සචිත්‍ර සේරසිංහ සහ රුමේෂ් බුද්ධික ශතක රැස් කරති

232

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (05) දවසේ දී ශතක වාර්තා කිරීමට ටැමිල් යූනියන් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ සහ බී. ආර්. සී. කණ්ඩායමේ රුමේෂ් බුද්ධික සමත් වූහ.

රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 167කට මුහුණ දුන් සචිත්‍ර සේරසිංහ තරගය නතර කරන විට නොදැවී ලකුණු 107ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහරක් ද ඇතුලත්ව තිබුණි.

එස්. එස්. සී. සමඟ වූ තරගයේ රුමේෂ් බුද්ධික පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 107ක් ලබා ගත්තේ ය.

සැරසන්ස් චාමිකර කොළඹ ඉනිමේ කඩුලු 9ක් දවා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (04)…

මුවර්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ මුවර්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුවර්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 110ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යුද හමුදා කණ්ඩායම අද දින ලකුණු 221කට සියලු දෙනාම දැවී ගියේ ය.

ලකුණු 111ක් පිටුපස සිටමින් තම දෙවැනි ඉනිම ඇරඹූ මුවර්ස් ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 193ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක තුනක් එක් වීම කැපී පෙණුනි. ආරම්භක පිතිකරු නායක ඉරෝස් සමරසූරිය පන්දු 174කට මුහුණ දී හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා පිටියේ නොදැවී රැඳී සිටින අතර පබසර වඩුගේ සහ චාමර සිල්වා අර්ධ ශතක ලබා ගනිමින් මුවර්ස් දෙවැනි ඉනිම ශක්තිමත් කළහ.

කඩුලු ලබා ගැනීමේ දී දුශාන් විමුක්ති ලකුණු 64කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 110 (44.4) අදීශ තිලාංචන 35, නුවන් ලියනපතිරණ 2/30, දුශාන් විමුක්ති 5/35, දනුශික බණ්ඩාර 2/16

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 221 (80.1) අශාන් රන්දික 32, දුශාන් විමුක්ති 35, ලක්ෂිත මධුශාන් 20, ඩිල්ශාන් ද සොයිසා 32, යසෝද මෙන්ඩිස් 26, දනුශික බණ්ඩාර 25, ශිරාන් ප්‍රනාන්දු 2/50, කේශාන් විජේරත්න 3/40, රමේෂ් මෙන්ඩිස් 2/25, තරිඳු කෞෂාල් 2/31

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 193 (50) පබසර වඩුගේ 52, ඉරෝෂ් සමරසූරිය නොදැවී 82, චාමර සිල්වා 52, දුශාන් විමුක්ති 2/64

සී. සී. සී. සහ සැරසන්ස් අතර තරගය

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු  238ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි සැරසන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 169කි. අනතුරුව ලකුණු 69ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ සී. සී. සී. ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 2ක් දැවී ලකුණු 186ක් ලබා සිටිය හ.

Photos: Saracens SC v CCC – Major League Tier A Tournament 2018/19

සැරසන්ස් ඉනිම වෙනුවෙන් පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක්වූ චාමිකර එදිරිසිංහ පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

සී. සී. සී. දෙවැනි ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබා සිටී.

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 238 (62) රොන් චන්ද්‍රගුප්ත 30, මාධව වර්ණපුර 63, වනිඳු හසරංග 32, මනෙල්ක ද සිල්වා 22, විශ්ව ප්‍රනාන්දු නොදැවී 28, චාමිකර එදිරිසංහ 9/87

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී169 (64.4 ) ප්‍රමෝද් මධුවන්ත 22, චාමිකර එදිරිසිංහ 53, සාලිය සමන් 27, ලහිරු ගමගේ 2/34, මාලින්ද පුෂ්පකුමාර 6/73, වනිඳු හසරංග 2/27

සී. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 186 (51) රොන් චන්ද්‍රගුප්ත නොදැවී 75, මාධව වර්ණපුර 46, මිනෝද් භානුක 37

යොවුන් පිතිකරුවෝ අර්ධ ශතක රැස්කළත් දිනුම ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග …

රාගම සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 433ක් ලබා ගත් හ. ඊට පිළිතුරු ලෙසින් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 2ක් දැවී ලකුණු 223ක් ලබා සිටිය හ.

ටැමිල් යූනියන් ඉනිමේ දී තරංග පරණවිතාන සහ සචිත්‍ර සේරසිංහ අතර තෙවැනි කඩුල්ලට එක් වූ නොබිඳුණ ලකුණු සංඛ්‍යාව 188කි. එහි දී නායක තරංග පරණවිතාන පන්දු 133කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා සිටියේ ය.

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 433 (89) සුපේෂල ජයතිලක 100, ජනිත් ලියනගේ 52, දිනෙත් තිමෝද්‍ය 49, ෂෙහාන් ප්‍රනාන්දු 41, සංජය චතුරංග 36, ඉෂාන් ජයරත්න 50, සහන් නානායක්කාර 35, ජීවන් මෙන්ඩිස් 4/125, දිනුක් වික්‍රමනායක 3/44

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 2ක් දැවී 223 (58) ලහිරු මිලන්ත 21, තරංග පරණවිතාන නොදැවී 76, සචිත්‍ර සේරසිංහ නොදැවී 107

මිලින්ද සහ කමිඳු A ඉනිම ගොඩදායි

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී අද (05)…

එස්. එස්. සී. සහ බී. ආර්. සී. අතර තරගය

කොළඹ එස්. එස්. සී. සහ බී. ආර්. සී. ක්‍රිකට් සමාජය අතර බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 289ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බී. ආර්. සි. ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 267ක් පමණි.

බී. ආර්. සී. ඉනිම වෙනුවෙන් නායක රුමේෂ් බුද්ධික ශතකයක් රැස් කරද්දී තරිඳු රත්නායක කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

Photos: BRC v SSC | Major League Tier A Tournament 2018/19

ලකුණු 22ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 127ක් ලබා සිටිය හ. එම ඉනිමට කෞෂාල් සිල්වා විසින් නොදැවි රැස් කරන ලද අර්ධ ශතකයක් ද ඇතුළත් ය.   

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 289 (66.4) කෝසල කුලසේකර 42, සම්මු අශාන් 125, ආකාශ් සේනාරත්න 28, සචිත්‍ර සේනානායක 32, නෙරංජන් වන්නිආරච්චි 2/36, දුවිඳු තිලකරත්න 5/65

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (79) ලසිත්ලක්ෂාන් 25, භානුක රාජපක්ෂ නොදැවී 44, ටී. එන්. සම්පත් 42, රුමේෂ් බුද්ධික නොදැවී 105, දුවිඳු තිලකරත්න 24, කසුන් මධුශංක 2/50, සචිත්‍ර සේනානායක 2/47, තරිඳු රත්නායක 5/83

එස්. එස්. සී; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 127 (32) සඳුන් වීරක්කොඩි 21, කෞෂාල් සිල්වා නොදැවී 57, සහන් ආරච්චිගේ 33, දුවිඳු තිලකරත්න 3/21, ලසිත් ලක්ෂාන් 2/25

තිසරගෙන් කිවියන් සසල කළ ඉනිමක්

නවසීලන්ත ක්‍රිකට් රණබිමේ හුදකලා සටනක නිරත වූ තිසර පෙරේරා අද (05) තම එක්දින ජාත්‍යන්තර …

හලාවත මේරියන්ස් සහ වරාය අධිකාරිය කණ්ඩායම අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 233ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 203ක් පමණි. අනතුරුව ලකුණු 30ක් ඉදිරියෙන් සිටිමින් පිටියට පිවිසි වරාය අධිකාරිය ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට අවසන් කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 112ක් ලබා සිටිය හ.

මේරියන්ස්  ඉනිම් වෙනුවෙන් රිසිත් උපමාල් පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය.

වරාය අධිකාරිය දෙවැනි ඉනිමේ දී අදීශ නානායක්කාර පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේ ය.

වරාය අධිකාරිය ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (68.5) යොහාන් ද සිල්වා 64, ප්‍රිමෝෂ් පෙරේරා 51, රුවිඳු ගුණසේකර 24, ප්‍රශාන් වික්‍රමසිංහ 46, සුබ්‍රමනියන් උදේශි 6/70, කරිමුත්තු රාකේශ් 2/41

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (60.2) ඔසද ප්‍රනාන්දු 30, හර්ෂ කුරේ 22, රිසිත් උපමාල් 54, පුලින තරංග 28, චමින්ද බණ්ඩාර 3/54, චානක කොමසාරු 2/79,  අනුක් ද අල්විස් 4/53

වරාය අධිකාරිය ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 112 (46) අදීශ නානායක්කාර 64, ගයාන් මනීශාන් 20, රොෂාන් ජයතිස්ස 2/16, නිමේෂ් විමුක්ති 2/51

හෙට (06) මේ සියලු තරගවල අවසන් දිනයයි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<