ඇන්ජලෝ නතර කළ තැනින් පැතුම් පටන් ගනී

2668

සංචාරක අයර්ලන්ත A ක්‍රීඩකයන්ගේ ආඩම්බරකාරී ඉනිම ඉදිරියේ ඇන්ජලෝ ප්‍රනාන්දු ශ්‍රී ලංකා පළමු ඉනිම  වෙනුවෙන් ගෞරවනීය ඉනිමක් ගොඩ නැගූව ද එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දෙවැනි ඉනිමේ දී පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ඉනිම බේරා ගැනීමේ සටනට පණ දුන්නේ ය.

අශාන් සහ ඇන්ජෙලෝගෙන් ශ්‍රී ලංකාවට පොඩි සහනයක්

සංචාරක අයර්ලන්ත A ක්‍රීඩකයන්ගේ ආඩම්බරකාරී ඉනිමේ පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා…

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8කට ලකුණු 508ක් ලබා ගනිමින් ප්‍රතිවාදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඔවුන් තම පළමු ඉනිමට  රැස් කළේ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 303ක් පමණි.

ලකුණු 205ක් පිටුපස සිටීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් බේරීමට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට සිදු වූ අතර තරගය තෙවැනි දිනයට නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ලබා සිටිය හ.

එහි දී පළමු ඉනිමේ දී අසාර්ථක වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 124කට හතරේ පහර 12ක් සමඟින් ලකුණු 92ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ගොඩ නැගීමේ වගකීම බාර ගෙන සිටියේ ය.

පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටමින් අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ එකම ප්‍රතිවාදියා වූ ඇන්ජලෝ පෙරේරා අද ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම යම් තරමකින් ගෞරවනීය තත්ත්වයකට ගෙන  ආවේය. ඔහු තම ඉනිම නිමා කරන විට පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 127ක් ලබා ගත්තේ ය.

අකිල යළිත් දස්කම් අතරට

අකිල ධනංජය යනු, අවසන් මාස 12කට අධික කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින මෙන්ම ටෙස්ට්…

ඔහුට අමතරව සම්මු අශාන් පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් (17), මනෝජ් සරත්චන්ද්‍ර (9), චාමික කරුණාරත්න (13), තරිඳු කෞෂාල් (0), මොහොමඩ් ශාරාස් (9) සහ ලසිත් ඇඹුල්දෙනිය (0*) ලකුණු ලබා ගත්හ. ශ්‍රී ලංකා පළමු ඉනිම තමන්ට වඩා අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී ජේම්ස් කැමරන් ලකුණු 99කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු ආරම්භ කළ ද ඔවුන් මෙම ඉනිමේ දී ද සාර්ථක වීමට අයර්ලන්ත ක්‍රීඩකයෝ ඉඩ දුන්නේ නැත. ඔවුන් පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 29කි.

අනතුරුව පැතුම් නිශ්ශංක හා එක් වූ මනෝජ් සරත්චන්ද්‍ර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගූහ. එම සබඳතාව නිමා වූයේ මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 47ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනි.

අසල්වැසි රටේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඛේදනීය ඉරණමක්

ඉන්දියාවේ දකුණු ගෝආහී මාර්ගාවෝ නගරය කේන්ද්‍රකර ගනිමින් සංවිධානය කර තිබූ …

ඊට අමතරව නායක අශාන් ප්‍රියංජන් (7) ද පළමු ඉනිමේ ශතකලාභී ඇන්ජලෝ පෙරේරා (19) ද තම ඉනිම් නිමා කර ගත් හ.

තරගය තෙවැනි දිනයට අවසන් කරන විට පැතුම් නිශ්ශංක සමඟ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 15ක් ලබා පිටියේ රැඳී සිටී.

අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 508 (138) ජේම්ස් මැකලම් 72, ස්ටෙපන් ඩොහෙනි 58, නීල් රොක් 85, ලෝර්කන් ටකර් 80, මාක් අදයිර් 32, ජොනතන් ගාර්ත් 45, ජේම්ස් කැමරන් නොදැවී 76, චාමික කරුණාරත්න 2/54

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 302 (73.2) අශාන් ප්‍රියංජන් 27, ඇන්ජලෝ පෙරේරා 127, සම්මු අශාන් 72,   ක්‍රේග් යංග් 3/76, ජේම්ස් කැමරන් 5/99, ජොනතන් ග්‍රාත් 2/55

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම  කඩුලු 4ක් දැවී 180 (45) පැතුම් නිශ්ශංක 92, මනෝජ් සරත්චන්ද්‍ර 28, කමිඳු මෙන්ඩිස් නොදැවී 15, ජොනතන් ග්‍රාතාත් 2/62

හෙට (16) තරගයේ අවසාන දිනයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<