ශෙරාන් අමිඳුගෙන් වර්ණවත් ශතකයක්

170

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) නිමා වූ තරගයක දී ලකුණු 402ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් විය.

මෙම තරගයේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ශෙරාන් අමිඳු ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. ඊයේ දවසේ වාර්තා වූ එකම ශතකය වූයේ ද එයයි.

එම තරග ප්‍රතිඵලයට අමතරව නාලන්දා විද්‍යාලය කඩුලු 9ක ජයග්‍රහණයක් වාර්තා කිරීම ද, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය ඉදිරියේ ලකුණු 50කට දැවී යෑමත් කැපී පෙණුනි.

ගුරුකුල විද්‍යාලයට කඩුලු 10ක ජයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය …………

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය අතර තරගය (Group P)

වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 402ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ සාන්ත සේවියර් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 455ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ශෙරාන් අමිඳු ලකුණු 134ක් ලබා ගත් අතර කවිඳු මධුරංග සහ අචින්ත දෙව්ශාන් අර්ධ ශතක ලබා ගත්හ.

පිළිතුරු ලෙසින් සාන්ත සේවියර් විද්‍යාලයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 53ක් පමණි. එම ඉනිමට එරෙහිව පන්දු යැවීමේ දී චමත් යශෝහර ලකුණු 11කට කඩුලු 5ක් දවා ගත්තේය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 455 (50) ශෙරාන් අමිඳු 134, කවිඳු මධුරංග නොදැවී 78, අචින්ත දේශාන් 52, චාලුක සංදීප 44, දිනෙත් උශාර 22, ප්‍රමුදිත අප්පුහාමි 4/75

සාන්ත සේවියර් විද්‍යාලය; සියලුම දෙනා දැවී 53 (19.1) චමත් යශෝහර 5/11, අචින්ත දේශාන් 3/15


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය (Group D)

ඩී. එස්. පිටියේ දී පවැති මෙම තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඩී. එස්. ක්‍රීඩකයෝ ඉතා අවාසනාවන්ත ලෙසින් තම ඉනිමට රැස් කළේ ලකුණු 50ක් පමණි. එය කඩුලු 2ක් පමණක් දැවී පසු කිරීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වූහ.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; සියලුම දෙනා දැවී 50 (19) කළණ සංදීප 3/05, සංදීප ප්‍රනාන්දු 2/03, බිහඟ මෙන්ඩිස් 2/12, හිරුමාල් පෙරේරා 2/24

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; කඩුලු 2ක් දැවී 52 (10.3) සුකිත ප්‍රසන්න නොදැවී 15, සනිරු දිසානායක 2/18


කොළඹ නාලන්දා විද්‍යාලය සහ නුගේගොඩ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර තරගය (Group A)

කොළඹ නාලන්දා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට නාලන්දා ක්‍රීඩකයෝ සමත් වූහ.

සාන්ත ජෝන්ස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 48 (28.2) සනුල් අතුකෝරල 3/18, දිනෙත් සමරවීර 2/04, වෙනුර විශාලිත 2/10

නාලන්දා විද්‍යාලය; කඩුල්ලක් දැවී 49 (6.3) නිකිල් අබේගුණසේකර 16

ICC ය ශ්‍රී ලංකාවට අවවාද කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ….


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය (Group J)

ගම්පහ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක තිස්ස විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් බණ්ඩාරනායක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 148ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී වාර්තා කිරීමට තිස්ස ක්‍රීඩකයෝ සමත් වූහ. එම ඉනිමේ දී රන්දුල දසුන් අර්ධ ශතකයක් ලබා ගත්තේය.

බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය; සියලුම දෙනා දැවී 148 (42) සජන ඉලංගකෝන් 29, ජනිත් තාරුක 36, ටී. ක්‍රිශාන්ත 3/30, අවිශ්ක දේවිත 2/18, නිකිල් සහස්මික 2/37

තිස්ස මධ්‍ය මහා විද්‍යාලය; කඩුලු 4ක් දැවී 149 (20.4) රන්දුල දසුන් 65, අංජන සිනෙත් නොදැවී 24, ජනිත් ලක්රුවන් 20, දිලුශ්ක හිමේෂ් 4/39


කොළඹ ආනන්ද විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරගය (Group B)

කොළඹ දී පැවති මෙම තරගයෙන් ලකුණු 53ක ජයග්‍රහණයක් ලබා ගැනීම ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලයේ මහෝෂධ ප්‍රනාන්දු සහ ටෙහාන් පෙරේරාගේ අර්ධ ශතක ‍දෙකත් සමඟින් ඔවුන් ලකුණු 248ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ජනාධිපති විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 195ක් පමණි.

ආනන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 248 (47.2) මහෝෂධ ප්‍රනාන්දු 60, ටෙහාන් පෙරේරා 52, හංසජ ජයසිංහ 26, සවිරු බණ්ඩාර 22, නිපුන් කල්හාර 4/48, නුරාන් පෙරේරා 3/30

ජනාධිපති විද්‍යාලය; සියලුම දෙනා දැවී 195 (46.5) විකුම් කල්හාර 39, තෙවින් තෙව්මික 37, විනිත ඩිල්ශාන් 31, අශාන් මදාර 26, ඉසුරු අයේශ් 4/43


කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය (Group A)

කොටහේනේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

මෙම තරගය වෙනුවෙන් ගිහාන් සිරිවර්ධන සහ තේනුක නන්දලාල් අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනි.

ඉසිපතන විද්‍යාලය; සියලුම දෙනා දැවී 207 (48.3) ගිහාන් සිරිවර්ධන 53, කවිඳු කමන්ත 47, ඔමිත රවින්ද්‍ර 26, අශේන් සොයිසා 3/18, සනිලාල් සිල්වා 2/21

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; කඩුලු 4ක් දැවී 208 (43.2) තෙනුක නන්දලාල් 68, අසිඳු කරුණාරත්න 37, පසන් සුවහස් 36, දිනේෂ් සොයිසා 29

සීමිත පන්දුවාර ක්‍රිකට් රටාවට ඉන්දියාවෙන් පැමිණි හොඳම තරග දිනවන්නා

දිනය 2000 වසරේ ජනවාරි 25 වෙනිදාය. යොවුන් ලෝක ……….


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය (Group L)

මහනුවර පොලිස් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 78ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ.

ත්‍රිත්ව විද්‍යාලය; සියලුම දෙනා දැවී 202 (44.4) තෙවින් අමරසිංහ 67, සනුද සෝමරත්න 35, ඒ. මුතාලිෆ් 26, අයි. පොල්කොටුව 3/27, දුමිඳු බණ්ඩාර 2/39, එම්. ජයසූරිය 2/53

කිංග්ස්වුඩ් විද්‍යාලය; සියලුම දෙනා දැවී 124 (44.2) සී. අබේරත්න 24, එම්. පතිරණ 3/33, ජේ. රණතුංග 2/32, ආර්. සෝමරත්න 2/16


කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය (Group K)

කටුනේරියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ සමත් වූහ.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; සියලුම දෙනා දැවී 147 (44) ජේ. ප්‍රනාන්දු 47, ටී. මනුශාන් 33, සන්දීප ප්‍රනාන්දු 3/24, ආලෝක ලක්ශාන් 3/32, ශැරෝන් ඩිල්ශක 2/25

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; කඩුලු 5ක් දැවී 148 (32.3) ගිහාන් සිල්වා නොදැවී 61, සංදීප ප්‍රනාන්දු 37, කල්හාර ප්‍රනාන්දු 21, කේ. තිලකරත්න 2/35


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය (Group H)

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට දේවපතිරාජ ක්‍රීඩකයෝ සමත් වූහ.

සාන්ත සර්වේසස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 126 (40.2) හිරුන් අංජන නොදැවී 60, පවන් සංදේශ් 3/29, ජීවක ශෂීන් 3/21

දේවපතිරාජ විද්‍යාලය; කඩුලු 3ක් දැවී 130 (20.2) සුදීප වීරරත්න නොදැවී 50, පවන් සංදේශ් 47, තුසර පැහැසර 3/43


හොරණ තක්ෂිලා විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය (Group J)

හොරණ දී පැවති මෙම තරගයෙන් තක්ෂිලා ක්‍රීඩකයෝ කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ගුරුකුල විද්‍යාලය; සියලුම දෙනා දැවී 143 (43.2) සජිත චමෝද් 69, පසිඳු තාරුක 5/42, නවෝද් රසාංග 3/25

තක්ෂිලා විද්‍යාලය; කඩුලු 2ක් දැවී 144 (29.4) හිරංග ජයකොඩි නොදැවී 65, විදුශාන් යසින්ත නොදැවී 50

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<