ජාතික බේස්බෝල් කණ්ඩායම තේරීමට සූදානම්

278
Courtesy - WBSC.org

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ මූලික අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම තේරීමේ පරීක්ෂණ මෙම මස (ජනවාරි) 26 සහ 27 යන දෙදින පුරා දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට ජපානයෙන් සහාය

ජපානයේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ …

මෙම වසරේ (2019) ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සූදානම් කර ඇති බටහිර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලිය අරමුණු කරගනිමින් මෙසේ ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම තේරීම සිදු කිරීමට නියමිතයි.

2017 වසරේ දී බටහිර ආසියානු බේස්බෝල් ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම
(Courtesy – sportsinfo.lk)

අවසන් වරට 2017 වසරේ දී පාකිස්තානයේ පැවති බටහිර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ දී ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සමත් වූයේ අවසන් මහා තරගයේ දී සත්කාරක පාකිස්තානය ලකුණු 4-2ක් ලෙස පරාජයට පත් කරමිනි.

මැදිරිගිරියේ අපරාජිතභාවය ගලේවෙල හමුවේ බිඳවැටේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය …

පසුගිය වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ප්‍රථම වතාවට සහභාගී වූ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම එහි දී තරග දෙකක් ක්‍රීඩා කරන ලදි. ප්රථම තරගය ලාඕසය සමඟ පැවති අතර එහි දී ලකුණු 10-15ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඉන්පසු තායිලන්තය සමඟ පැවති තරගය ලකුණු 14-03ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.


>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<