සචිත්‍ර සහ වනිඳු තුන් ඉරියව් දක්ෂතා දක්වයි

478

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය පළමු පෙළ Major League සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ අද (6) පැවති තරගය අතරින් වනිඳු හසරංග සහ සචිත්‍ර සේනානායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

එස්. එස්. සී. කණ්ඩායමේ සචිත්‍ර සේනානායක වරාය අධිකාරිය කණ්ඩායමට එරෙහිව පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 150ක් ලබා ගත් අතර එය අද දවසේ වාර්තා වූ හොඳම ඉනිම බවට ද පත්විය. ඔහු පන්දු යැවීමේ දී කඩුලු 2ක් ද දවා ගත්තේ ය.

සචිත්‍ර සහ ජීවන් වරාය ගිල්වයි

ටැමිල් යූනියන් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ සහ ජීවන් මෙන්ඩිස්ගේ…….

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ වමත් ආරම්භක පිතිකරු සංගීත් කුරේ කළුතර ටවුන් සමාජයට එරෙහි ව පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 107ක් ලබා ගත්තේ ය.

යුද හමුදා කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු අශාන් රන්දික කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්හ.  

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වමත් පිතිකරු තරුෂාන් ඉද්දමල්ගොඩ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයට එරෙහි ව ලකුණු 127ක් ලබා ගත්තේ ය. ඒ වෙනුවෙන් ඔහු පන්දු 118කට මුහුණ දුන් අතර හතරේ පහර 15ක් සහ හයේ පහරක් ඇතුලත් විය.

එන්. සී. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ලහිරු උදාර සහ පැතුම් නිස්සංක පොලිස් කණ්ඩායමට එරෙහිව  ශතක ලබා ගැනීමට සමත් වූ . ලහිරු උදාර පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත් අතර පැතුම් නිස්සංක  පන්දු 106කට මුහුණ දී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තේ ය.

කළුතර ටවුන් කණ්ඩායම නියෝජනය කරන දකුණතින් පිට දඟපන්දු යවන එරන්ද රත්නායක කෝලට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 5ක් දවා ගත්තේ ය.

දකුණු අප්‍රිකාව අත තිබූ තරගය පන්දු යවන්නෝ උදුරා ගනිති!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින තරගය අද (06) ආරම්භ වූයේ……

හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ දකුණතින් මද වේගපන්දු යවන තික්ෂිල ද සිල්වා මීගමු ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහි ව කඩුලු 5ක් දවා ගත්තේ ය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය (C කාණ්ඩය)

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 129ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Badureliya CC vs Saracens SC | Major Limited Overs Tournament 2018/19

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 8ක් දැවී 278 (50)  ගමිඳු අමරසිංහ 94, නිපුන් කරුණානායක 45, සාලිය සමන් 20, නවිඳු නිර්මාල් 31, රවින් සේයර් නොදැවී 25, නුවන් තුෂාර 3/52, ලහිරු සමරකෝන් 2/54, සචිත් පතිරණ 2/54

බදුරලිය ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 149 (37.5) ලහිරු සමරකෝන් 40, දෙනුවන් රාජකරුණා 28, කෝසල කුලසේකර 27, ගමිඳු අමරසිංහ 2/29,  රවින් සේයර් 3/19, අශේන් බණ්ඩාර 4/17


බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය සහ  ගාල්ල ක්‍රිකට් සමාජය (B කාණ්ඩය)

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වූහ.

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 139 (36.2) අශාන්ත සිංගප්පුලිගේ 28, සචින් ජයවර්ධන 20, අසේල් සිගේරා 35, ගයාන් සිරිසෝම 2/18, රජීව වීරසිංහ 3/25

ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 3ක් දැවී 142 (32.5) ලක්ෂාන් රොද්‍රිගෝ 26, දමිත හුණුකුඹුර නොදැවී 54, හර්ෂ විතාන නොදැවී 42


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ කළුතර ටවුන් සමාජය (C කාණඩය)

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් 73ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Kalutara Town Club vs Colts CC – Major Limited Overs Tournament 2018/2019

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 280 (50) සංගීත් කුරේ 107, සධීර සමරවික්‍රම 45, හෂාන් දුමිඳු 50, ජෙහාන් ඩැනියෙල් 38, එරංග රත්නායක 5/46

කළුතර ටවුන් සමාජය; සියලුම දෙනා දැවී 207 (44.5) නිලූෂාන් නෝනිස් 21, නිපුන ගමගේ 46, අකීල් ඉන්හාම් 26, එරන්ද රත්නායක 35, කවිශ්ක අංජුල 2/45, ප්‍රභාත් ජයසූරිය 2/25, නුපුන් රන්සික 2/38, විශාද් රන්දික 2/21


යුද හමුදා ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් (D කාණ්ඩය)

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 261ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Army SC vs Kandy Customs CC | Major Limited Overs Tournament 2018/19

යුද හමුදා ක්‍රීඩා සමාජය: කඩුලු 7ක් දැවී 388 (50) ලක්ෂාන් එදිරිසිංහ 38, අශාන් රන්දික 108, දුශාන් විමුක්ති 50, අසේල ගුණරත්න 44, ජනිත් සිල්වා 56, සංජික රිද්ම නොදැවී 32, කසුන් ද සිල්වා නොදැවී 42, විමුක්ති උමගිලිය 3/65, සුමේධ දිසානායක 2/68

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය: සියලුම දෙනා දැවී 127 (28.5) අංජු කරුණානායක 22, නිම්නක රත්නායක 36, සුමේධ දිසානායක 20, සීක්කුගේ ප්‍රසන්න 4/34, ධනුෂික බණ්ඩාර 3/25,

සුමංගල – මොරටු විද්‍යාල ක්‍රිකට් මහා සටනට දින තීන්දුයි

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 67 වතාවටත්…..


නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය (A කාණ්ඩය)

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 63කින් ජයග්‍රහණය කිරීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

නාවික හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 292 (50) රෙවන් කෙලී 23, තරුෂාන් ඉද්දමල්ගොඩ 127,  සලිත ප්‍රනාන්දු 57, සතික නිමල්ෂ නොදැවී 22, ලහිරු ජයරත්න 3/58, අනුරුද්ධ රාජපක්ෂ 3/52, ධනුෂ්ක ධර්මසිරි 2/21

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 229 (45.5) ධනුෂ්ක ධර්මසිරි 41, දමිත් පෙරේරා 30, දිනුෂ්ක මාලන් 61, ලහිරු ජයරත්න 34, බුද්ධික මධුශාන් 2/26, ඩිලන්ක අවර්ඩ් 3/39, දුෂාන් හේමන්ත 2/35


ලංකන් ක්‍රිකට් සමාජය සහ සී. සී. සී. (C කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Lankan CC vs CCC | Major Limited Overs Tournament 2018/19

ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 225 (50) මධුරංග සොයිසා 46, ගීත් කුමාර 58, චානක රුවන්සිරි 67, ලහිරු මධුශංක 2/30, වනිඳු හසරංග 4/47

සී. සී. සී. කණ්ඩායම; කඩුලු 6ක් දැවී 226 (36.5) ඩිල්ශාන් මුණවීර 64, රොන් චන්ද්‍රගුප්ත 31, මාධව වර්ණපුර 22, වනිඳු හසරංග නොදැවී 85, චානක දේවින්ද 2/53, දුලාංජන මෙන්ඩිස් 3/41


මීගමුව ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (D කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

මීගමුව ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 236 (50) ලසිත් කෘෘස්පුල්ලේ 50, ෂෙශාන් ජයසූරිය 21, ප්‍රසසංසන ජයමාන්න 42, සහන් ආරච්චිගේ 45, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 21, රවින්ද්‍ර කරුණාරත්න 26, තික්ෂිල ද සිල්වා 5/42, ප්‍රකාශ් උදේශි 2/42, රොෂාන් ජයතිස්ස 2/38

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 240 (47.2) යසෝද ලංකා 23, ගීත් කුරේ 29, රිසිත් උපමාල් 67, පුලින තරංග නොදැවී 54,  රොෂේන් ප්‍රනාන්දු 4/35


එන්. සී. සී. සහ පොලිස් ක්‍රීඩා සමාජය (B කාණ්ඩය)

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 166ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: NCC vs Police SC | Major Limited Overs Tournament 2018/19

එන්. සී. සී. කණ්ඩායම; කඩුලු 9ක් දැවී 340 (50) ලහිරු උදාර 110, පැතුම් නිස්සංක 100, දිනේෂ් චන්දිමාල් 59, මහේල උඩවත්ත 21, දිනුක් හෙට්ටිආරච්චි 4/53, අමිත් කුමාර් 4/58

පොලිස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 174 (42.1) අමිත් කුමාර් 55, ගිටන්ෂ් කෙහෙරා 74, ඩිලේෂ් ගුණරත්න 2/35, අසිත ප්‍රනාන්දු 5/33, චතුරංග ද සිල්වා 2/34


පානදුර ක්‍රීඩා සමාජය සහ බී. ආර්. සී. (B කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති තරගයෙන් ලකුණු 62ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජය සමත් විය.

Photos: Panadura SC vs BRC – Major Limited Overs Tournament 2018/19

පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 195 (50) විශ්ව චතුරංග 29, අසන්ත බස්නායක 36, සෙහාන් වීරසිංහ 30, චරණ නානායක්කාර 26, විකුම් සංජය 3/55, මොහොමඩ් ෂිරාස් 3/30

බී. ආර්. සී. කණ්ඩායම; සියලුම දෙනා දැවී 133 (36.4) සවීන් ගුණසේකර 25, හෂේන් රාමනායක 31, රමින්ද විජේසූරිය 38, තරිඳු මධුරංග 2/25, සෙහාන් වීරසිංහ  4/34


රාගම ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (D කාණ්ඩය)

කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 142ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයෝ සමත් වූහ.

රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 4ක් දැවී 300 (50) දිනෙත් තිමෝද්‍ය 59, ෂෙහාන් ප්‍රනාන්දු 79, සමීර ද සොයිසා 30, රොෂේන් සිල්වා 68, සුපේෂල ජයතිලක 31, ජනිත ලියනගේ නොදැවී 26, සුමින්ද ලක්ෂාන් 2/41

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 158 (39.5) සුමින්ද ලක්ෂාන් 36, දිලිප් තාරක 30, චතුර පීරිස් 3/21, නිශාන් පීරිස් 4/33, ජනිත ලියනගේ 2/15


එස්. එස්. සී. සහ වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය (A කාණ්ඩය)

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 82ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 8ක් දැවී 364 (50) කවිඳු කුලසේකර 38, සචිත්‍ර සේනානායක 150, දසුන් ශානක 64, චාමර කපුගෙදර 30, චමින්ද බණ්ඩාර 4/67, රනේෂ් පෙරේරා 2/60

වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 282 (50) අදීශ නානායක්කාර 54, ගයාන් මනීෂාන් 97, ප්‍රශාන් වික්‍රමසිංහ 48, සචිත්‍ර සේනානායක 2/43

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<