සචිත් ආබාධයකට; හැව්ලොක් Wing ක්‍රීඩකයෙක් සංචිතයට

290

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු වටය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතය පසුගිය සතියේ නම් කර තිබුණි. නමුත් එම සංචිතයට වෙනසක් එකතු කරමින්, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ Wing ක්‍රීඩක නවීන් හෙනකන්කානමගේ සංචිතය සඳහා කැඳවා ඇත. ඒ පොලිස් ක්‍රීඩා සමාජයේ සචිත් සිල්වා පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන්.

නවකයින් 4ක් ජාතික රග්බි සංචිතයට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු ……….

අගෝස්තු මස 31 වැනිදා දකුණු කොරියාවේ දී ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය හෙට (28) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. 

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වන නව සංචිතය –

දනුෂ් දයාන් (මහනුවර), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර), ජේසන් දිසානායක (මහනුවර), තිළිණ විජේසිංහ (මහනුවර), රීසා රෆයිඩීන් (CR&FC), දිනුක් අමරසිංහ (CR&FC), ජනිදු ඩිල්ශාන් (CR&FC), අනුරාධ හේරත් (CH&FC), නිශොන් පෙරේරා (CH&FC), නවීන් හෙනකන්කානමගේ (හැව්ලොක්), සුධාරක දික්කුඹුර (යුද හමුදා), කෙවින් ඩික්සන් (CR&FC)

ශ්‍රී ලංකාව සහභාගී වන තරග කාලසටහන – 

 අගෝස්තු 31

දිනය තරගය ස්ථානය ශ්‍රී ලංකා වෙලාව
අගෝ 31  ශ්‍රී ලංකාව v චීනය  ඉන්චන් පෙ.ව11.12
අගෝ 31  ශ්‍රී ලංකාව v ජපානය ඉන්චන් ප.ව 2.30
අගෝ 31  ශ්‍රී ලංකා කාන්තා v හොං කොං කාන්තා ඉන්චන් පෙ.ව 9.44
අගෝ 31  ශ්‍රී ලංකා කාන්තා v මැලේසියා කාන්තා ඉන්චන් ප.ව 12.40

සැප්තැම්බර් 1

දිනය තරගය ස්ථානය ශ්‍රී ලංකා වෙලාව
සැප් 1 ශ්‍රී ලංකාව v එක්සත් අරාබි රාජ්‍යය ඉන්චන් පෙ.ව 8.42
අගෝ 31 ශ්‍රී ලංකා කාන්තා v ජපාන කාන්තා ඉන්චන් පෙ.ව 7.36

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<