ගුරුකුලේ රිසිත, බණ්ඩාරනායකවරුන් අමාරුවේ දමයි

142

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ තරග 2ක් අද (14) ආරම්භ වූ අතර එම තරග අතුරින් කැළණිය ගුරුකුල විද්‍යාලයේ රිසිත සංකල්ප දක්ෂ පන්දු යැවීමක නිතර වෙමින් දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් විය.  

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට හා ශ්‍රී ධර්මාලෝකයට දැවැන්ත ජයක්

අනාගත ක්‍රිකට් පිටියේ දිදුලන තාරකා සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත්. ඒ වෙනුවෙන් සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා…

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය 

බුලත්සිංහල ආරොන්ස් ක්‍රිකට් සමාජ පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී බණ්ඩාරනායකවරුන් සතු කළේය. ඒ අනුව පිටියට පිවිසි බණ්ඩාරනායක විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 40කට සීමා කිරීමට ගුරුකුල පන්දු යවන්නෝ සමත් වූහ. 

එහි දී වමතින් දඟපන්දු යවන රිසිත සංකල්ප ලකුණු 4කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. රිසිත මේ වෙනුවෙන් යවනු ලැබුවේ පන්දුවාර 8.1ක් වන අතර ඉන් පන්දුවාර 4ක්ම නිලකුණු පන්දුවාර විය. ඔහුට අමතරව තුෂාර මධුශංක සහ ප්‍රවීන් නිමේෂ් කඩුල් 2 බැගින් දවා ගත්හ. 

අනතුරුව පිටියට පිවිසි ගුරුකුල ක්‍රීඩකයන්ගේ ඉනිම වර්ෂාව හේතුවෙන් නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 84ක් විය. පස්වරු 2.35ට පමණ ඇද වැටුණ වර්ෂාව දිගින් දිගටම පැවතීම හේතුවෙන් පස්වරු 4.00ට පමණ තරගය පළමු දිනයට අතහැර දැමීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළහ. 

බණ්ඩාරනායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 40 (25.1) රිසිත සංකල්ප 5/04, තුෂාර මධුශංක 2/10, ප්‍රවීන් නිමේෂ් 2/16

ගුරුකුල විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 84 (26) රශ්මික මෙවන් 23, දිනෙත් කුමාරසිංහ 2/38

මෙම තරගය හෙට (15) දිනටත් ක්‍රියාත්මක වීමට නියමිත ය. 

ලොහාන් ද සොයිසා මලියදේව විද්‍යාලයට මැජික් පෙන්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරගයක් අද (13) නිමාවට පත්විය. සිංගර් …

කොළඹ, නාලන්දා විද්‍යාලය සහ කොළඹ, තර්ස්ටන් විද්‍යාලය (Group C) 

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී අද (14) ආරම්භ වූ මෙම තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත පළමු දිනයට නතර කරන විට තර්ස්ටන් විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 10ක් ලබා සිටියේය. ඒ නාලන්දා විද්‍යාලය තම  පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 184ට පිළිතුරු ලෙසිනි.

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාලන්දා ඉනිම වෙනුවෙන් රශාන් දිසානායක අර්ධ ශතකයක් රැස් කළේය. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේය. රශාන්, රනිඳු ද සිල්වා සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 80ක සබඳතාවක් එක් කිරීමට ද දායක වුණි.

කඩුලු ලබා ගැනීමේ දී පුන්තිල සමන්තකුමාර ලකුණු 40කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.  

පිළිතුරු ඉනිමේ පන්දුවාර 5ක් යැවූ තැන වර්ෂාව පතිත වීම නිසා තරගය 3.10ට පමණ නතර කිරීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළ අතර එතැන් සිට තරගය ආරම්භ කිරීමට තත්ත්වයක් පරිසරයේ නොවීම හේතුවෙන් එදිනට තරගය නතර කරන ලදි. 

තර්ස්ටන් ඉනිම නතර කරද්දී දැවී ගිය කඩුලු දෙකේම හිමිකාරිත්වය දිනෙත් සමරවීර සතු වීම කැපී පෙණුනි. 

නාලන්දා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 184 (54.3) රශාන් දිසානායක 61, චනුල් අතුකෝරල 35, මහීම වීරකෝන් 30, රනිඳු ද සිල්වා 22, පුන්තිල සමන්තකුමාර 4/40, දනංජ ප්‍රසාද් 2/15, බවන්ත ජයසිංහ 2/26, බිමාර රණතුංග 2/78

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 10 (5) දිනෙත් සමරවීර 2/09

මෙම තරගය දෙවැනි දිනටත් (15) ක්‍රියාත්මක වීමට නියමිත ය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<