Home Sinhala ව්‍යාඝ්‍රයින් පළමු තරගයේ දී ම ඉතිහාසගත ජයක් ලබයි

ව්‍යාඝ්‍රයින් පළමු තරගයේ දී ම ඉතිහාසගත ජයක් ලබයි

284
SAvBAN

2019 ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි තරගය අද (02) එංගලන්තයේ ලන්ඩන් නුවර දී ආරම්භ විය. බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතර පැවති මෙම තරගයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

වෝනර් කලකට පසු ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණයක් හිමිකර දෙයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (01) එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර දී පැවැත්විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනස්කම් දෙකක් සමඟින් තරගයට පිවිසි අතර ඒ ආබාධයකට ලක් වූ හෂීම් අම්ලා වෙනුවට ඩේවිඩ් මිලර් හා ඩ්වේන් ප්‍රෙට්රොයිස්  වෙනුවට ක්‍රිස් මොරිස් හට අවස්ථාව ලබා දෙමිනි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 330ක් වාර්තා කළහ. මෙය ඔවුන් ලෝක කුසලාන තරඟයක වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ලකුණු 331ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 309ක් පමණි.

ඒ සමඟින් ඔවුන් මෙම තරගාවලිය තුළ සහභාගි වූ පළමු තරඟ දෙකම පරාජයට පත් විය.

බංග්ලාදේශය වෙනුවෙන් තමීම් ඉක්බාල් සමඟින් සෞම්‍ය සර්කාර් ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව ලකුණු 60කි. එහි දී සෞම්‍ය සර්කාර් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් හට පිටිය පුරා පහර එල්ල කරමින් පළමු පන්දුවාර 10 තුළ ඉහළ දල ලකුණු වේගයක් පවත්වා ගැනීමට කටයුතු කරන ලදි.

නමුත් පසුව ක්‍රියාත්මක වූ ෆෙලුක්වායෝ තමීම් ඉක්බාල් ලකුණු 16කටත්, සෞම්‍ය සර්කාර් ලකුණු 42කටත් දවා ගනිමින් බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ක්‍රීඩාගාරය වෙත හරවා යවන ලදි. පන්දු 30කින් වාර්තා වූ සර්කාර්ගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් විය.

ඉන්පසු පිටියේ එක් වූ ශකිබ් අල් හසන් හා මුෂ්ෆිකර් රහීම් සිය අත්දැකීම් හා පරිණත බව මනාව උපයෝගී කර ගනිමින් බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කරන ලදි. නියමිත පරිදි අන්ත මාරු කර ගනිමින් හා දුර්වල පන්දු හතරේ සීමාවෙන් එපිටට යොමු කරමින් ඔවුන් ක්‍රීඩා කළ ආකාරය කාගේත් පැසසුමට බඳුන් විය.

ක්‍රිකට් හදපු ඉංග්‍රීසීන්ට ටිකට් බෙදන්න බැරි වෙයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙන්නේ ක්‍රිකට් උපන් දේශය වන එංගලන්තයේ දීයි. කෙසේ නමුත් ක්‍රිකට්…

ඔවුන් දෙදෙනා අතර පැවති ලකුණු 142ක් වූ සබඳතාව ඉම්රාන් තාහිර් විසින් බිඳ දැමූ අතර එහි දී ශකිබ් අල් හසන් පන්දු 84ක දී ලකුණු 75ක් ද, මුෂ්ෆිකර් රහීම් පන්දු 80ක දී ලකුණු 78ක් ද වාර්තා කරන ලදි.

ලබා ගත් ආරම්භය සාර්ථකව අවසන් කිරීමට පසුපෙළ පිතිකරුවන්ගෙන් මනා සහයෝගයක් ලැබුණු අතර එහි දී මහමුදුල්ලා පන්දු 33ක් තුළ හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 46 කැපී පෙණුනි.

ඊට අමතරව මොහොමඩ් මිතුන් ලකුණු 21ක් හා මොසඩැක් හොසේන් ලකුණු 26ක් ලබා ගනිමින් පන්දුවාර 50 අවසානයේ දී බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 330ක් දක්වා රැගෙන යන ලදි.

පන්දු යැවීමේ දී ෆෙලුක්වායෝ, ඉම්රාන් තාහිර් හා ක්‍රිස් මොරිස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් ලකුණු අතර සිටි ක්වින්ටන් ඩි කොක්ගේ දැවී යාම ඔවුන්ට විශාල පාඩුවක් විය.

ඉන්පසු දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ලකුණු 102ක් වන විට ලකුණු 46ක් ලබා සිටි ඒඩ්න් මාක්රම් දවා ගැනීමට ශකිබ් අල් හසන් සමත් විය. එය ඔහු එක්දින ජාත්‍යන්තර තරගයක දී ලබා ගත් 250 වැනි කඩුල්ල වූ අතර ඒ සමඟින් අඩුම එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක දී (199) ලකුණු 5000ක් හා කඩුලු 250ක් ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වීමට ඔහු සමත් විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 53ක දී ලකුණු 62ක් වාර්තා කළ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් හා එක් හයේ පහරකින් වර්ණවත් විය.

මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යාම තරගයේ හැරවුම් ලක්ෂය වූ අතර ඉන්පසු පිවිසි දකුණු අප්‍රිකානු මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසිය ද, නියමිත දල ලකුණු වේගය පවත්වා නොගැනීම හා විටින් විට කඩුලු බිඳ වැටීම නිසා ඔවුන්ට ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට නොහැකි විය.  

මෙහි දී ඩේවිඩ් මිලර් ලකුණු 38ක්, වෑන් ඩර් ඩසන් ලකුණු 41ක් හා ඩුමිනි ලකුණු 45ක් ලබා ගත් අතර ඔවුන් තිදෙනාම අවශ්‍ය මොහොතේ දී පිටියෙන් ඉවත් කිරීමට මස්ටෆිසුර් හා ෂෆියුඩීන් සමත් විය.

පන්දු යැවීමේ දී මස්ටෆිසුර් කඩුලු 3ක් හා මොහොමඩ් ෂෆියුඩීන් කඩුලු 2ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. තව ද මෙහෙදි හසන් හා ශකිබ් අල් හසන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ශකිබ් අල් හසන් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ මීළඟ තරගය හෙට (03) එංගලන්තය හා පාකිස්තානය අතර නොටිංහැම් හිදී පැවැත්වීමට නියමිත ය.

Result


South Africa
309/8 (50)

Bangladesh
330/6 (50)

Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Quinton de Kock b Andile Phehlukwayo 16 29 2 0 55.17
Soumya Sarkar c Quinton de Kock b Chris Morris 42 30 9 0 140.00
Shakib Al Hasan (vc) b Imran Tahir 75 84 8 1 89.29
Mushfiqur Rahim c Rassie van der Dussen b Andile Phehlukwayo 78 80 8 0 97.50
Mohammad Mithun b Imran Tahir 21 21 2 1 100.00
Mahmudullah not out 46 33 3 1 139.39
Mosaddek Hossain c Andile Phehlukwayo b Chris Morris 26 30 4 0 86.67
Mehidy Hasan Miraz not out 5 3 1 0 166.67


Extras 21 (b 0 , lb 9 , nb 0, w 12, pen 0)
Total 330/6 (50 Overs, RR: 6.6)
Fall of Wickets 1-60 (8.2) Tamim Iqbal, 2-242 (39.4) Mohammad Mithun, 3-250 (42.1) Mushfiqur Rahim, 4-316 (48.6) Mosaddek Hossain, 5-11 (75) Soumya Sarkar, 6-35 (217) Shakib Al Hasan (vc),

Bowling O M R W Econ
Lungi Ngidi 4 0 34 0 8.50
Kagiso Rabada 10 0 57 0 5.70
Andile Phehlukwayo 10 1 52 2 5.20
Chris Morris 10 0 73 2 7.30
Aiden Markram 5 0 38 0 7.60
Imran Tahir 10 0 57 2 5.70
JP Duminy 1 0 10 0 10.00


Batsmen R B 4s 6s SR
Quinton de Kock run out () 23 32 4 0 71.88
Aiden Markram b Shakib Al Hasan (vc) 45 56 4 0 80.36
Faf du Plessis b Mehidy Hasan Miraz 62 53 5 1 116.98
David Miller c Mehidy Hasan Miraz b Mustafizur Rahman 38 43 2 0 88.37
Rassie van der Dussen b Mohammad Saifuddin 41 38 2 1 107.89
JP Duminy b Mustafizur Rahman 45 36 4 0 125.00
Andile Phehlukwayo c Shakib Al Hasan (vc) b Mohammad Saifuddin 8 13 1 0 61.54
Chris Morris c Soumya Sarkar b Mustafizur Rahman 10 10 1 0 100.00
Kagiso Rabada not out 13 9 0 1 144.44
Imran Tahir not out 10 10 0 0 100.00


Extras 14 (b 4 , lb 0 , nb 1, w 9, pen 0)
Total 309/8 (50 Overs, RR: 6.18)
Fall of Wickets 1-49 (9.4) Quinton de Kock, 2-102 (19.4) Aiden Markram, 3-147 (26.4) Faf du Plessis, 4-202 (35.2) David Miller, 5-228 (39.1) Rassie van der Dussen, 6-252 (42.5) Andile Phehlukwayo, 7-275 (45.5) Chris Morris, 8-287 (47.1) JP Duminy,

Bowling O M R W Econ
Mushfiqur Rahim 10 0 67 3 6.70
Mehidy Hasan Miraz 10 0 44 1 4.40
Mohammad Saifuddin 8 1 57 2 7.12
Mehidy Hasan Miraz 10 0 50 1 5.00
Mashrafe Mortaza 6 0 49 0 8.17
Mosaddek Hossain 6 0 38 0 6.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<