15න් පහල පාපන්දු තරගාවලිය මේ මස 13 වැනිදා සිට

452
Samapsoha U15 Inter School Football Championship 2016 - Press Con

ප්ලෙන්ටි ෆුඩ්ස් සමාගමේ සමපෝෂ අනුග්‍ර‍‍හයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ පාසල් පාපන්දු සංගමය එක්ව සංවිධානය කරන “2016 සමපෝෂ වයස අවුරුදු 15න් පහල අන්තර් පාසල් පාපන්දු තරගාවලිය“ මෙම මස 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි. දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12 000ක් පමණ සහභාගී වීමට නියමිත අතර බාලක කණ්ඩායම් 500ක් සහ බාලිකා කණ්ඩායම් 150ක් පමණ සහභාගී වනු ඇත.

පසුගිය ලිපි: ගෝල 03 – 01 ලෙස නිමාවු තරග දෙකක්

ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස දිවයින පුරා ස්ථාන 32කදි මූලික තරග පැවැත්වීමට නියමිත අතර අවසන් වටයේ තරග ඔක්තෝබර් 28, 29, 30 සහ 31 යන දිනයන් හි පොළොන්නරුවේදි පැවැත්වේ. එහිදි අවසන් වටයට බාලක කණ්ඩායම් 32ක් සහ බාලිකා කණ්ඩායම් 24ක් තොරා ගනු ලැබේ. බලක අවසන් වටයේ තරග 64ක් සහ බාලිකා අවසන් වටයේ තරග 40ක් ද අන්තර්ගත වේ.

තරගාවලියේ දක්වන දක්ෂතා අනුව හොදම ක්‍රීඩකයා, හොදම ක්‍රීඩිකාව සහ හොදම ගෝල රකින්නා ආදි වශයෙන් සම්මාන ද එදිනට පිරිනමනු ඇත.

මාධ්‍ය සාකච්ඡාවට එක්වු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා පවසා සිටියේ “වයස අවුරුදු 15න් පහල අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය ඉතාමත් තරගකාරී වගේම සුහදශීලී තරගාවලියක් ලෙසයි සිසුන් අතර ප්‍ර‍චලිත වෙලා තියෙන්නේ. මේ නිසාම තරගාවලිය පුරා දැඩි උත්සහයකින්, කැපවීමකින් වගේම මිත්‍ර‍ශීලීව තරග කරන ක්‍රීඩකයින් අපිට දැක බලා ගන්නා පුළුවන්. ඒ වගේම මේ තරගාවලිය පාපන්දු ක්‍රීඩාව ගැන පාසල් සිසුන් අතර තිබෙන ඇල්ම, උන්නදුව වැඩිකරන්නත් රුකුලක් වන බව අපිට විශ්වාසයි“.

“යම් ක්‍රීඩාවක් ගැන උද්‍යෝගය, උනන්දුව පමණක් තිබුණාට ප්‍ර‍මාණවත් වන්නේ නැහැ. ක්‍රීඩා කිරීමේ දක්ෂතාවය, දරා ගැනීමේ හැකියාව, ආත්ම විශ්වාසය වගේම ක්‍රීඩාව වෙත විනයානුකූල නැඹුරැවක් තිබීම වැදගත්.“ යැයි මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ප්ලෙන්ටි ෆුඩ්ස් සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍ර‍ධාන විධායක නිළදාරී ශම්මි කරුණාරත්න මහතා සිය අදහස් දක්වමින් ප්‍ර‍කාශ කරන ලදි.

ඉකුත් වසරේ පැවති තරගාවලියේදි ත්‍රිකුණාමලයේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරමින් කොළඹ සහිරා විදුහල බාලක ශූරතාවය දිනා ගත් අතර බාලිකා ශූරතාවයට හිමිකම් කීවේ කුරුණෑගල කවිසිගමුව මධ්‍ය මහා විද්‍යාලය පරාජය කල යාපනය මහජන විද්‍යාලයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට