ඉෂාන්, දිනිඳු අර්ධ අවසන් වටයට

354

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් වන ඉෂාන් බණ්ඩාර සහ දිනිඳු සපරමාදු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි බොක්සිං අංශයෙන් අර්ධ අවසන් වටයට තේරී පත්විය.

සිව්වැනි පදක්කමේ පාට කුමක්ද?

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය නිමා වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි..

අප්‍රේල් 8 වැනිදා ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට නැවුම් දිනයක් බවට පත්කරමින් අනූෂා කොඩිතුවක්කු කි.ග්‍රෑම් 48 අවසන් පූර්ව තරගයට තේරීපත්වීමෙන් පසු දිනිඳු සපරමාදු, නවසීලන්ත ක්‍රීඩක රිචඩ් හැඩ්ලෝ සමඟින් තරග වැදුනි. ඒ පිරිමි කි.ග්‍රෑම් 64 බරපන්තිය වෙනුවෙනි. එහි දී විනිසුරු මඩුල්ලේ 4-1ක තීරණයකින් දිනිඳු ජයග්‍රහණය කළ අතර ඔහුගේ මීළඟ තරගය නැමීබියාවේ ජේ. ජොනාස්ට එරෙහිව පැවැත්වේ. අප්‍රේල් 10 වැනිදා පැවැත්වෙන එය අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකි. පසුගිය දා නෙදර්ලන්තයේ දී පැවති අයින්දෝවන් කප්හි කි.ග්‍රෑම් 64 ජයග්‍රාහකයා බවට පත්වූයේද ඔහුයි.

දිනිදු, ජාතික බොක්සිං ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා යි.
ඉෂාන් ප්‍රකටව ඇත්තේ නොක්අවුට් ප්‍රහාරකයෙකු ලෙසයි

ඉන් පසුව අප්‍රේල් 9 වැනි දිනට හිරු උදාවෙද්දී ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාර විසින් නාවුරු දේශයේ යැචෙන් කුක් පරදවා විනිසුරු මඩුල්ලේ 3-2ක තීරණයක ජයක් ලබන්නට සමත් විය. ඔහු මීළඟ තරගයේ දී ලෙසෝතෝ රාජ්‍යයේ තාබෝ මොලේෆ්ට එරෙහිව පිරිමි කි.ග්‍රෑම් 52 අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරයි. ඒ අප්‍රේල් 11 වැනිදායි.

ශ්‍රී ලංකාවේ අපරාජිත ශූරිය අනූෂා කොඩිතුවක්කු සහ ලෝක ශූරිය වන මේරි කොම් අතර කි.ග්‍රෑම් 48 බරපන්තියේ අවසන් පූර්ව තරගය යෙදී ඇත්තේ අප්‍රේල් 11 වැනිදා මෙරට වේලාවෙන් උදෑසන 7.30ට ආසන්න වේලාවකදීයි.

ලෝක ශූරියට තනි කකුලෙන් අඬගසන ශ්‍රී ලංකා කෙල්ල

ඇය පන්නල ස්ලිම්ලයින් ආයතනයේ මානව සම්පත් විධායකවරියකි. වසර 15කට අධික කාලයක්…

1950 වර්ෂයේ ශ්‍රී ලංකාව ලද බොක්සිං පදක්කම් තුනකින් පසු මෙතෙක් ශ්‍රී ලංකාව පිරිමි බොක්සිං ක්‍රීඩාවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා නැත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<