පැතුම් හා රවිදු ශතක අතරට

684
pathum

දක්ෂයින් අතර අතිදක්ෂයින් සොයා යන සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙල පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 5ක් අද (13) පළමු දිනයට පැවැත්විය. එහි දී ශතක ඉනිම් දියත් කිරීමට පැතුම් නිස්සංක (135) හා රවිදු රශන්ත (107*) සමත් විය.

සජිත් හා නජිත් සහිරා විද්‍යාලයට ජය ගෙන එයි

සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ සහිරා විද්‍යාලය හා අනුරාධපුර මැදි විදුහල අතර තරගය ඊයේ (11) කොළඹ සහිරා ක්‍රීඩාංගණයේ දී…

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට එදිරිව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

කරන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩා පිටියේ දී පළමු දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ඩී.එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් මුදිත ලක්ෂාන් ලකුණු 50ක් ලබාගෙන ඉවසිලිමත්ව පිතිකරණයේ නිරත විය. ලොහාන් ද සොයිසා හා කවිදු අදීශන කඩුලු 3 බැගින් දවාලමින් ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පිතිකරුවන්ට අභියෝගයක් වූ අතර, දිනය අවසන් වන විට රවිදු රසංක (107*) සුපිරි ශතකයක් ලබාගෙන ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් දැනටමත් දායාද කර ඇත.

ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 184 (47.2): මුදිත ලක්ෂාන් 50, ශෙසාඩ් අමීන් 37,  මෙත්සිත් ජයමාන්න 30, ලොහාන් ද සොයිසා 3/33, කවිඳු අදීශන 3/41, උශාන් ඉමන්ත 2/40

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –190/3 (43): රවිදු රශන්ත 107*, කසුන් මදුරංග  40, හර්ෂජිත් රෙශාන් 21


ගාල්ල මහින්ද විද්‍යාලයට එදිරිව කොළඹ මහානාම විද්‍යාලය

දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටින මෙම තරගය ගාල්ල මහින්ද පිටියේ දී පැවැත්වූ අතර, කාසියේ වාසිය තමන් සතුකරගත් මහින්ද විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

දේශාන් හෙට්ටිආරච්චි කෙවින් කෙමිතගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු 51ක් මහානාම විද්‍යාලයේ පළමු ඉනිමට එක් කරන ලද්දේ අනෙක් අන්තය බිදවැටෙමින් තිබූ මොහොතකයි. සටන්කාමී පිතිකරණයක නිරත වුනු රවිදු හංසික පළමු දිනය අවසන් වන විට මහින්ද විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 39ක් තම පෞද්ගලික ලකුණු ගිණුමට බැර කර ගනිමිනි. පන්දු යැවීමේ දී පැතුම් බොතේජු කඩුලු 2ක් දවාලන ලදි.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 178 (47.3): දේශාන් හෙට්ටිආරච්චි 51, මලිදු මදුරංග 28, කවිඳු මුණසිංහ 21, කෙවින් කෙමිත 3/34, පසිදු දේශාන් 2/12, නිපුන් මාලිංග 2/36

මහින්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 113/5 (45): රවිදු හංසික 39, විනුර හිරන්ජිත් 28, පැතුම් බොතේජු 2/16


මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව කොළඹ ඉසිපතන විද්‍යාලය

කාසියේ වාසිය තමන් සතුකරගත් සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කල මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 62ක් ලෙස වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉනිමේ ලකුණු පුවරුව දිස්විය.

ඉසිපතන විද්‍යාලයේ දක්ෂ පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක මනරම් පහර කිහිපයක් පිටියේ පුරා එල්ල කරමින් තම ශතක අතරට තවත් වටිනා ශතකයක් එක් කරගනිමින් ලකුණු 135ක් ලබා ගත් අතර, කෞමල් නානායක්කාර කඩුලු 5ක් දවාලමින් ඉසිපතන මැදපෙළ දෙදරීමකට ලක් කරන ලදී. පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ප්‍රින්ස් ප්‍රනාන්දු ලකුණු 37යි.

ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – සියල්ලෝම දැවී 305 (74.5): පැතුම් නිස්සංක 135, කලන පෙරේරා 41, හර්ෂ රත්නායක 28, හේශාන් ප්‍රනාන්දු 27, මලීශ රූපසිංහ 27, අයන සිරිවර්ධන 23, කෞමල් නානායක්කාර 5/110, තිලාන් නිමේෂ් 4/85

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 62/2 (18): ප්‍රින්ස් ප්‍රනාන්දු 37, ලහිරු ඩිල්ශාන් 2/05


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය

ධර්මපාල ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක ධර්මපාල විද්‍යාලයේ නායකයා පන්දු යැවීමට තීරණය කරන ලදි.

සාන්ත මරියා විද්‍යාලය තම පළමු ඉනිමට ලකුණු 177ක් ලබා ගන්නේ සජීව රංජිත්ගේ ලකුණු 56 ද සවියක් කරගෙනයි. මහීම වීරකෝන් ලකුණු 42කට කඩුලු 4යි. දිනය අවසන් වන විට තම පළමු ඉනිම සඳහා ධර්මපාල ක්‍රීඩකයෝ එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබාගෙන සිටියි.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 177 (63.2): සජීව රංජිත් 56, සුජිත් කුමාර 24, මහීම වීරකෝන් 4/48, ඩිල්ශාන් ද සිල්වා 2/31, කලිදු සමරසිංහ 2/35

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – එක් කඩුල්ලක් දැවී ලකුණු 38 (15)


කොළඹ ආනන්ද විද්‍යාලයට එදිරිව කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ආනන්ද විද්‍යාලයේ සුපුරුදු තණතීරුව මත කාසියේ වාසිය දිනූ ආනන්ද විද්‍යාලයේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කරන ලදි.

ආනන්ද විද්‍යාලයේ පන්දු යවන්නන්ට එදිරිව සාන්ත බෙනඩික්ට් කණ්ඩායමට තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 149ක් පමණි. එහිදී දිනිත බස්නායක ලකුණු 38ක් ලබා ගන්නා ලදි.

පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කල සහන් සුරවීර ලකුණු 59ක් ආනන්ද පළමු ඉනිමට එක් කල අතර, අසේල සිගේරා නොදැවී ලකුණු 30*ක් ලබාගෙන සිටින්නේ ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිව ඇති  පසුබිමකයි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 149 (60.2): දිනිත බස්නායක 38, මහීෂ තීක්ෂණ 33, සම්මු අශාන් 2/14, සුපුන් වරාගොඩ 2/22, දිලීප ජයලත් 2/43

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –156/7 (34): සහන් සුරවීර 59, අසේල සිගේරා 30*, සම්මු අශාන් 8, කවීශ ජයතිලක 4/42, චලන සංකල්ප 2/29

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට