පාසල් ලීග් රග්බි තරගාවලියට ක්‍රීඩා ඇමතිගෙන් රතු එළියක්

6825

මේ වන විට ක්‍රියාත්මක වන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය වහාම ක්‍රියාත්මක  වන පරිදි අත්හිටු වීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ.

ගුටි හරඹයේ කළු පැල්ලම මකා දැමු වෙස්ලි විදුහල්පතිගේ නිහතමානීත්වය

පාසල් රග්බි තරග වාරය ආරම්භයේ දීම වෙස්ලි-ත්‍රිත්ව විද්‍යාල දෙක අතර ඇතිවූ ගැටුම්කාරී වාතාවරණයෙන් පසුව රග්බි ක්‍රීඩාවට ඇතිවූ…

මෙවර පාසල් ලීග් රග්බි තරගාවලිය පසුගිය සතියේ ආරම්භ කෙරුණේ අතිශය මතභේදාත්මක තත්ත්වයක් යටතේයි. ඒ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ගෙන තිබූ අධිකරණමය ක්‍රියාවලිය හේතුවෙන් තරගාවලිය නියමිත පරිදි ආරම්භ කිරීමට හැකි වේද? යන කරුණ නිසා පමණක් නෙවේ. මේ තරගාවලිය සංවිධාන කිරීමේ දී ඇතිවූ දුර්වලතා මෙන්ම පළමු සතියේ දීම කැපී පෙනුණු ‘සිදු නොවිය යුතු ක්‍රියා’ රැසක් ද හේතු කරගෙන තරගාවලියේ පාලනය සියතට ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

ThePapare.com වෙතින් මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසීමක් කල අතර ඔහු සඳහන් කලේ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙම තරගාවලිය සංවිධාන කර තිබෙන ආකාරය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බවයි. ”ඔවුන් (ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය) මේ තරගාවලියට පෙර තරග නීති රීති මාලාවක් ඉදිරිපත් කර නැහැ. ඕනෑම තරගාවලියක් සංවිධාන කිරීමේ දී එහි නීති මාලාව අනිවාර්යයෙන්ම  මව් සංගමයට (ශ්‍රී ලංකා රග්බි ආයතනය) ඉදිරිපත් කල යුතු වන්නේ එමගින් අදාළ තරගාවලිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි වීම නිසයි. මෙම තරගාවලිය ආරම්භ කර තිබෙන්නේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ අවසරය ලබා ගැනීමෙන් තොරවයි. ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජනය වන ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අවසරයකින් තොරව ආරම්භ වන කිසිදු තරගාවලියක් නීත්‍යානුකූල වන්නේ නැහැ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පාලනය වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයට වග කියන නිලධාරීන් හරහා වුවත්, ඔවුන් දැන ගත යුතුයි මෙම ක්‍රීඩාව පාලනය වන්නේ ජාත්‍යන්තර රග්බි සංගමයේ නවතම නීති රීති පිළිබඳ නිසි දැනුමක් සහිත ශ්‍රී ලංකා රග්බි ආයතනයෙන් බව. එම නිසා මම නිසාම් ජමාල්ඩීන් හට (ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය) උපදෙස් දුන්නා මෙම ගැටලුව විසඳා ගන්නා තුරු කිසිදු හේතුවක් මත මෙම තරගාවලියට විනිසුරුවන් ලබා නොදෙන ලෙස. එම උපදෙස් ක්‍රියාත්මක නොකළහොත් මම ඉතා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා.”

වෙස්ලි සහ ත්‍රිත්ව විදුහල් අතර විශිෂ්ට රග්බි තරගයට කළු පැල්ලමක් එක් කළ ගැටුම...
වෙස්ලි සහ ත්‍රිත්ව විදුහල් අතර විශිෂ්ට රග්බි තරගයට කළු පැල්ලමක් එක් කළ ගැටුම…

ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ මෙම තරගාවලිය තුල පාසල් දරුවන්ගේ සදාචාරය පිරිහීමට ලක්ව ඇති ආකාරයයි. ” පළමු සතියේදීම සිදුවීම් කිහිපයක් වාර්තා වුනා. ඒවා පිළිබඳ දැඩි තීරණ ගත යුතුයි. වෙස්ලි සහ ත්‍රිත්ව විද්‍යාල අතර තරගයේ දී ගැටුමක් ඇති වුනා. එයින් ක්‍රීඩකයන් 8 දෙනෙකුට පමණ තුවාල සිදු වුනා. ඒ වගේම රාජකීය සහ සාන්ත ජෝසප් විද්‍යාල අතර තරගයේ දී ක්‍රීඩකයෙකු බිම වැටී සිටිය දී ඔහුගේ ඔලුව පෑගූ අවස්ථාවක් පිළිබඳව වාර්තා වුනා. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය තවමත් මේ තරගාවලිය සඳහා විනය කමිටුවක් නම් කර නැහැ. පියෙක් හැටියට මමත් කැමති නැහැ මගේ දරුවෙකුට කවුරුන් හෝ හිරිහැර කරනවාට. මට විශ්වාසයි මේ දරුවන්ගේ දෙමවුපියනුත් ඒ විදිහටම හිතනවා ඇති කියලා. එම නිසා මේ වගේ දේවල් පාලනයට නිසි ක්‍රමවේදයක් වැඩිහිටියන් විසින් සකස් කල යුතුයි. කාගේවත් වාසියක් තකා මේ දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන්න දෙන්න බැහැ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පසුගිය වසරේත් විනය කඩපු කණ්ඩායමකට තරග නැති කාලයේ දී තරග තහනමක් පනවලා සමාජයේ සමච්චලයට ලක් වුනා”

ආදේශක ක්‍රීඩක ලැයිස්තුවත් පෑනෙන්
ආදේශක ක්‍රීඩක ලැයිස්තුවත් පෑනෙන්

‘පසුගිය සති අන්තයේ ධර්මරාජ සහ ඉසිපතන විදුහල් අතර තරගය සඳහා ක්‍රීඩක ආදේශන පත්‍රිකා පවා සූදානම් කර නොතිබුණි.’

පාසල් ලීග් රග්බි තරගාවලිය මෙරට වඩාත්ම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් ඉසව්වක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. පාසල් සිසුන් මෙන්ම දෙමාපියන් ද තම කණ්ඩායම් දිරිමත් කරන්නට ක්‍රීඩාංගණ වෙත ආදී එන්නේ දහස් ගණනින්. නමුත් වැරදි තීරණ හේතුවෙන් මෙම තරගාවලියේ සංවිධායකයන් වන ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය තම අඩුපාඩු වලින් ක්‍රීඩා ප්‍රවෘත්ති සිරස්තල අතරට පැමිණීම සෑම වසරකම දක්නට ලැබෙන සිදුවීමකි. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සමන්විත වන්නේ පාසල් වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ක්‍රීඩා භාර ආචාර්යවරුන්ගෙන් බව ද සඳහන් කල යුතුමය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<