60): සෞම්‍ය සර්කාර් 61, තමීම් ඉක්බාල් 49, සබ්බීර් රහ්මාන් 42, ඉම්රුල් කයිස් 34, ලක්ෂාන් සඳකැන් 3/65.

සම්පූර්ණ තරග වාර්තාව: ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම පසුපස බංගලාදේශය හඹා එයි

දිනයක අවසානය