මිකී ආතර් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ධූරයට

85

හිටපු දකුණු අප්‍රිකානු, ඕස්ට්‍රේලියා හා පකිස්තාන පුහුණුකරු මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා. ඒ වසර දෙකක කොන්ත්‍රාත්තුවකට යටත්වයි.

SAG2019 – හර්ෂිතා – සත්‍යාගේ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ලකුණක්!

දකුණු ආසියානුකරයේ ක්‍රීඩා තරු එකිනෙක ගැටෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ විස්සයි…

එළඹෙන දෙසැම්බර් 5 වැනිදා ආතර් සිය ධූර කාලය ආරම්භ කරන්නේ පාකිස්තානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පුහුණුවීම් අරඹමින්. කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් හොබවන අතර කණ්ඩායම එළඹෙන 8 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යන්නේ රාවල්පිණ්ඩි හිදී හා කරච්චි හිදී ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමේ අරමුණින්.

පසුගිය අගෝස්තුවේ පැවැත්වුණු නවසීලන්ත සංචාරයට පසුව චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධුරයෙන් ඉවත් කළ අතර රුමේෂ් රත්නායක මහතා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කරන ලදි. මිකී ආතර් මහතාගේ කටයුතු පහසු කිරීම සඳහා ඔහු පාකිස්තාන සංචාරයේදීත් කණ්ඩායම සමඟ ඉතා ළඟින් කටයුතු කරනු ඇත.

මිකී ආතර් මහතා 2005 වසරේ සිට 2010 වසර දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ලෙසට කටයුතු කරන අතර 2011 වසරේ සිට 2013 වසර දක්වා ඕස්ට්‍රේලියාව සමඟ කටයුතු කරන ලදි. 

ඔහු පසුගිය වසර තුන පුරාවට පාකිස්තාන කණ්ඩායම සමඟ කටයුතු කළ අතර පසුගිය අගෝස්තුවේ ඔහු එම තනතුරෙන් සමු ගන්නා ලදි. මේ ගෙවුණු වසර අටක කාලය තුල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වූ 11 වැනි ප්‍රධාන පුහුණුකරු වීම විශේෂත්වයක්.

ඔහු දකුණු අප්‍රිකාව සමඟ කටයුතු කරන සමයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත් වූ අතර ඔවුන් එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ද ඔවුන්ගේ රටවල්වල දී ම පරාජය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ දී මාලිංග, තිසර සහ චමරිට ඉහළ පැසසුම්

2018/19 වසර වලදී දේශීය ක්‍රිකට් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිදුකරන ලද සියලු…

මිකී ආතර් පාකිස්තාන පුහුණුකරු ලෙස කටයුතු කරන සමයේ පාකිස්තානය 2017 ICC ශූරයින්ගේ කුසලානය දිනා ගන්නට සමත් වූ අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට ද පත් වෙන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා ලෙස ග්‍රාන්ට් ෆ්ලවර්, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඩේවිඩ් සේකර්, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ෂේන් මැක්ඩර්මෝට් ද සහය ලබා දෙනු ඇත.

ThePapare.com වෙත වාර්තා වී ඇති ආකාරයට ෆ්ලවර් හා සේකර් පාකිස්තාන සංචාරය සඳහා එක් නොවනු ඇත.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ මැක්ඩර්මෝට්  මීට පෙර දකුණු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගමය සමඟ කටයුතු කර තිබේ.

ෆ්ලවර් හා මිකී ආතර් පාකිස්තානයේ දී ද එක්ව කටයුතු කර තිබීම විශේෂත්වයක්. ඔහු සීමිත පන්දුවාර තරග පිතිකරුවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමට නියමිත අතර පාකිස්තාන සංචාරය නිමා වූ පසුව රුමේෂ් රත්නායක වෙනුවට ඩේවිඩ් සේකර් වැඩ බලනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<