ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ විස්සයි විස්ස සංචිතය නිකුත් වේ

15039

මේ මස 29 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතය අද (25) නම් කර තිබෙන අතර එහි නායකත්වය අශාන් ප්‍රියන්ජන් වෙත ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් රැසක්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක් හා විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්ය. එහි විස්සයි විස්ස තරග…

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයින් හත්දෙනෙක් මෙම සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කිරීම සුවිශේෂී වෙනවා.

ඊට අමතරව විස්සයි විස්ස සංචිතයේ නොමැති නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩකයින් වන අශාන් ප්‍රියන්ජන් හා නුවන් ප්‍රදීප් වැනි ක්‍රීඩකයින් මේ සංචිතය සඳහා ඇතුලත් කර ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ නොමැති විශේෂඥ දඟපන්දු යවන්නෙක් මේ සංචිතය සඳහා ඇතුළත්ව නොමැති වීම තරමක විස්මය දනවන කරුණකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ විස්සයි විස්ස සංචිතය – අශාන් ප්‍රියන්ජන් (නායක), දනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, ලහිරු මදුසංක, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත

ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස තරග කාලසටහන

අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස්. .  

සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ.

සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ.

සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ.   

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<