පැතුම් සහ චාමික අයර්ලන්තය මෙල්ල කරයි

2071

පළමු ඉනිමේ පෑ දක්ෂතා හේතුවෙන් ආඩම්බරයෙන් සිටි සංචාරක අයර්ලන්ත A ක්‍රීඩකයන්ගේ රැස් බැස්සවීමට පැතුම් නිශ්ශංක සහ චාමික කරුණාරත්න සමත් වීම හේතුවෙන් දෙරට අතර අද (15) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ දෙවැනි සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයක් නොමැතිව අවසන් විය.

ඇන්ජලෝ නතර කළ තැනින් පැතුම් පටන් ගනී

සංචාරක අයර්ලන්ත A ක්‍රීඩකයන්ගේ ආඩම්බරකාරී ඉනිම ඉදිරියේ ඇන්ජලෝ ප්‍රනාන්දු ශ්‍රී ලංකා පළමු…

ඒ අනුව තරග දෙකකින් යුත් නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් සේ ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. දෙරට අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සතු වූහ.

නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8කට ලකුණු 508ක් ලබා ගනිමින් ප්‍රතිවාදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඔවුන් තම පළමු ඉනිමට  රැස් කළේ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 303ක් පමණි.

ලකුණු 205ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් බේරීමට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය පෙර දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ලබා සිටි අතර අද ඔවුන් එම ඉනිම ලකුණු 468ක් දක්වා රැගෙන ආහ. ඒ කඩුලු 7ක් පමණක් අහිමි කර ගනිමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 264ක ඉලක්කයක් වෙත ගිය අයර්ලන්ත ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 89ක් ලබා සිටිය හ.

තරගයේ අවසන් දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ පැතුම් නිශ්ශංක ය. ඔහු ශ්‍රී ලංකා අවසන් ඉනිමේ දී ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් විය. පන්දු 274කට මුහුණ දුන් පැතුම් හතරේ පහර 28ක් තම ඉනිමට ඇතළත් කර ගනිමින් ලකුණු 217ක් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 417ක් වෙද්දී පැතුම් තම ඉනිම අවසන් කර ගනිද්දී ඔහු චාමික කරුණාරත්න හා එකතුව 7 වැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක විය.

අවසන් පන්දු වාරයේ ප්‍රහාරයෙන් ඉන්දියාව සටනට පා තබයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඇඩිලේඩ් ක්‍රිකට් පිටියේ …

චාමික කරුණාරත්න පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ද අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. ඔහු පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේ ය. දිනයේ දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසින් කමිඳු පිටියෙන් ඉවත් වෙන විට ඔහු පැතුම් නිශ්ශංක සමග එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 154ක සබඳතාවක් ගොඩ නගා තිබුණි.

සම්මු අශාන්ට අද රැස්කර ගත හැකි වූයේ ලකුණු 14ක් පමණි. පන්දු යැවීමේ දි ජොනතන් ග්‍රාත් ලකුණු 140කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

අයර්ලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ දී හරවා යැවීමට ලසිත් ඇඹුල්දෙනිය සමත් විය. ඉන් අනතුරුව නැවත වතාවක් පිට පිට පන්දු වාර දෙකක දී ඉනිමේ දෙවැනි සහ තෙවැනි කඩුලු ද බිඳ වැටුණි. එවර ක්‍රියාත්මක වූයේ අශාන් ප්‍රියංජන් සහ ලසිත් ඇඹුල්දෙනිය ය. ඒ වෙද්දී අයර්ලන්ත ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 28ක්ව තිබුණි.

අකිල යළිත් දස්කම් අතරට

අකිල ධනංජය යනු, අවසන් මාස 12කට අධික කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින මෙන්ම ටෙස්ට්…

තරගය නතර කරන විට ජේම්ස් මැකලම් (45) සහ ලෝකන් ටකර් (22)  සිව්වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 61ක සබඳතාවක් ගොඩ නගා තිබුණි.

කඩුලු ලබා ගැනීමේ දී ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 37කට කඩුලු දෙකක් දවා ගනිමින් එම ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 508 (138) ජේම්ස් මැකලම් 72, ස්ටෙපන් ඩොහෙනි 58, නීල් රොක් 85, ලෝර්කන් ටකර් 80, මාක් අදයිර් 32, ජොනතන් ගාර්ත් 45, ජේම්ස් කැමරන් නොදැවී 76, චාමික කරුණාරත්න 2/54

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 202 (73.2) අශාන් ප්‍රියංජන් 27, ඇන්ජලෝ පෙරේරා 127, සම්මු අශාන් 72,   ක්‍රේග් යංග් 3/76, ජේම්ස් කැමරන් 5/99, ජොනතන් ග්‍රාත් 2/55

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම  කඩුලු 7ක් දැවී 468 (105.1) පැතුම් නිශ්ශංක 217, මනෝජ් සරත්චන්ද්‍ර 28, කමිඳු මෙන්ඩිස් 53, චාමික කරුණාරත්න නොදැවී 100, මාක් අදයිර් 2/65, ජොනතන් ග්‍රාත් 3/140

අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 89 (24) ජේම්ස් මැකලම් නොදැවී 45, ලෝකන් ටකර් නොදැවී 22, ලසිත් ඇඹුල්දෙණිය 2/37

අයර්ලන්ත A කණ්ඩායම හා පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 19 වැනිදා හම්බන්තොට දී පැවැත්වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<