මාලිංගගේ වික්‍රමයෙන් උණුසුම් වුන සමාජ මාධ්‍ය

211

ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වැනි විස්සයි විස්ස තරගය ඊයේ (6) නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු ‍යවන්නා වන ලසිත් මාලිංග තම ප්‍රබලම දස්කම් දැක්වීමට සමත් වූයේ ලකුණු 6කට කඩුලු 5ක් දවා ගනිමිනි. එයට පිට පිට දවා ගත් කඩුලු 4ක් ඇතුළත් වූ අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ද ඔහු සමත් විය.  

මෙම කඩුලු ත්‍රිත්වය මාලිංග විස්සයි විස්ස තරගයක් තුල දවා ගත් දෙවන කඩුලු ත්‍රිත්වය වන අතර double hat-trick හෙවත් ද්විත්ව කඩුලු ත්‍රිත්වයන් දෙකක් ලබා ගත් ලොව එකම පන්දු ‍යවන්නා වීමට ද මාලිංග සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරය 2-1ක් ලෙස පරාජය විය. 

මාලිංගගේ ගිනිකෙළි අස්සෙන් ජයග්‍රහණයට පාර වැටේ

වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද යමක් කර පෙන්වන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග අද (6) නැවත…

ලසිත්ගේ මෙම දක්ෂතා සමාජ මාධ්‍ය තුල විශාල අවධානයක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දී ලකුණු 125ක් පමණක් ලබා ගත් නිසාවෙන් තරගය පිළිබඳව ජාත්‍යන්තර අවධානය ගිලිහී ගිය අතර මේ දිනවල පැවැත්වෙන අළුබඳුන තරගාවලිය සඳහා වැඩි අවධානයක් යොමුව තිබුණි. නමුත් මාලිංගගේ සුවිශේෂී පන්දු ‍යැවීම තරගයට ප්‍රබල අවධානයක් ලබා ගැනීමට සමත් විය. 

මාලිංග දවා ගත් කොලින් මුන්රෝගේ කඩුල්ල ඔහුගේ 100 වැනි විස්සයි විස්ස කඩුල්ල වන අතර එම දස්කම දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ද මාලිංග සමත් විය. ඒ සමඟින් ජාත්‍යන්තර මාධ්‍ය අවධානය තරගය කරා යොමු විය. 

මාලිංග එම වාර්තාව පිහිටුවා වැඩි කාලයක් ගත වීමටත් පෙර තම 101 වැනි කඩුල්ල දවා ගත් අතර 102 වැනි හා 103 වැනි කඩුලු ද එක පිට එක බිඳ වැටෙන්නට විය. මාලිංගගේ මේ වික්‍රමයන් ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රබල අවධානයට යොමු විය. එහි සුවිශේෂී අවස්ථාවන් කීපයක් පහත දැක්වේ. 

ඒ අතරින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල ට්විටර් පණිවිඩයකින් උදව් ඉල්ලා තිබීම බොහෝදෙනාගේ අවධානයට යොමුව තිබුණි. 

තවත් ට්වීටර් පණිවිඩ කීපයක් පහත දැක්වේ

අවසානයේ මාලිංග ද මෙසේ ට්විටර් පණිවිඩයක් තබා තිබුණි.

ශ්‍රී ලංකාව බිහි කළ ලොව විශිෂ්ටම වේගපන්දු යවන්නාගේ මෙම දක්ෂතා පිළිබඳව ThePapare.com අප ද උණුසුම් සුබ පැතුම් එක්කරන්නෙමු. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<