විනිසුරු සමඟ වාදයට ගොස් ශකීබ්ට සිදු වූ අකරතැබ්බය

424

සඳුදා (17) දිනයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුර දී ක්‍රීඩක විනය නීති මාලවේ සඳහන් පළමු මට්ටමේ ආචාර ධර්මයන් කඩ කිරීමේ වරදට හසු වූ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් හට තරග මුදලින් සියයට 15ක දඩ මුදලක් සහ එක් අප්‍රසාද ලකුණක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

මැතිව්ස් සහ මෙන්ඩිස්ගේ ඉනිම්වලට නවසීලන්ත වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම…

බංග්ලාදේශ ඉනිමේ 14 වැනි පන්දුවාරය අතරවාරයේ විනිසුරු විසින් wide පන්දුවක් සංඥා කිරීමෙන් අනතුරුව එම තීරණය විවේචනය කරමින් විනිසුරු සමඟ වාදයකට පැටලීමට යාම නිසාවෙන් මෙලෙස දඩුවම් ලැබීමට ශකීබ්ට සිදු විය.

මෙම වසර තුල දී විනය කඩකිරීම් සහ ආචාරධර්ම පද්ධතීන් වලට පටහැනි වන අයුරින් කටයුතු කිරීම නිසා බැට කෑ දෙවන අවස්ථාව මෙය වන අතර මෙම සිදුවීමත් සමඟ මේ වන විට අප්‍රසාද ලකුණු දෙකක් ඔහුගේ ගිණුමට බැර වී ඇත.

කෙසේ වුව ද තරග අවසානයේ දී සිදු කළ විමර්ශනයෙන් පසු ඔහු තමා විසින් සිදු කළ වරද පිළිගන්නා බවත්, තරග විනිසුරු ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රෝ මහතා විසින් යෝජනා කළ දඩුවම් සියල්ල පිළිගන්නා නිසා ලබා දුන් තීරණයට අභියෝග කරමින් තවදුරටත් ඉදිරි විමර්ශනයක් සිදු කිරීම අනවශ්‍ය බව තීන්දු කෙරිණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<