කොදෙව් දේශයේ බලාපොරොත්තු සිමන්ස්ගේ පිත්ත උඩ රැඳෙයි!

77

ඉන්දු – කොදෙව් විස්සයි විස්ස තරගාවලියේ ජීවය තව දුරටත් ආරක්ෂා කරමින් අද (08) පැවති දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකිවිය. ඒ අනුව තරග දෙකක් නිමා වනවිට දෙපිළම තරග 1 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි. මේ නිසා තෙවැනි විස්සයි විස්ස තරගය දෙපිළටම අතිශයින්ම තීරණාත්මක වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට SAG රන් නූලෙන් මිස් වෙයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (8)…

පිතිකරුවන් සඳහා වැඩි සහයක් දක්වන සාම්ප්‍රදායික ඉන්දියානු තණතිල්ලක් අද තිරුවානන්තපුරම් හි සකස් කර තිබූ අතර ඒ මතදී කාසියේ වාසියට හිමිකම් කීමට කොදෙව් නායක කිරන් පොලාඩ්ට හැකිවිය. ඒ අනුව ලකුණු හඹා යාමට වැඩි රුචිකත්වයක් දක්වන ඉන්දියාවේ බලාපොරොත්තු සුන් කරමින් මුලින් පන්දුවට පහර දීමට තම ප්‍රතිවාදීන් යොමු කිරීමට ඔහු උපායශීලී තීරණයක් ගත්තේය.

කෙසේ නමුත් කවදත් ලකුණු අතර සිටින ඉන්දීය ක්‍රීඩකයින් අදත් කොදෙව් පන්දු යැවීම හමුවේ විපිළිසර වූයේ නැත. තමන්ට හිමිවුණු පන්දුවාර 20 ඔවුන් අවසන් කළේ කඩුලු 7කට ලකුණු 170ක් රැස් කරමිනි. එහිදී මේ දක්වා T20 තරග වලදී පමණක් අත්හදා බලා ඇති ශිවාම් ඩුබේ ලකුණු 54ක් රැස් කළේය. පන්දු 30ක් පමණක් වැයවුණු ඔහුගේ අංග සම්පූර්ණ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකාවෙන් එක් කෙනෙක් විතරක් පාකිස්තාන් ප්‍රිමියර් ලීගයට

2020 පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලාහෝර් ක්වාලෑන්ඩර්ස්……

මීට අමතරව පසුගිය කාලයේ කණ්ඩායමේ තම ස්ථානය පිලිබඳව ප්‍රේක්ෂකයින් අතර තිබූ දෙගිඩියාව දුරු කළ රිශාබ් පන්ට් වේගවත් ලකුණු 33ක් නොදැවී ලබා ගත්තේ පන්දු 22කට පමණක් මුහුණ දෙමිනි. ඒ අතරතුර ඔහු හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය. අද තම සුපුරුදු ලකුණු මැෂිම ක්‍රියාත්මක කර ගැනීමට අසමත් වූ විරාත් කෝලි දැවී ගියේ ලකුණු 19කටයි. පන්දු යැවීමේ දී හේඩන් වොල්ශ් සහ කෙස්රික් විලියම්ස් කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

විස්සයි විස්ස තරගයක ලකුණු 170ක් යනු අභියෝගාත්මක ඉලක්කයක් වුවද සාර්ථක ලකුණු සබඳතා 3ක් කොදෙව්වන් වෙනුවෙන් ජයග්‍රහණය තීරණය කිරීමට ප්‍රමාණවත් විය. එහිදී මෙම වෑයමට සාර්ථක අඩිතාලමක් දමා දුන්නේ ඉනිම ආරම්භ කළ ලෙන්ඩ්ල් සිමන්ස් සහ එවින් ලෙවිස් විසිනුයි. පන්දු 45කට මුහුණ දුන් සිමන්ස් අද නොදැවී ලකුණු 67ක් ලබා ගත්තේ හතරේ පහර සහ හයේ පහර 4 බැගින් එල්ල කරමිනි.

සුරංග ලක්මාල්ට පාකිස්තානු සංචාරය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන සුරංග ලක්මාල්ට මේ මස 11 වැනිදා …

ඔහු හා ලෙවිස් අතරේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 73ක් දක්වා වර්ධනය විය. තරමක් මන්දගාමීව නමුත් ස්ථාවරව පිත්ත හැසිරවූ එවින් ලෙවිස් ලකුණු 40ක් රැස් කළේ පන්දු 35කට මුහුණ දෙමිනි. ඉන් අනතුරුව අවසන් කොටසේ දී අවශ්‍ය ලකුණු වේගය සපුරා දීමේ වගකීම කරටගත් ශිම්රන් හෙට්මයර් පන්දු 14කින් ලකුණු 23කුත් නිකලස් පූරන් පන්දු 18කින් නොදැවී ලකුණු 38ක් ද රැස් කළහ.

මේ නිසාවෙන්ම තවත් පන්දු 9ක් ඉතිරිව තිබියදීම කඩුලු 8ක පහසු ජයක් හිමිකර ගැනීමට කොදෙව්වන්ට හැකිවිය. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ඉනිම අරඹමින් කොදෙව්වන් දෙසට තරගය හරවා දුන් ලෙන්ඩ්ල් සිමන්ස්ටයි. තරගාවලියේ ජයග්‍රහණය තීරණය වන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (11) මුම්බායි හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඉන්දියාව – කඩුලු 7ක් දැවී ලකුණු 170 (පන්දුවාර 20): ශිවාම් ඩුබේ 54, රිශාබ් පන්ට් 33*, විරාත් කෝලි 19, රෝහිත් ශර්මා 15, ලෝකේෂ් රාහුල් 11, හේඩන් වොල්ශ් 2/28, කෙස්රික් විලියම්ස් 2/30.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 2ක් දැවී ලකුණු 173 (පන්දුවාර 18.3): ලෙන්ඩ්ල් සිමන්ස් 67, එවින් ලෙවිස් 40, නිකලස් පූරන් 38*, ශිම්රන් හෙට්මයර් 23, රවීන්ද්‍ර ජඩේජා 1/22, වොෂින්ටන් සුන්දර් 1/26.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<