ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණියේ ප්‍රබල වෙනසක්

163

ඉන්දියාව සමඟ පැවති තරග හතරකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියේ මිචෙල් මාර්ෂ් සමඟ සම උපනායක ධූරය හොබවමින් කණ්ඩායම මෙහෙය වූ ජොෂ් හේසල්වුඩ්‍ එම තරගාවලිය පුරාවටම පන්දුවාර 74.1ක් ක්‍රියාත්මක කරමින් ඉතා වෙහෙසකර පන්දු යැවීමක නිරත වූ නිසාවෙන්ම ඔහුට විවේකය ලබාදීම සඳහා ඉන්දියාව සමඟ පැවති එක්දින තරගාවලිය උපයෝගී කරගැනීමට බළධාරීහූ පියවර ගත්හ.

ශ්‍රී ලංකා පිතිපෙළ හොලන්ඩ්ගේ දඟපන්දුවට බිලිවෙයි; තිරිමාන්න බේරෙයි

ලබන බ්‍රහස්පතින්දා (24) බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නට නියමිත

2010 වර්ෂයේ දී පිට කොන්ද ප්‍රදේශය හට ගත් ආබාධයක් හේතුවෙන් ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව ඔහුට අහිමි වූ අතර වර්තමාන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ භෞ‍ත චිකිත්සක ලෙස කටයුතු කරන ඩේවිඩ් බීක්ලි මහතාට අනුව නැවත වරක් ඔහුට එම ප්‍රදේශය ආශ්‍රිතව ආබාධයක් ඇති වීමේ අවදානමක් පැන නැඟී ඇත.

ඔහුගේ වර්තමාන සෞඛ්‍ය තත්වය පිළිබඳ පැහැදිලි කළ බීක්ලි මහතා ඒ පිළිබඳව මෙසේ වැඩිදුර විස්තර සඳහන් කර සිටියේය.

“පසුගිය දවස් කිහිපයකම ඉඳන් පිට ආශ්‍රිත ප්‍රදේශයේ තරමක වේදනාවක් ඇති වූ බව ජොෂ් අපිට දැන්වූ නිසා වහාම ඔහුව ස්කෑන් පරීක්ෂණයකට යොමු කරන්න අපි කටයුතු කළා. ඒකේ ප්‍රතිඵලවලට අනුව පසුගිය වසරේ ආබාධයට ලක් වුනු ප්‍රදේශයේම මාංශ පේෂී සමුදාය නැවත වරක් දරුණු ලෙස ඇඳීමකට ලක්වීමට වැඩි ඉඩක් ඇති බව අපට පෙනී ගියා.’

“අපිට ඕන හොඳ ආරම්භයක්” – දිනේෂ් චන්දිමාල්

නවසීලන්තයේ දී කිසිදු ජයක් වාර්තා කර ගැනීමට නොහැකි වුනත් ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු තරමේ දස්කම් දැක්වූයේ

“කෙසේ වුවත් අපි දැන් ජොෂ් සමඟ එකතු වෙලා කරන වැඩපිළිවෙළත් එක්කම ලෝක කුසලාන සංචිතය තෝරාපත් කරගන්න කලින් ඔහුට පූර්ණ සුවය ලබන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.”

පසුගිය සතියේ ඉන්දියාව සමඟ පැවති එක්දින තරගාවලියේ නිමාවත් සමඟම එම තරගාවලිය පුරාවටම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑමට සමත් වූ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ජායි රිචඩ්සන් සිය මංගල ටෙස්ට් තරගාවලිය සඳහා සංචිතයට කැඳවා තිබෙන්නේ හේසල්වුඩ්ගේ ඉවත් වීමත් සමඟ නිර්මාණය වන හිඩැස පිරවීමේ අරමුණෙනි.

cricket.com.au            ජායි රිචඩ්සන්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුභාර ප්‍රධාන නිලධාරි ට්‍රෙවර් හෝන්ස් මහතා පවසා සිටි අයුරින් ශෙෆ්ෆීල්ඩ් කුසලානයේ පළමු අර්ධයේ දී මෙන්ම ඉන්දියාව සමඟ පැවති එක්දින තරග තුනේ දී ඔහු පෙන්වූ දක්ෂතා නිසාවෙන් කාගේත් අවධානය දිනා ගැනීමට ඔහු සමත් වූ බවයි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු  ටෙස්ට් තරගය දිවා රාත්‍රි ටෙස්ට් තරගයක් ලෙස එළඹෙන 24 වැනිදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් හීදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<