එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අමුත්තෙක්

1824
Dr. Phil Jauncey

ඕස්ට්‍රේලියානු ජාතික ඉහළ දස්කම් පිළිබඳ මනෝ විශේෂඥ වෛද්‍ය ෆිල් ජෝන්සි මහතා හෙට (10) සිට ආරම්භ වන ශ්‍රී ලංකා එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්ව තවත් මනෝවිද්‍යාත්මක පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතව ඇත.

19න් පහළ ආසියානු කුසලානයේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු කලාපයේ යොවුන් ශූරයන් කවුරුන් ද යන්න තේරීම වෙනුවෙන් හත්වැනි වරටත්…

දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයට පෙර ඊයේ (8) පැවති පුහුණු සැසි වාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමඟ වෛද්‍ය ෆිල් ජෝන්සි මහතා කටයුතු කරනු දැකගන්නට ලැබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පසුගිය ජනවාරි හා මැයි යන මාස තුල දී පැවැත්වූ පළමු සැසි දෙකේ දී වෛද්‍ය ජෝන්සි මහතා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පෞරුෂත්වය අනුව ඔවුන් සමඟ සන්නිවේදනය කරන ආකාරය, ඔවුන් එකිනෙකාට ඉගෙනීම සඳහා සුදුසු ක්‍රම පිළිබඳව පුළුල් හා එක් එක් ක්‍රීඩකයා සමඟ පෞද්ගලිකව කතා බහ කොට  ඔවුන්ගේ දස්කම් නිරන්තරයෙන් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.

>> පළමු තරගයට පෙර පැවති පුහුණුවීම් වල ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යනු ලොව අංක එකේ එක්දින කණ්ඩායම වන අතර මේ මස 23 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අවසානය දක්වා වෛද්‍ය ජෝන්සි මහතා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මනෝවිද්‍යාත්මක පුහුණු සැසි පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත වෛද්‍ය ජෝන්සි මහතාව මනෝවිද්‍යාත්මක පුහුණු සැසි පැවැත්වීම වෙනුවෙන් නිර්දේශ කොට හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන හතුරුසිංහ මහතායි.  බංග්ලාදේශ කණ්ඩායම සමඟ හා ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේ තරග වදින සිඩ්නි තන්ඩර් යන කණ්ඩායම් සමඟ ද වෛද්‍ය ජෝන්සි මහතා මීට පෙර කටයුතු කර ඇති අතර ඒ සබඳතාවය මත හතුරුසිංහ මහතා විසින් වෛද්‍ය ෆිල් ජෝන්සි මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හඳුන්වා දී තිබේ.

වෛද්‍ය ජෝන්සි මනෝ උපදේශනය හා අධ්‍යාපනික මනෝවිද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියක් හා ආචාර්ය උපාධියකට හිමිකම් කියන අතර ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලය, ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික මනෝවිද්‍යාව, සමාජ මනෝවිද්‍යාව, සංවර්ධන මනෝවිද්‍යාව, උපදේශනය, ව්‍යාපාර ප්‍රවර්ධනය මෙන්ම බහු සංස්කෘතික මනෝවිද්‍යාවේ පිළිබඳ දේශන පවත්වන පරිණත මහාචාර්යවරයෙකි.        

ඔහු ඕස්ට්‍රේලියානු බේස්බෝල් කණ්ඩායමේ මෙන්ම ක්වින්ස්ලන්ඩ් බුල්ස් ක්‍රිකට් කණ්ඩායමේ ද මනෝ විද්‍යා උපදේශක ලෙස කටයුතු කර ඇත. ඕස්ට්‍රේලියානු පාපන්දු ලීගයේ (AFL) බ්‍රිස්බේන් ලයන්ස් කණ්ඩායමේ මානසික දක්ෂතා පුහුණුකරු ලෙස 1994 සිට 2008 දක්වා කටයුතු කර ඇති ඔහු ඕස්ට්‍රේලියානු රග්බි ලීගයේ (NRL) බ්‍රිස්බේන් බ්රෝන්කොස් කණ්ඩායමේ ක්‍රීඩා මනෝවිද්‍යාඥ ලෙස ද කටයුතු කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<