එවරස්ට් කන්දේ මුදුනටම ගමන් කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ ජයන්ති කුරු-උතුම්පාල සමඟින් එවරස්ට් තරණයේ යෙදුනත් මීටර 448ක් තිබිය දී සිය තරණය අවාසනාවන්ත ලෙස නතර කළ ජොහාන් පිරිස් දෙවන වරටත් එවරස්ට් තරණයේ යෙදෙන අතර මේ වන විට ඔහු එවරස්ට් මුදුන තරණයේ අවසාන අදියරේ සිටියි.
නිර්මාණාත්මක ව්‍යවසායකයෙකු හා කඳු නැගීමේ ශූරයෙකු වන ජොහාන්, මේ වන විටත් නේපාලයේ කලපට්ට කඳු මුදුන (Kalapatta-Nepal), අයිලන්ඩ් පීක්, ටැන්සානියාවේ කිලිමන්ජාරෝ, ලාඕසයේ ලුආන්ග් ප්‍රබාන්ග් (Luang Prabang) වැනි කඳු මුදුන් ද තරණය කර ඇත. ජයන්ති සමඟ එක්වී එවරස්ට් තරණය ආරම්භ කළ අතර ජයන්ති එවරස්ට් මුදුනට ළඟා වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්විය.

Rotations’ නමින් හැඳින්වෙන මෙම කෙටි පුහුණු තරණයන් නිමා කළ පසු ජොහාන් එවරස්ට් මුදුන තරණය කිරීම සඳහා මැයි 19 දා එවරස්ට් මූලස්ථාන කඳවුරෙන් නික්මීමට නියමිත අතර මැයි 23 වැනිදා උදෑසන ඔහු එවරස්ට් කඳු මුදුනට ළඟා වීමට නියමිතයි.
වලව සුපර් ක්‍රොස් අඛණ්ඩව 6 වන වසරටත්
සබරගමුව පළාත මායිමේ පිහිටි උඩවලවේ ජාතික වනෝද්‍යානය ඉදිකරනු ලැබුවේ උඩවලවේ..

ජොහාන් මේ පිවිසෙන්නේ සිය කඳු තරණයේ අපහසුම අදියරට වන අතර කඳු මුදුනටම යෑම සඳහා ඔහුගේ අවධානය හා මානසික ශක්තිය ඉහළම මට්ටමකින් තිබිය යුතු වනු ඇත. අවසාන වතාවේ මෙන් ජයන්ති වැනි ප්‍රවීණ සහකාරියක් මෙවර ඔහුට අහිමි අතර එබැවින් හොඳ සූදානමකින් හා ආත්ම විශ්වාසයකින් යුතුව ඔහුට මේ ගමන යා යුතු වනු ඇත.
ශ්‍රී ලංකා ධජය එවරස්ට් කඳු මුදුනේ ලෙළ දෙනු දැකීම සියලු දෙනාගේ අපේක්ෂාව වන අතර කිසිදු උපද්‍රවයකින් තොරව එවරස්ට් කන්ද තරණය කර සිය අපේක්ෂාව මුදුන් පත් කර ගැනීමට ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.
>>තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<






















