මෝටාසාගේ දක්ෂතා ශකීබ්ගේ විවේචනයට

103

2019 ලෝක කුසලාන තරගාවලිය නිමා වී මාසයකට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් එය ලොව පුරා පුවත් මවමින් පවතී. බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලානයේ දී යම් වෙනසක් කරනු ඇතැයි බොහෝ දෙනා මත පලකර තිබූ නමුත් ඔවුන් තරගාවලිය නිමා කළේ 8 වැනි ස්ථානය ලබා ගනිමිනි. 

ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (01) පල්ලෙකැලේ ……

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් තම කණ්ඩායම ලෝක කුසලානයේ දී දැක්වූ අසාර්ථකත්වය පිළිබඳව පසුගිය දා අදහස් පලකර ඇත. ශකීබ් තරගාවලියේ තුන්වැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 606ක් ලබාගෙන තිබූ අතර බිඳහෙලා තිබූ කඩුලු සංඛ්‍යාව 10කි. තරගාවලියේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වීමට ද ශකීබ් සමත් විය. 

තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ශකීබ් පවසා සිටියේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් අවශ්‍ය මොහොතේ දස්කම් දැක්වීමට අසමත් වීම තරගාවලියේ අසාර්ථකත්වයට බලපෑ බවයි. එහි දී නායක මශ්රෆි මෝටාසාගේ දක්ොෂතා දැඩි දෝෂදර්ශනයට ලක්කර ඇත. 

“මම විශ්වාස කළා අපිට තරගාවලියේ ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. අපිට හැමෝගෙම උදව් ලැබුණා නම් අපිට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාව තිබුණා. හේතු ගොඩක් නිසා අපිට බලාපොරොත්තු වුන දේවල් කරන්න බැරි වුනා. ක්‍රීඩකයෙක් හොඳින් දස්කම් දක්වන්නේ නැත්නම් ඒ ක්‍රීඩකයා කණ්ඩායමේ දක්ෂතාවලට වඩා ඔහුගේ පෞද්ගලික දක්ෂතා ගැන හිතන්න පටන්ගන්නවා. මම හිතන්නේ මෝටාසාට ඒක තමා සිදු වුනේ. නායකයා හැටියට ඔහුගේ දක්ශතා ප්‍රමාණවත් වුනේ නැති වුනාම ඒක ඔහුට වගේම කණ්ඩායමටම ප්‍රශ්නයක් වෙනවා. නායකයා දක්ෂතා දැක්විය යුතුයි. ඒක අනිවාර්ය දෙයක්.”

ශකීබ් මේ වන විට බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට් හා විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කරන අතර ඔහු නායකත්ව වගකීම් පිළිබඳව එතරම් උනන්දුවක් නොදක්වන බවද පවසා ඇත. ඔහුගේ ක්‍රීඩාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකිරීම සඳහා වගකීම් සහිතව ක්‍රීඩා කිරීම අපහසු බව ඔහුගේ මතයයි. ශකීබ්ගේ මතයට අනුව කණ්ඩායමේ වගකීම කනිෂ්ඨ ක්‍රීඩකයන්ට පැවරිය යුතු අතර ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ඔවුන්ට සහය දක්වමින් ක්‍රීඩා කළ යුතුය. 

මාලිංග, උදාන, මෙන්ඩිස්ගේ දක්ෂතාවලට උඩපන්දු අතහැරීම් හරස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් ……

“මම මානසිකව නායකත්වයට තාම සූදානම් නෑ. නමුත් කණ්ඩායම එතරම් හොඳ මට්ටමක නෑ. ඒ නිසා මට තේරෙනවා කණ්ඩායම හොඳ මට්ටමකට ගේන්න මම ඒ වගකීම බාරගන්න ඕන කියලා. කණ්ඩායම දක්ෂතා අතරට ගේන්න මගේ දායකත්වය අවශ්‍යයි. මම මේ වගකීම බාරගත්තේ නැත්නම් මට මගේ තරගය ගැන වඩාත් හොඳින් හිතන්න පුළුවන්. ඒක කණ්ඩායමටත් උදව්වක්. මට අවශ්‍යයි නවක ක්‍රීඩකයන්ට මේ වගකීම බාරදෙන්න. අපි ඔවුන්ට මේ වගකීම් බාරදෙන තුරු අපිට කියන්න බෑ ඔවුන් කෙසේ ඒක ඉටු කරාවි ද කියලා. වයස 22 දී මම නායකයා ලෙස පත්කළාම කවුරුත් දැනගෙන හිටියේ නෑ මම කොහොම ඒක කරයි ද කියලා. අපිට ටෙස්ට් ලෝක කුසලානය වගේම විස්සයි විස්ස ලෝක කුසලානයත් එනවා. අපි මීළඟ වසර 4ට දැන්ම සූදානම් විය යුතුයි. “

බංග්ලාදේශය කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස 5 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟින් ටෙස්ට් තරගයකට එක්වීමට නියමිතය. ඉන් අනතුරුව බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වනු ඇත. 

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<