ක්‍රිකට් අායතනය මාධ්‍ය සමඟ නව ගමනක – විශ්‍රාමික ක්‍රීඩකයන්ට සිමා

486
ක්‍රිකට් අායතනය මාධ්‍ය සමඟ නව ගමනක - විශ්‍රාමික ක්‍රීඩකයන්ට සිමා

දේශීය මාධ්‍යවේදීන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සෑම සති 2කට වරක් මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කර ඇත.

ඊයේ පැවැති මාධ්‍ය හමුව, ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු  සභාපති ගරු තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, ක්‍රිකට් සංගම් මුලස්ථානයේදී පැවති අතර, ලේකම් මොහාන් ද සිල්වා මහතා, භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ද මේ සඳහා එක්වීය.මෙම නව වැඩපිළිවෙල මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සිදු කිරීමට නියමිත නව වැඩසටහන් පිළිබද තොරතුරු හා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්දයෙන් ගනු ලබන තීරණ මාධ්‍ය හරහා ක්‍රිකට් ලෝලින්ට ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපති ගරු තිලංග සුමතිපාල මහතා පැවසිය.

ක්‍රිකට් අායතනය මාධ්‍ය සමඟ නව ගමනක - විශ්‍රාමික ක්‍රීඩකයන්ට සිමාතවදුරටත් කරුණු සාකච්ඡා කල එතුමා පැවසූයේ මෙවර ආසියානු කුසලානයෙන් ලබන අත්දැකීම් තුලින් එළබෙන 20 – 20  ලෝක කුසලානය ජය ගැනීමට අවශ්‍ය අඩිතාලම සකස් කරන බවයි. ඒ සඳහා මේ වනවිටත් ක්‍රීඩකයන්ගේ මානසික සුවතාව වර්ධනය කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇති බවටත්, රටට ජයග්‍රහණය ලබා දීමට කණ්ඩායම ප්‍රතිසංවිධානය කර ඇති බවත් එතුමා පැවසීය.

එසේම ජාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන් වෙනත් රටවල ජාතික කණ්ඩායම් සඳහා තම සේවය ලබා දීමට ප්‍රථම, ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බවත් එතුමා පැවසුයේ පසුගියදා  මහේල ජයවර්ධන විසින් ගනු ලැබූ පියවර හේතුවිණි.

කෙසේ වුවත් තහනම් උත්තේජක පිලිබදව චෝදනාවකට ලක්වී සිටින යොවුන් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා හට T20 ලෝක කුසලනය සඳහා සහභාගි වීමට  නොලැබෙන බවත් ඔහු වෙනුවෙන් ICC හි පෙනී සිටීමට විදෙස් නිතිවේදීන් සුදානම් කර ඇති බවටත් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසිය.

සුරියවැවට තරු පංතියේ හෝටල් 

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර  විශේෂ හමුවකදී සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල තරු පංතිෙය් හෝටලයක් ඉදිකිරීමට කටයුතු කරන බවට එකඟ වී ඇත, එමගින් එම පිටියේ වැඩි වශයෙන් තරඟ පැවැත්වීමට කටයුතු  කරන බවට සුමතිපාල මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

දේශීය ක්‍රිකට්

දේශීය ක්‍රිකට් නංවාලීම පිණිස පළාත් මට්ටමේ ක්‍රිකට් තරඟ වඩාත් සංවිධානාත්මකව පැවැත්වීමටත්, නුදුරේදීම  ඉදිරි වසර 5 සඳහා තරඟ වැඩසටහන් සැලසුම් කිරීමට පියවර ගන්නා බවත් මෙම හමුවේදී සාකච්ඡා විය.

Indoor nets  සඳහා අවසර නෑ 

පෙර පවතී පාලක මණ්ඩලය විසින් indoor nets පහසුකම් ලබාදීමට තීරණය වී තිබු ප්‍රේමදාස පිටියේ සහ දඹුල්ල පිටියේ එම ඉදිකිරීම් අත්හිටුවිමට වත්මන් පරිපාලනය තීරණය කොට ඇත. ඒ ප්‍රේමදාස පිටියේ ඇති ඉඩකඩ සිමා වීම නිසාත් සහ දඹුල්ලේ indoor nets සඳහා ප්‍රබල අවශ්‍යතාවක් නොමැති නිසාත් ය. එසේම පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ එම ඉදිකිරීම් අඩු වියදමකින් සිදුකර රුපියල් මිලියන 70 පමණ ඉතුරු  කර ගැනීමට පාලකයන් බලපොරොත්තු වේ.

භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතාගේ එංගලන්ත සංචාරයකදී එහි ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කල සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් අවරුදු 20 න් පහල ක්‍රීඩකයන් 4කට සහ එක් පුහුණුකරුවෙක් හට විශේෂ පුහුණු වැඩමුළුවකට අවස්ථාව සැලසී ඇති අතර එම පස්දෙනා කවුරැන්ද යන්න වග තවම තීරණය කොට නැත.

මිලඟ මාධ්‍ය හමුව තව සති 2කින් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඔබ යොමු කිරීමට බලාපොරොත්තු වන ගැටළු, විමසීම් අප වෙත යොමු කරන්න.ඔබ වෙනුවෙන් අප සුදානම්.