මුරලිගේ සම්මාන සියල්ල සීනිගමට

379

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන් ඔහුගේ ක්‍රිකට් දිවිය තුල දිනා ගත් සම්මාන සියල්ල ගුණ ජය සතුට පදනම හරහා (Foundation of Goodness) සීනිගම දී ඔහුගේ නමින් ඉදිවෙන කෞතුකාගාරයට ලබා දීමට තීරණය කර තිබෙනවා.

අලුත් වෙන ටෙස්ට් ක්‍රිකට් නීති අතරට ෆ්‍රී හිට් පහරකුත්

වෙනස් වන ලෝකය අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ද වෙනස් කරමින් ප්‍රේක්ෂක හදවත් තුළ ටෙස්ට් ක්‍රිකට්…

මෙතෙක් ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම වතාවක් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගෙන තිබෙන්නේ මුරලි වන අතර ඊට අමතරව ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම වතාවක් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගෙන තිබෙන ලැයිස්තුවේ දෙවන තැන පසුවන්නේ මුත්තයියා මුරලිදරන්ය.

“සීනිගම පිහිටි ගුණ ජය සතුට පදනම් භූමියේ ඉදිවෙන මේ කෞතුකාගාරය තමා අපේ අලුත්ම ව්‍යාපෘතිය. මුරලි කැමති වුනා ඔහු ලබාගත්ත හැම කුසලානයක්ම අපට දෙන්න. මේ වගේ වටිනා දෙයක් මේ ස්ථානයේ ඉදි කරන්න හිතුවේ මේ ස්ථානයට එන අයට වගේම එන්න හිතාගෙන ඉන්න අයට ආකර්ෂණීය තැනක් කරන්නයි. මේ කෞතුකාගාරය ඔබ සියලුම දෙනාට නොමිලේ නරඹන්න පුළුවන්.” යැයි ගුණ ජය සතුට පදනමේ ප්‍රධාන භාරකරු වන කුෂිල් ගුණසේකර මහතා අදහස් දක්වමින් පැවසීය.

2019 IPL අවසන් තරගයේ ක්‍රීඩාංගණය තීන්දුයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන…

ගුණ ජය සතුට පදනම යනු ක්‍රීඩාවෙන් නැගී සිටීමට වෙර දරන ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට අත හිත දෙන්නට සූදානමින් සිටින සංවිධානයකි. මෙහි භාරකරුවන් අතර මුරලිදරන් ද සිටින අතර ඊට අමතරව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා රසල් ආර්නෝල්ඩ් වැනි හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද මේ අතර වේ.

“මුරලිගේ සම්මාන වගේම මුරලිගේ ක්‍රිකට් දිවියේ විශේෂ සේයාරූ කිහිපයක්ම මෙහි දී ප්‍රදර්ශනය කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙතැනට එන දේශීය විදේශීය ඕනෑම කෙනෙක්ට මේක නොමිලේ නරඹන්න පුළුවන් වගේම, පුළුවන් ඕනම කෙනෙකුට ආධාර ලබා දෙන්නත් අවස්ථාව අපි සලසල දීලා තියෙනවා.” යැයි කුෂිල් මහතා වැඩිදුරටත් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<