එංගලන්ත කණ්ඩායමට රැජිණගේ සුබ පැතුම්

8695

2019 ලෝක කුසලාන තරගාවලිය කිසිදා අමතක නොවන තරගයක් බවට පත්කිරීමට ඊයේ (14) එංගලන්තය හා නවසීලන්තය සමත් විය. තරගාවලියේ ලකුණු තත්ත්වය සමවීම නිසාවෙන් යැවූ සුපිරි පන්දුවාරයේ දී ද ලකුණු සමවීම නිසා තරගයේ ජයග්‍රහණය තීරණය වූයේ හතරේ හා හයේ පහර සංඛ්‍යාව මතයි. 

තරගය පැවති ලෝඩ්ස් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී පැවති අතර ඔවුන්ගේ මතකයෙන් කිසිදා මෙම අවසන් තරගය මැකී නොයනු ඇත. 

සුපිරි පන්දුවාරයෙන් ලෝක කුසලානය මහ රැජිනගේ දේශයට

ලන්ඩන් නුවර ‍ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (14) නිමාවට පත් වූ 12…

එංගලන්තය වසර 44ක ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය විය. මෙම ජයග්‍රහණය පිළිබඳව එංගලන්තයේ දෙවන එළිසබෙත් මහ රැජිණ විසින් එංගලන්ත කණ්ඩායමට සිය ශුභාශිංසන එක් කර තිබෙන බව වාර්තා වේ. එංගලන්ත රාජකීය තැපැල් සේවය එළිසබෙත් මහ රැජිණ හා පිලිප් කුමරු නිකුත් කළ ශුභාශිංසන පණිවිඩය නිවේදනය කර ඇත. 

එහි දී මහ රැජිණ පවසා ඇත්තේ, 

“Prince Philip and I send our warmest congratulations to the England Men’s Cricket team after such a thrilling victory in today’s World Cup final. “I also extend my commiserations to the runners-up New Zealand, who competed so admirably in today’s contest and throughout the tournament.”

එනම් “පිලිප් කුමරු හා මම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබපැතුම් එක් කරනවා මේ ලබා ගත් ජයග්‍රහණයට. ඒ වගේම නවසීලන්තය තරගාවලිය පුරා දැක්වූ දක්ෂතා හා අද තරගයේ දී දැක්වූ දක්ෂතා අගය කරනවා” ලෙසයි. 

එංගලන්ත රාජකීය තැපැල් සේවය විසින් මෙම ජයග්‍රහණය සැමරීමට එංගලන්තය පුරා ඇති තැපැල් පෙට්ටි 15ක් රන් පිත්තකින්, පන්දුවකින් හා කඩුල්ලකින් සැරසීමට ද තීරණය කර ඇත. ඒ තරගාවලිය පැවති ක්‍රීඩාංගණය ආසන්නයේයි. එමඟින් එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් හා 2017 කාන්තා ලෝක කුසලානය එංගලන්තයට හිමිකරදුන් නායක හීතර් නයිට්ගේ විශේෂත්වය ලොවට ප්‍රදර්ශනය කිරීම ඔවුන්ගේ අරමුණයි. 

එම පින්තාරු කිරීම් මාස තුනක් එලෙස පැවතීමට නියමිත අතර ඉන්පසුව ඒවා රන් ආලේපිත ඵලකයකින් සැරසීමට ඔවුන් තීරණය කර ඇත. 2012 වසරේ දී රාජකීය තැපැල් සේවය විසින් 2012 ඔලිම්පික් උළෙලේ දී හා පැරා ඔලිම්පික් උළෙලේ දී එංගලන්තය ලබා ගත් සියලු රන් පදක්කම් සැමරීමට එලෙස තැපැල් පෙට්ටි ‍රන් පැහැයෙන් ආලේප කිරීමට කටයුතු කර තිබුණි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<