සමස්ත ලංකා පාසල් ශූරතාවය ඔබේ පාසලට ද?

414

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් දස සාමාජික රග්බි තරගාවලිය ඊයේ (16) කොළඹ රාජකීය විද්‍යාලයේ දී හා සහිරා පිටියේ දී ආරම්භ විය.

මයිලෝ ආයතනය විසින් සවිබල ගන්වනු ලබන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 32ක් තේරී පත්ව තිබුණි. කාණ්ඩ 8ක් යටතේ තරග වැදුණු මෙම කණ්ඩායම් අතුරෙන් පාසල් 24ක් අද පැවැත්වෙන මීළඟ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ වෙනස්කම් 02 ක්

දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතය…

A කාණ්ඩය ඩී. එස්. සේනානායක විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ රාජකීය විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හමුවේ ලකුණු 14 – 05ක් ලෙස පරාජය විය. අවසානයේ රාජකීය විද්‍යාලයට සිදු වූයේ බඳුන ශූරතාවය සඳහා තේරී පත්වීමටයි.

B කාණ්ඩය විද්‍යා විද්‍යාලය, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය.

මෙම කාණ්ඩයේ සියලුම තරග ජයග්‍රහණය කළ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය එහි පෙරමුණ ගනිමින් ශූරතා කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

C කාණ්ඩයසාන්ත ජෝශප් විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය

ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය මෙම තරගයට සහභාගි නොවීම නිසා සාන්ත ජෝසප් විද්‍යාලයට නිතරගයෙන්ම ජය හිමි විය. අනෙක් තරග ද්විත්වයම පහසුවෙන්ම ජයග්‍රහණය කරමින් එහි පළමුවැන්නා ලෙස මූලික වටය අවසන් කළේය.

D කාණ්ඩය සාන්ත අන්තෝනි විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, මලියදේව විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය අතර සවස් කාලයේ දී පැවැත්වූ මෙම තරගයේ දී ලකුණු 21 – 00ක් ලෙස වෙස්ලි විද්‍යාලය පරාජය විය. ඒ නිසා ඔවුන්ට හිමි වූයේ බඳුන ශූරතා වටයට පිවිසීමටයි.

E කාණ්ඩය පිළියන්දල මධ්‍ය විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, වේලුවන විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය

පිළියන්දල මධ්‍ය විදුහල් කනිෂ්ඨ ක්‍රීඩකයින් ඔවුන්ගේ වගකීම නිසියාකාරව ඉටු කරන ලදි. ඔවුන් මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 27 – 05ක් ලෙස පරාජය කරමින් ශූරතා කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තම අසුන වෙන්කර ගන්නා ලදි.

F කාණ්ඩය – සාන්ත පීතර විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය මූලික වටයේ පැවැත්වූ තරග සියල්ලම පහසුවෙන්ම ජයග්‍රහණය කරමින් ශූරතා කුසලාන අවසන් වටයට පිවිසියේය. එහි දී ඔවුන් පෙරළිකාර පිළියන්දල මධ්‍ය විදුහල සමඟින් තරග වදිනු ඇත.

G කාණ්ඩය – ත්‍රිත්ව විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, සාන්ත ජෝන් විද්‍යාලය

ත්‍රිත්ව විද්‍යාලය ද සාන්ත පීතර විද්‍යාලය මෙන්ම මූලික වටයේ අවසන් තරග ත්‍රිත්වයම පහසුවෙන්ම නිමා කරන ලදි. තරගාවලියේ මීළඟ වටයේ දී ත්‍රිත්ව විද්‍යාලය සහිරා විද්‍යාලය සමඟින් තරග වැදීමට නියමිතයි.

H කාණ්ඩය සහිරා විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, මහානාම විද්‍යාලය, මොරටු මහා විද්‍යාලය

ඉසිපතන විද්‍යාලය සහිරා විද්‍යාලය හමුවේ අවාසනාවන්ත ලෙස පරාජය විය. ඒ නිසාවෙන් ඔවුන්ට උදෑසනින්ම ශූරතා කුසලානය සඳහා ඔවුන් තබාගෙන තිබූ බලාපොරොත්තු සුනුවිසුනු වී ගියේය. පසුව පැවැත්වූ මොරටු මහා විද්‍යාලය අතර තරගය 40 – 00 ක් ලෙස හා මහානාම විද්‍යාලය සමඟින් පැවැත්වූ තරගය 55 – 00ක් ලෙසත් ජය ගත් සහිරා ක්‍රීඩකයින් අවසන් 8 දෙනා අතරට තේරීපත්විය.

අද (17) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරග

ශූරතා කුසලානය

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය
  • සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය
  • පිළියන්දල මධ්‍ය විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය
  • ත්‍රිත්ව විද්‍යාලය හා සහිරා විද්‍යාලය

බඳුන කුසලානය

  • රාජකීය විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • විද්‍යාර්ථ විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය
  • ධර්මරාජ විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය
  • කිංග්ස්වුඩ් විද්‍යාලය හා  ඉසිපතන විද්‍යාලය

පලඟ කුසලානය

  • ආනන්ද විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය
  • නාලන්ද විද්‍යාලය හා මලියදේව විද්‍යාලය
  • වේලුවන විද්‍යාලය හා  ශ්‍රී සුමංගල විද්‍යාලය
  • ලුම්බිණි විද්‍යාලය හා මහානාම විද්‍යාලය

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට