ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩිකාවෝ පරිසරය සුරකින්න එක්වෙයි

121

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව පසුගිය දෙසැම්බර් 2 වැනිදා උතුම් ව්‍යාපෘතියක් ආරම්භ කළා.

හිටපු ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කල්පිටිය දිනුද රිසොර්ට් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂ වසන්ත කුමාර මහතා හා එම ආයතනයේ නිලධාරීන් සමඟ කල්පිටිය මුහුදු තිරය පිරිසිදු කිරීමේ නිරත විය. ඒ සමඟම ඔවුන් කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතියක ද නිරත වීම විශේෂත්වයක්. වසන්ත කුමාර මහතා 2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී බොක්සිං ක්‍රීඩක අනුරුද්ධ රත්නායකගේ පුහුණුකරු ලෙස ද කටයුතු කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා කරාපිටිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මේ අවස්ථාවට එක් විය.

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ප්‍රදේශයේ පාසල් දරුවන් දිරි ගැන්වීමේ වැඩසටහනක ද නිරත වූයේ ඔවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලද අත්දැකීම් මෙන්ම විනයගරුක ක්‍රීඩකයෙකු වී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙන එන්නේ කෙසේද යන්නත් ඔවුන්ට කියා දෙමිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<