නාලන්ද හා සාන්ත සෙබස්තියන් අර්ධ අවසන් පූර්ව වටයට

419

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වූ තරග අතරින් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

අද පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගවල වැඩි වාසිය දිනා ගැනීමට සාන්ත ජෝසප්, වේල්ස් කුමර විද්‍යාලය සමත් විය. එසේම අද දිනය තුළ විශ්ව චතුරංග හා ලසිත් කෘෘස්පුල්ලේ ශතක ලබා ගැනීමට සමත් විය.

ආනන්ද විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය සුපිරි 8 වටයට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර අවසන් 16 දෙනාගේ වටයේ තරග මේ වන ….

අවසන් 16 දෙනාගේ තරග

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය

කදිරාන පිටියේ දී පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කළ සාන්ත සෙබස්තියන් විද්‍යාලය සුපිරි අට වටයේ සිය අසුන වෙන්කර ගත්තේය.

තරගයේ පළමු දිනය අවසන් වන විටම තරගයේ පළමු ඉනිම ජය ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය. නිෂිත අභිලාෂ් ලකුණු 92යි. නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 79යි. අනතුරුව පිටියේ එක්වූ ජනිශ්ක පෙරේරා හා ප්‍රවීන් කුරේ සිය විද්‍යාල ඉනිම ලකුණු 347ක් දක්වා රැගෙන යන ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් සුපිරි පිතිකරණයක නිරත වීමට ලසිත් කෘෘස්පුල්ලේ සමත් වූයේ නොදැවී ලකුණු 154*ක් ලබා ගනිමිනි. ඔහු පන්දු යැවීමෙන් ද කඩුලු 3ක් දවාලන ලදි. කෙවින් පෙරේරා ලකුණු 67*යි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 201 (51.2): මනීෂ සිල්වා 48, නවීන් ප්‍රනාන්දු 33, පසිඳු උෂෙට්ටි 28*, රොෂේන් ප්‍රනාන්දු 26, කෙවින් පෙරේරා 24, ප්‍රවීන් ජයවික්‍රම 5/64, ප්‍රවීන් කුරේ 3/41.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 347 (95.1): නිෂිත අභිලාෂ් 92, නුවනිඳු ප්‍රනාන්දු 79, ජනිශ්ක පෙරේරා 37, ප්‍රවීන් කුරේ 34, ලසිත් කෘෘස්පුල්ලේ 3/39, රවිඳු ප්‍රනාන්දු 3/118.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම – 256/2 (59): ලසිත් කෘෘස්පුල්ලේ 154*, කෙවින් පෙරේරා 67*.


සාන්ත තෝමස් විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

කාසියේ වාසිය දිනූ නාලන්ද විද්‍යාලය සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලයට පළමුව පන්දුවට පහර දුන් මේ තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට නාලන්ද විද්‍යාලය සමත් විය. ඒත් සමඟින් ඔවුන් ද සුපිරි අට වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට අද සමත් විය. නාලන්ද විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් චමිඳු විජේසිංහ හා රවීන් ද සිල්වා අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය – 254/9d (82.2): සිතාර හපුහින්න 76, මනීෂ රූපසිංහ 51, ශලින් ද මෙල් 40, ලක්ෂිත රසාංජන 6/67.

නාලන්ද විද්‍යාලය – 262/8 (90): චමිඳු විජේසිංහ 79, රවීන් ද සිල්වා  63*, ලක්ෂිත රසාංජන 39, දිල්හාර පොල්ගම්පල 28, තෙවින් ඊරියගම 2/35, ඩෙලොන් පීරිස් 2/58, කලණ පෙරේරා 2/60.

කුසල් සාර්ථක පිතිකරණයේ රහස හෙළිදරව් කරයි

පසුගිය නොවැම්බර් මාසයේ පැවති ඉන්දීය තරග සංචාරයේ දී කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වූ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් බංග්ලාදේශ තරග සංචාරය තුල දී කණ්ඩායමට නැවත පිවිසුණේ තම පුනරාගමනය අමතක නොවන තරගාවලියක් බවට පත් කර ගනිමිනුයි.


පළමු දිනයට පැවැත්වූ තරග

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය සත්කාරක වේල්ස් කුමර විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දී ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 342කට සීමා කරන ලදි.

වේල්ස් කුමර ක්‍රීඩක විශ්ව චතුරංග ශතකයක් ලබාගත් අතර දේවක පීරිස් හා ප්‍රින්ස් ප්‍රනාන්දු ද ලකුණු අතරට පිවිසියේය. සචින්ත හෙට්ටිගේ කඩුලු 3යි. පළමු දිනය අවසන් වන විට තරගයේ වැඩි වාසිය ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් වූයේ ඩී. එස්. සේනානායක පළමු ඉනිමේ කඩුලු 6ක් දවා ගනිමිනි.

වේල්ස් කුමර විද්‍යාලය – 342 (72.2): විශ්ව චතුරංග100, දේවක පීරිස් 47, ප්‍රින්ස් ප්‍රනාන්දු 45, සඳුන් ප්‍රනාන්දු 35, විනුජ රන්පුල් 30, සුවත් මෙන්ඩිස් 27, සචින්ත හෙට්ටිගේ 3/90.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 56/6 (20): සවිඳු පීරිස් 3/06, කෞමාල් නානායක්කාර 3/22.


සාන්ත ජෝසප් විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

පළමු දිනය අවසන් වන විට සාන්ත ජෝසප් පළමු ඉනිම 118/3ක් ලෙස දැක්වූ මේ තරගය ගාලු ජාත්‍යන්තර පිටියේ දී පැවැත්විය.

කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් තවීශ අභිශේක ලකුණු 78ක් ලබාගෙන සාන්ත ජෝසප් පන්දු යවන්නන්ට එදිරිව රිච්මන්ඩ් පළමු ඉනිම ලකුණු 216ක් දක්වා රැගෙන ගියේය. දුනිත් වෙල්ලාලගේ කඩුලු 4යි.

නොදැවී ක්‍රීඩා කරන ශොවාන් රාසුල් හා ජෙහාන් ඩැනියල් පිළිවෙළින් ලකුණු 60*ක් හා ලකුණු  36*ක් ලබාගෙන සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

රිච්මන්ඩ් විද්‍යාලය – 216 (65.3): තවීශ අභිශේක 78, සඳුන් මෙන්ඩිස් 33, ආධිත්‍යය සිරිවර්ධන 33, දනංජය ලක්ෂාන් 27, දුනිත් වෙල්ලාගේ 4/65, මිරංග වික්‍රමගේ 3/28.

සාන්ත ජෝසප් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 118/3 (38): ශෙවාන් රාසූල් 60*, ශෙහාන් ඩැනියල් 36*, අවිඳු තීක්ෂණ 2/23.

Big match වලින් ලොකුම 10

Big match නොහොත් “මහා ක්‍රිකට් තරග” යනු ශ්‍රී ලංකාවට අවේණික පාසල් ක්‍රිකට් සංස්කෘතියකි. එහි ශ්‍රේෂ්ඨයෝ, ජ්‍යෙෂ්ඨයෝ සහ පැරණිතමයෝ මෙසේ හඳුනාගනිමු.


සුහද තරග

මහානාම විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

ධර්මරාජ පිටියේ දී කාසියේ වාසිය දිනාගත් මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

නායක පවන් රත්නායක හා හේශාන් හෙට්ටිආරච්චි නොදැවුණු ශතක ලබාගෙන සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට දැඩි පීඩනයක් එල්ල කළේය. මීට අමතරව පවන්ත වීරසිංහ අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි. පැතුම් බොතේජු ලකුණු 44යි. පළමු දිනයට තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 364ක් ලබාගෙන තිබුණි.

මහානාම විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 364/5 (93): පවන් රත්නායක 107*, හේශාන් හෙට්ටිආරච්චි 104*, පවන්ත වීරසිංහ 52, පැතුම් බොතේජු 44.

පළමු දිනයට පැවැත්වූ තරග හෙටත් (23) පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<