සාන්ත පීතර විද්‍යාලය අවසන් 4 ට

302
Singer Schools u17 cricket

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව  තරඟයක් ඊයේ (18) කොළඹ තර්ස්ටන් පිටියේදී, කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර  පැවැත්විණි. මෙම තරඟයෙන් සාන්ත පීතර විද්‍යාලය ලකුණු 46කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

පසුගිය ලිපි: දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට ජය

කාසියේ වාසිය දිනාගත් මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත පීතර විද්‍යාලීය කණ්ඩායමට ඇරියුම් කරන ලදි. එම ආරාධනය පිළිගෙන පළමුව පන්දුවට පහරදුන් සාන්ත පීතර විද්‍යාලය අභියෝගාත්මක ලකුණකට ගෙන යමින් සන්තුෂ් ගුණතිලක සාර්ථක අර්ධ ශතකයකින් තම කණ්ඩායමට සහය ලබාදුන් අතර ඔහු සමඟ එක් වෙමින් ලක්ෂාන් රොද්‍රිගෝ ලකුණු 41ක් ලබාගනිමින් මහින්ද විද්‍යාලයේ පන්දු යවන්නන්ට රිසි ලෙස පහරවල් එල්ල කරන ලදි. ඔවුන් දෙදෙනා ඉතා හොද සබඳතාවන් කිහිපයක්ම තම ඉණිම තුළ ගොඩනැංවීමට දායකත්වය ලබාදෙන ලදි.

මෙහිදී සාන්ත පීතර පිතිකරණයට යම් තරමකින් හෝ පන්දුවෙන් අභියෝගයක් කිරීමට මහින්ද විද්‍යාලයේ ප්‍රගීත් මලින්ත සමත් විය. ඒ ලකුණු 39ක් තුළ කඩුලු 3ක් දවාලමිනි.

සාන්ත පීතර විද්‍යාලය – 211-10 (49.2) සන්තුෂ් ගුණතිලක 56, ලක්ෂාන් රොද්‍රිගෝ 41, ශිවෝන් පෙරේරා 37, ලක්මිණ පෙරේරා 24, ප්‍රගීත් මලින්ත 3/39, බිනුර දුල්සර 3/36, අශේන් කණ්ඩබ්බි 2/35

වයස අවුරුදු 17 න් පහළ සීමිත පන්දුවාර තරඟයක් වූ මෙම තරගයේ දී ලකුණු 212 තරමක් අපහසු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලයේ ක්‍රීඩකයින්ව මුල සිටම තමන්ගේ ග්‍රහනයට හසුවන ලෙස උපායශීලීව පන්දු යැවීමට සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් විය. කෙසේ වෙතත් පීතරයින්ගේ පන්දු හමුවේ දිගින් දිගටම අසරණ වූ මහින්ද විද්‍යාලයේ ක්‍රීඩකයින් ලකුණු 165 ක් තුල දවාගැනීමට දිනෙත් අංජුල ප්‍රමුඛ පීතර විද්‍යාලයයේ  පන්දු යවන්නන් සමත් විය.

මහින්ද විද්‍යාලය – 165-10 (44.3) වර්ශාන් කාවින්ද 37,රෙශාන් කාවින්ද 37, රවිදු වැලිහින්න 30, දිනෙත් අංජුල  4/27, සචින් සිල්වා 3/23

අවසානයේ දී සාන්ත පීතර විද්‍යාලය ලකුණු 46කින් මහින්ද විද්‍යාලයට එදිරිව ජයග්‍රහණය කරන ලද අතර ඔවුන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

අද (19) ආනන්ද විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තවත් අර්ධ අවසන් පූර්ව තරඟයක් මේවන විට වත්තල ලයිසියම් විද්‍යාලීය පිටියේදී පැවැත්වේ.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට